IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කුමාර් ගුණරත්නම්ගේ නමත් පෙරටුගාමී ලැයිස්තුවේ

පෙරටුගාමී සමාජයවාදී පක්ෂයේ ජාතික ලැයිස්තුවේ පළමු නම ලෙස සඳහන් කැර ඇත්තේ එහි දේශපාලන මණ්ඩල සභික ප්‍රෙමකුමාර් ගුණරත්නම් හෙවත් කුමාර් ගුණරත්නම්ගේ නමය.

වීසා කාලය ඉක්මවා සහ වීසා කොන්දේසි කඩ කරමින් ලංකාවේ රැඳී සිටින්නේයැයි කියමින් කුමාර් පිටුවහල් කිරීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔහු සොයා විමර්ශන ඇරැඹුවත් සොයා ගත නොහැකි විය.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ලංකාවට පැමිණ සිටි ගුණරත්නම් අතුරුදන් වූ අතර පසුව දෙමටගොඩ මහ මඟ දමා ගොස් සිටිය දී හමු විය. තමා පැහැරගත්තේ ආරක්ෂක අංශයකින් බව කුමාර් කීවේය.

වීසා කාලය ඉක්මවා රැඳී සිටි ඔහු ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයයේ ආරක්ෂාව ඇතිව පිටුවල් කැරිණි. ඔහුට දඩද නියම විය.

පසුගිය ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ පසු ඔහු වෙනුවෙන් පෙරටුගාමී පක්ෂය එම දඩය ගෙවූ අතර කුමාර් ලංකාවට ආවේය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කියනුයේ කුමාර් ලංකාවෙන් ගියේ එකළ ලංකාවේ පැවැති දේශපාලන වටපිටාව මත බැවින් ඔහුට මෙරට දේශපාලනය කිරීමට අයිතියක් ඇති බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික ලැයිස්තුව මෙසේය...

national-list-1 national-list-2



අදහස් (0)

කුමාර් ගුණරත්නම්ගේ නමත් පෙරටුගාමී ලැයිස්තුවේ

දුලාන් Tuesday, 14 July 2015 06:13 AM

කිසිම බඩ රස්සාවක් නැති දේශපාලනය පමණක් වෘත්තීය කරගත් උදවිය ඉතින් අන්තිමේ ඒකෙ පිහිටෙන්ම තමයි ගොඩ එන්නේ. තවමත් සිදු වෙන්නේ පොලේ එළවලු විකුණලා හරි ආදායමක් තිබෙන කෙනෙකුට නාම යෝජනා නොදී නිකමුන්ට නොමිනේෂන් දෙන එක . (ර)

:       0       0

ගාමිණි Tuesday, 14 July 2015 06:27 AM

මහින්ද මහතාගේ ගමනට සහය දෙමු, සුබ අනාගතයක් රටට ගොඩ නගමු. (ම)

:       0       0

සඳුන් Tuesday, 14 July 2015 12:02 PM

මොහු ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අත් හැරලද? නැත්නම් ලංකාවේ ඡන්දෙ ඉල්ලන්න බෑ.(නදී)

:       0       0

ඇසළ Tuesday, 14 July 2015 06:39 AM

පිස්සෝ නැතිවට මේ නියම පිස්සෝ හොදයි.(හේ)

:       0       0

ගුණසේකර Tuesday, 14 July 2015 06:59 AM

කතාව නිකම් මහාචාර්යවරු වගේ බලන්න මහින්ද මහත්තයාගේ ජාතික ලැයිස්තුවේ අද්‍යාපන සුදුසුකම්..... (ම)

:       0       0

රාමා Tuesday, 14 July 2015 09:07 AM

මෙයාලගේ ලිස්ට් එක ඩිග්රි කාරයෝ කිව්වට ජාතික ලැයිස්තුව නම් ගන්න දෙයක් නෑ (බ)

:       0       0

ප්‍රකාශ් Tuesday, 14 July 2015 09:25 AM

මෙයාව වහාම පිටුවහල් කරනු. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site