දිවා විවේකයේදී කෑම නුදුන්නැයි බහින්බස් වීමකින් පසුව සිසුවියකට සපත්තුවෙන් ගැසූ සිසුවෙක් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්රහර්ෂා රණසිංහ මහත්මිය නියෝග කළාය.
දෙහිවල පාසලක අට වසරේ 14 හැවිරිදි සිසුවියකගේ පාදයකට ඒ වන විට සැත්කම් පහක් කර ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
සිසුවිය ජූනි 14 වැනිදා සිට වරින් වර කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද පොලිසිය උසාවියට දැන්වීය.
පාසලක සිද්ධියක් නිසා නඩුව සමථ මණ්ඩලයට යොමු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය පොලිසියට උපදෙස් දුන්නාය.
2025 දෙසැම්බර් මස 18
580
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1087
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෑම නුදුන්නැයි සිසුවියට සපත්තු පහරක්
පිටිගල Sunday, 15 September 2013 09:11 PM
ප්‍රාදේශීය සභාවකට ඡන්දෙ ඉල්ලන්න පුතේ. ඉස්කෝලේ යන්න ඕන නැහැ. උඩින්ම දිනයි.(නදී)
තිලක් Sunday, 15 September 2013 09:39 PM
උදේ ඉඳල රෑ වෙනතුරු පාඩම් පාඩම් කියල අධික පීඩනයකට දරුවන් ලක් කෙරෙන අධ්‍යාපනය නැවැත්තුවේ නැත්නම් මේ ටියුෂන් ක්‍රමය අතුගා දැම්මේ නැත්නම් දරු පරපුර මීට වඩා නපුරු වීම වලක්වන්න බෑ. දැනටමත් සමාජයේ බොහෝ තැන්වලින් මෙය ප්‍රකාශ වෙමින් තියෙනවා. රටක් ජාතියක් හැටියට මෙය ගැන සිතා බැලිය යුතුයි. අපි සමාජයේ ජීවත් වෙන්න ඉගෙන ගන්නේ ළමා කාලයේමයි. මෙය අද දරුවන්ගෙන් බොහෝ ප්‍රදර්ශනය වෙන ලක්ෂණයක්.(නදී)
අරවින්ද Monday, 16 September 2013 03:06 PM
ප්‍රාදේශීය සභාවකට සුදුසුකම් තියෙනවා.ඔය ගමන්ම ගුරුවරියක් දණ ගැස්සුවා නම් ළඟ එන පළාත් සභාවට ඉල්ලන්න සුදුසුකම් ප්‍රමාණවත්. (ස)
දර්ශන Sunday, 15 September 2013 05:09 PM
අනාගත මන්ත්‍රීවරයෙක්. මානසික රෝගියෙක්.(නදී)
ධම්ම Sunday, 15 September 2013 05:13 PM
සිසුවාගේ පවුල් පරිසරය ගැන හිතාගන්න පුළුවන්.(නදී)
මර්සි ලංකා Monday, 16 September 2013 01:20 AM
මෙම සිසුවා අනාගත ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරයකු වනවාට සැකයක් නැහැ. මෙම සිසුවා වහාම මානසික රෝහලකට දමා මනස පරික්ෂා කළ යුතුයි, අනාගත කරදර වලින් මිදීමට නම් (නි)
දුම්මලසූරිය Sunday, 15 September 2013 05:55 PM
බඩගිනි උනාම බල්ලෝ හරි සැරයි. ඒත් මේ පුංච් දරුවා මේ තරම් සැර වෙන්න හේතුව මොකක් විය හැකිද? අර ගැහැණු දරුවා මේ ළමයාගේ කෑම එක උදුරගනවත්ද?(නදී)
ශ්‍රීලාල් Monday, 16 September 2013 03:31 AM
ටිකක් පැහැදිලි මදි. කෑම ඉල්ලන්න පාසල් වලට එන්නේ ඇයි? (නි)
