IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කමිසය වැඩි ගණනක් නෑ

බ්‍රිතාන්‍යයේ අති සුඛෝපබෝගී කමිස නිපදවන ‘බර්බෙරි‘ කමිස ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපානඥයන් අඳින බව ලන්ඩන් ආරංචි කියයි.

තරුණ දේශපාලනඥයකු මෑතදී බර්බෙරි කමිසයක් ඇඳගෙන රූපවාහිනී සාකච්ඡාවකට එක්වූ බව කියති. එම කමිසයේ මිල ඩොලර් 344 ක් (ශ්‍රී ලංකා රුපියල් 48000ක්) පමණ වේ. 

 



අදහස් (0)

කමිසය වැඩි ගණනක් නෑ

ඇන්ටන් Monday, 12 October 2015 05:53 PM

කාටද ආඩම්බර? (නි)

:       0       0

ලක්ෂිත පැරිසිය Sunday, 11 October 2015 09:23 AM

ලංකාවේ දියුණුව නේ ...(බ)

:       0       0

ඉමේෂ් Monday, 12 October 2015 01:54 AM

අයියෝ! ඕවා නම් මොනවද අනේ? (නි)

:       0       0

සෙන්සා Monday, 12 October 2015 03:53 AM

දියුණු රටක නම් තම කැමැත්තට ඔිනෑම සුඛෝපභෝගී දෙයක් පරිහරණය කරන එක ගැටලුවක් නොවේ. හේතුව ඒ මිනිස්සු අඳින්නේ තමන් උපයපු දේ වලින්. නමුත් අපේ එවුන් උජාරුවට නැති නාස්ති කරන්නේ මහජනතාව හූරලා ගන්න සල්ලි වලින්නේ. (ස)

:       0       0

අසිංශ Sunday, 11 October 2015 02:12 PM

48000 දාහේ කමිසයක් ගන්න පුළුවන් ගොඩක් දෙනාට (බ)

:       0       0

ඩෙන්සිල් Sunday, 11 October 2015 02:28 PM

මෙයා ඉස්සර හරිම විප්ලවකාරය. වටිනා ජංගම දුරකථන හිමිකරුවෙක්. (බ)

:       0       0

දහම් Monday, 12 October 2015 05:52 AM

අන් අයගේ සැපතට ඊර්ෂියා නොකරනු. ලබන සැරෙත් හොරුන්ව යවමු. ජයවේවා ලක් මවුණි (බ)

:       0       0

සුසන්ත Sunday, 11 October 2015 04:58 PM

මමත් අඳිනවා ඒ ජාතියේ ඒවා .... (නි)

:       0       0

ගෞරියෙල් Sunday, 11 October 2015 05:29 PM

දුප්පත් මිනිස්සු හැමදාම කබලෙන් ළිපට! (නි)

:       0       0

සමීර Monday, 12 October 2015 06:14 AM

අපිට බැරි බැරි වුනාට ඒගොල්ලන්ට බර්බේරී (බ)

:       0       0

ඉසුරන්දි Monday, 12 October 2015 06:38 AM

අනේ මේවත් ප්‍රශ්නද අප්පා.පෙට්ටගම් වල සල්ලි පුස්කකා පොදි ගහගන්නවට වැඩිය කාල බිලා ඇඳල සැපසේ ජිවත් වෙලා මැරුණත් මොකද? (ස)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Sunday, 11 October 2015 06:09 PM

ඉතින් ඒ අයට අඳින්න පුළුවන් නම් අපිට මොකෝ?දේශපාලනඥයකු කියන්නේ සල්ලිකාරයෙක්නේ. හොඳ වැටුපක් ලැබෙන කෙනෙක් අධික මිල ඇඳුමක් ඇඳලා රූපවාහිනී සාකච්ඡාවට එක්වුණේ රටේ සෞභාග්‍යය පෙන්වන්න වෙන්න ඇති. නැත්නම් උජාරුවට වෙන්න ඇති. තව තවත් මෙවැනි සම්පත් ලබාගැනීම සඳහා මෙවැනි අය මැති සබයට යවමු. (නි)

:       0       0

නලින් Tuesday, 13 October 2015 05:32 AM

මම නම් කියන්නේ මේ අය මේ දේවල් ගන්න ඕනේ. එතකොට තමයි ළඟ තියෙන සල්ලි සංසරණය වෙන්නේ. ගන්නේ නැතුව හිටිය කියල කාටවත් නිකන් දෙන්නේ නෑනේ. ගත්තහම ෂර්ට් ගේන අය, විකුණන අය, කස්ටම් ඩියුටි, වගේ දේවල් වලටත් බෙදෙනවානේ. තියන නිසානේ ගන්නේ. වැඩි වැඩියෙන් ගන්න කියන්න. (බ)

:       0       0

වසන්ත Monday, 12 October 2015 06:50 AM

ලංකාවේ ඕවා ගන්ඩ තියෙන්නේ මොන කඩේද. (ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 12 October 2015 12:43 AM

කොයි කාගේත් කෙරුවාව ඔහොම තමයි. දුප්පතා හැමදාමත් දුකේ! (නි)

:       0       0

නයන Monday, 12 October 2015 12:47 AM

ලංකාවේ රෙදිපිළි කඩ වලින් ඕනෑම ජාත්‍යන්තර බ්‍රෑන්ඩ් එකක් ගන්න පුළුවන්. ලංකාවේ ගාමන්ට් වලින් ඕනෑතරම් ලේබල් එළියට යනවා. ඒ වුණත් ඒවා ඔර්ජිනල් නෙමෙයි. පිටරට ඉන්න අය හිතන්නේ, මේ හුඟක් ගණන් බ්‍රෑන්ඩ් කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 395 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site