IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෑම ගන්න ගිය කොස්තාපල්ට පහරදීලා

(සුමිත් පොතුපිටිය )

කෑම පාර්සලයක් මිළදී ගැනීම සදහා රාත්‍රියේදී කළුතර උතුර ප්‍රදේශයේ  හෝටලයකට ගිය පයාගල පොලිසියේ කොස්තාපල් වරයෙකුට ත්‍රීරෝද රථයක සිටී පිරිසක් පහරදී ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ පහරකැමට ලක්ව ඇත්තේ පයාගල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ රාජකාරි කරන කොස්තාපල් වරයෙකු බව සදහන් වේ.

පහරකෑමට ලක්වූ පුද්ගලයා පොලිස් කොස්තාපල්වරයා මීට පෙර  කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රාජකාරි කර ඇති බවත්, එම කාලය තුලදී ඇතිකර ගෙන ඇති තරගක් හේතුවෙන් පහරදීම සිදුකර ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇතැයි කීය.

පැමිණිලිකාර කොස්තාපල්වරයා කළුතර කිතුලාව ප්‍රදේශයේ සිය හිතවතෙකුගේ නිවසකට පැමිණ සිටියදී රාත්‍රි ආහාර පාර්සලයක් ලබාගැනීම සදහා  අවන්හලට පැමිණ සිටියදී ඒ ත්‍රීරෝද රථයක සිටී පිරිසක් පහරදීම සිදුකර ඇති බව සදහන් වේ.

 



අදහස් (3)

කෑම ගන්න ගිය කොස්තාපල්ට පහරදීලා

චින්තක Friday, 13 October 2023 10:10 AM

හිතවතෙකුගේ නිවසට පැමිණ කෑම පාර්සලයක් ගන්න අවන්හලකට ගියා... එහි සිටි පිරිසක් ගැහුවා.

:       1       3

ගංගානන්ද Friday, 13 October 2023 01:48 PM

මරු හිතවතා. ගෙදරට ආපු මිනිහෙකුට කෑම ටිකක්වත් දෙන්නේ නැති හිතවත්තු. දැන් මිනිස්සුන්ගේ අග හිඟකෑම වැඩියි. කෑම ටිකක්වත් දෙන්න අමාරු ඇති. ත්‍රීවීල් කොල්ලන්ටත් හොඳ කෑමක් ලැබෙයි...!

:       1       12

Weerasumana Saturday, 14 October 2023 10:25 AM

ත්‍රීවිල් රියදුරුට කියන්න ඇති නොමිලේ යාලුවගේ ගෙදරට ගෙනිහින් දමාගෙන කියලා බත් පැකට් එකත් නොමිලේ ගන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site