සත්‍යා Sunday, 15 September 2013 06:12 PM
ඔය තියන්නේ අද රටේ නියම තත්වය. ඕක තමා තිත්ත ඇත්ත.(නදී)
තබුක් සිල්වා Sunday, 15 September 2013 06:24 PM
ඔය වයසට ඔහොම තමයි. හොස්ස ලගින් මැස්සෙක් ගියත් කොක්කම තමයි. (නදී)
ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 15 September 2013 06:44 PM
අනුන්ගේ කෑම වලට පෙරේත වන්නේ තමුන් දැන ගන්න ඕනෑ කෑම වේල අරගෙන එන්න. ඇයි පිරිමි යහළුවෝ නැද්ද කෑම ඉල්ලන්න? සමත මණ්ඩල වලට යොමු කරන්න එපා. මෙයාල ලොකු වෙනකොට තව තව දේවල් කරයි. ඒ නිසා හොඳ දඩුවමක් දෙන්න. (නි)
ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 15 September 2013 06:44 PM
අනුන්ගේ කෑම වලට පෙරේත වන්නේ තමුන් දැන ගන්න ඕනේ කෑම වේල අරන් එන්න. ඇයි පිරිමි යහළුවෝ නැද්ද කෑම ඉල්ලන්න? සමත මණ්ඩල වලට යොමු කරන්න එපා මෙයාල ලොකු වෙනකොට තව තව දේවල් කරයි. ඒ නිසා හොඳ දඩුවමක් දෙන්න.(නදී)
පිටබැද්දර ජයා Monday, 16 September 2013 07:09 AM
එතකොට අර දුක් විඳින අහිංසක ළමයට මොකද වෙන්නේ වන්දියක්වත් ගෙවනවද ?(නදී)
රොෂාන් Sunday, 15 September 2013 06:52 PM
සිසුවාගේ පාදයටත් එසේ විය යුතුයි (නි)
අමිල කටුනායක Monday, 16 September 2013 07:35 AM
ඇයි සිසුවියගෙන් කෑම ඉල්ලුවේ? ගෙදර අය සළකන්නේ නැද්ද? (නි)
ට්‍රියෝනි සෙනවිරත්න Sunday, 15 September 2013 07:04 PM
තාත්තා ඇමති කෙනෙක්ද දන්නේ නැහැ. දැඩි දඩුවම් දිය යුතුයි. මේවාට විරුද්ධව කාන්තා සංවිදාන ඉදිරිපත් විය යුතුය. නැත්නම් බලය යොදාගෙන බේරෙයි.(නදී)
ජසීම් Sunday, 15 September 2013 07:41 PM
දැම්මම හදන්න ඕනෑ දරුවෝ ටික. නැත්නම් මොනවා වෙයිද දන්නේ නැහැ (නි)
බන්දුල පෙරේරා Monday, 16 September 2013 09:06 AM
කවුද අනේ මේ සත්‍යා..පාසලක ඝමයි දෙන්නෙක් ගහ ගත්තත් මෙයාට ඒක පේන්නේ රටේ වැරද්දක් හැටියට...හරි හරි ඔය මහත්තයා කියන විදියට රට හදන්න පුළුවන් කට්ටියක් ඉක්මනට බලේට ගෙන්නකෝ.වැලිවේරියේ මිනිස්සු අතුරුදන් කරලා මල මිනී උතුරට පා කරවපු අසත්‍යම දෙසන සත්‍යා කවදා සත්‍යය දකීවිද.. (ස)
අනුර - නාවලපිටිය Monday, 16 September 2013 09:07 AM
කවුරු හරි නෑදෑයෙක් ඇති ප්‍රාදේශීය සභාවක. නැතිනම් එකම පාසලේ අර ළමයට සැත්කම් පහක් කරන්න ගැහුවේ. (ස)
සදුනි Sunday, 15 September 2013 08:27 PM
දර්ශන, මට නම් සැකයි මේ ළමය ප්‍රාදේශීය සභා සභාපති කෙනෙක්ගේ පුතෙක් වත්ද කියලා.(නදී)
ආනන්ද Monday, 16 September 2013 09:14 AM
ලක්ෂයක් අරන් මුදා හරින්න නෙවේ කෝටියක් දීලා නාමයෝජනා දෙමු. උඩටම එන්න බැරි වෙයි වගේ නම් සපත්තු දන්සැලකුත් දෙමු. (ස)