IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


කොමිෂන් දෙකක් පත් කරයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මැතිවරණ කොමිසමට (EC) සහ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRC) සඳහා සාමාජිකයන් පත්කර ඇත. 

මානව හිමිකම් කොමිසමේ සභාපති ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය මහතා පත් කර ඇති අතර එහි සෙසු සමාජිකයන් ලෙස  නිමලසේන ගාර්දිය පුංදිහේවා, තයියමුත්තු තනරාජ්, මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනීෆා, සහ ආචාර්ය ගෙහාන් දිනුක් ගුණතිලක යන මහත්ම මහත්මීන් පත් කර තිබේ. 

එමෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලෙස හිටපු අතිරේක මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයකු වන ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පත් කර තිබෙන අතර, එම්.ඒ.පත්මසිරි චන්ද්‍රවංශ පෙරේරා සහ අමීර් මොහොමඩ් ෆායිස් යන මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.

අදාල ක්ෂේත්‍රවල අත්දැකීම් සහ ප්‍රවීණතාවයන් ඇති පුද්ගලයින් මේ සඳහා පත්කරනු ලැබ ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.



අදහස් (9)

කොමිෂන් දෙකක් පත් කරයි

චමින්ද Thursday, 29 June 2023 12:38 PM

ඉතාමත් හොදයි මොකද ඒ ඒ අංශවල දැනුමක් තියෙන අයගෙන් පත්කර තියෙනවා ඒ වගේම සෑම වැදගත් තැනක් සදහාත් එහෙම කලොත් ඉතාමත් හොදයි

:       4       15

ලුම්බිණි Thursday, 29 June 2023 12:43 PM

පත් කරන්න, තව තව පත් කරන්න.

:       4       14

nimal Thursday, 29 June 2023 01:33 PM

ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට පත් කළද මේ වසරේ මැතිවරණ හෝ දේශපාලන වෙනස්කම් සිදු නොවන බව පැවසේ, ජනාධිපතිවරයාගේ කාලය අවසන් වනතුරු එතුමා විසින් ආරම්භකළ වැඩකටයුතු ඉදිරියට කරගෙන යාමට පක්ෂ විපක්ෂ ඔහුට සහයෝගය ලබාදිය යුතුවේ. ඉදිරි ජාතික මැතිවරණයකදී රටට දේශපාලන වෙනසක් ලබාදීමට රටේ පුරවැසියන්ට අවස්ථාවක් ලබාදිය යුතුවේ. මාරුවෙන් මාරුවට පක්ෂ විපක්ෂ රට පාලනය කළ දේශපාලන ක්‍රමය වෙනස් විය යුතුද වේ.

:       0       0

C.K.Lankaputhra Thursday, 29 June 2023 01:40 PM

කොමිසන් කොමිසන් කොමිසන්...! ඕවායින් අපිට සිදුවන යහපත මොකක්ද? ඕවාට පත්කරන්නේම දේශපාලන හෙන්චයියන්. ඔවුන් කරන්නේ පත්කරපු කෙනාට ඕනෑ දේ මිසක් මහජනයාගේ සුබසිද්ධියට අදාල වන දේවල් නෙවෙයි...

:       0       0

Jagath Wickramasekara Thursday, 29 June 2023 02:21 PM

හොඳ වැඩක්...

:       0       1

swene Thursday, 29 June 2023 03:53 PM

පුංචිහේවාට ඡන්ද නොපැවැත්වීමේ ශිල්පය පිළිබඳ මනා පරිචයක් ඇත.

:       0       0

බද්රානි Thursday, 29 June 2023 04:18 PM

මොනවා වුණත් කොමිසම් පත් කිරීම අතින් නම්, ලංකාවේ ජනාධිපතිලා ලෝකයෙන්ම කප් එක උස්සලයි තියෙන්නේ... කාටද ආඩම්බර..?

:       0       0

G. K. Ekanayake Thursday, 29 June 2023 08:48 PM

ප්‍රවීණතාව මොකක් වුණත් කොමිෂන් සභා දෙකම ජනපතිටයි, ආණ්ඩුවටයි කඩේනම් යයි. අහෝ ! පුංචිහේවා? තියපු මැතිවරණයකුත් නෑ. මිනිස්සු දන්නෙත් නෑ.

:       0       0

Kumara Thursday, 29 June 2023 09:22 PM

මෙයාලට දැන් හොඳටම තද වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17877 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10690 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 47 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site