මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ ජිනීවා වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන ප‍්‍රතිචාරය දිරිගන්වන සුලු බව එක්සත් ජාතින්ගේ මහ ලේකම් බෑන් කී මූන් සඳහන් කරයි.
ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පෙරේදා(17) දෛනික මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මහලේකම්වරයා මේ බව සඳහන් කර සිටි බව ඒ.ඒ.පී පුවත් සේවය වාර්තා කර සිටී.
බැන් කී මූන් පෙන්වා දුන්නේ අදාළ වාර්තාවට ශ්‍රී ලංකා රජය දැක්වූ ප‍්‍රතිචාර මෙන්ම ඒ සඳහා පළ කර ඇති කැපවීම අතිශය ප‍්‍රශංසනීය බවය.විශේෂයෙන්ම අර්ථවත් ක‍්‍රියාවලියක් සඳහා සියලූ පාර්ශවයන්ගේ අදහස් විමසීමට රජය කටයුතු කිරීම අගය කළ යුතු බවද හෙතෙම ප‍්‍රකාශ කොට ඇත.
එමෙන්ම ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව විශ්වසනීයත්වයකින් යුතු සැබෑ වගවීමේ සහ සංහිඳියා ක‍්‍රියාවලියක් ශ්‍රී ලංකා රජය විසින් ක‍්‍රියාවට නංවනු ඇති බවට තමා අපේක්ෂා කරන බවය.
වාර්තාවේ දක්වා ඇති නිර්දේශ මඟින් දිගුකාලීන සාමයක් සහ ස්ථාවරයක් පවත්වා ගෙන යාමට, මානව හිමිකම් වලට ගරු කිරීමට, වගවීමේ ක‍්‍රියාවලියට සහ ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට උපකාරී වනු ඇති බවද එක්සත් ජාතීන් ගේ මහලේකම්වරයා කියා සීටී. ජාත්‍යන්තර ප‍්‍රජාවගේ සහාය ලැබී ඇති අවස්ථාවක පවතින ධනාත්මක තත්ත්වය ඉදිරියට ගෙන කටයුතු කරන්නැයි හෙතෙම ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් මහතා විසින් ඉදිරිපත් කළ පිටු 300 කින් සමන්විත වාර්තාව මඟින් මෙරට තුළ මිශ‍්‍ර අධිකරණයක් පිහිටුවීම ඇතුළු නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබිණි. ඊට පිළිතුරු දුන් ශ්‍රී ලංකා රජය දේශීය යාන්ත‍්‍රණයක් ලබන ජනවාරියේ සිට මාස 18 ක සිට ක‍්‍රියාත්මක කරන බව කීය.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුමාරයාගේ වාර්තාවට ලංකා ප්‍රතිචාර හොඳයි
ද සිල්වා බර්ලින් Saturday, 19 September 2015 12:30 AM
සෞදි අරාබියේ මානව හිමිකම් තත්ත්වය ගැන කුමාරයා මොකද කියන්නේ? (නි)
ඉන්දික Saturday, 19 September 2015 01:25 AM
ද සිල්වා, මේකට අදහස් දාන කෙනෙක් කියන විදියට නම් මැදපෙරදිග අනිත් රටවල් වලට වඩා හොඳයි (නි)
සිම්සන් Friday, 18 September 2015 03:14 PM
සීනි බොලේ වගේ මුන්ගේ ආදරේ. ඔයාල මේවට අහුවෙන්න එපා. හොඳට අතගාලා වෙලාවට ඔලුව පැලෙන්න එකක් දෙයි. (බ)
මොහොමඩ් Saturday, 19 September 2015 04:42 AM
ඉන්දික එක ඇත්ත මැදපෙරදිග හොදයි අනිත් රටවල් වලට වඩා (අ)
ටේෂන් Friday, 18 September 2015 03:36 PM
ඔය කුමාරයව යවන්න බැරිද ඇෆ්ගන්ස්තන්, පාකිස්තාන් වාගේ වැඩ බලාගන්න (අ)
දුමින්ද Saturday, 19 September 2015 05:08 AM
රාජ්‍ය තාන්ත්‍රික හැකියාව ගැන පරීක්ෂණයක් (ම)
අශාන් Friday, 18 September 2015 06:08 PM
හැම අභියෝගයක්ම ජයගත් එකේ අපිට මේකත් අමාරුවෙන එකක් නැහැ (නි)
ෆර්සාන් Friday, 18 September 2015 09:33 PM
ටේෂන්, ඔයාට පිස්සුද? හිතුවද ලංකාව වගේ සාමකාමී රටවල් කියලා (නි)