
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
පරාජයෙන් පසු වොෂින්ටන් අගනුවර හාවඩ් විශ්ව විද්‍යාලයේ දී ඩිමොක්‍රටික් පක්ෂ ආධාරකරුවන් හමුවේ පෙනී සිටිමින්, ඇය ජාතිය ඇමතීමක් ද කළාය. එම අවස්ථාවේදී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් නොසතුටට පළ කළ හැරිස්, අවධාරණය කළේ සාමකාමී අයුරින් ට්‍රම්ප් සමඟ සුහඳ බල හුවමාරුවකට සූදානම් බවය.
ජනාධිපතිවරණයේ ප්‍රතිඵල තමන් පිළිගන්නා නමුත්, ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සහ රටේ නීතිය වෙනුවෙන් දිගටම සටන් කරන බව ද හැරිස් අවධාරණය කළාය.
මැතිවරණ රැළිවලදී හැරිස්, ඩොනල්ඩ් ට්‍රම්ප් විවේචනය කරමින් පැවැසුවේ, ට්‍රම්ප් යළි ඇමෙරිකාවේ ජනාධිපති වුවහොත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත්වනු ඇති බවය.
60 හැවිරිදි හැරිස්, ජනපති සටනට එක් වූයේ, ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපතිවරණ සටනින් ඉවත් වුණු බැවිනි. බයිඩන් එසේ කළේ, ඔහුගේ වයස ඔහුට බාධාවක් වූ බැවිනි.
ජනාධිපති බයිඩන්, ට්‍රම්ප්ට සුබ පතමින්, ධවල මන්දිරයේ හමුවකට පැමිණෙන්නැයි ඇරැයුම් කර ඇත. ජනාධිපති ධුරයට පත්වුණු ට්‍රම්ප්ගේ ජය තහවුරු කිරීම සහ ඔහු 47 වැනි ජනාධිපති ලෙස දිවුරුම් දීම සිදුවන්නේ ලබන වසරේ ජනවාරියේ මාසයේය.
2025 ඔක්තෝබර් මස 08
1506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1340
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
477
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කමලා හැරිස් පරාජය බාරගනී