IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කුමාර්ගේ වංහුං ඕස්ට්‍රේලියාවට

පෞද්ගලික හේතු නිසා හෝ රජය අසීරුවට පත්කිරීම සඳහා පුද්ගලයකු ප්‍රජාවගෙන් ඉවත් වී සිටීමට තීරණය කළ විට රජය නිකරුණේ ලෝකාපවාදයට පත් කිරීම සඳහා හිතා මතාම එය පැහැර ගැනීමකියි හුවාදක්වමින් ආවේග, හිතලු හා ආක්‍රෝෂ මත රජයට ඇඟිල්ල දිගු නොකරන්නැයි විදේශ අමාත්‍යංශය නිවේදනයකින් කියයි. ප්‍රේමකුමාර් ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැර ගත්තැයි කියන සිද්ධි ගැන රජය තානාපති කාර්යාලවලට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා සෙසු අන්තර් ජාතික සංවිධානවලට ද මේ නිවේදනය යවා ඇත. වන්නිනායක මුදියන්සේලාගේ දස්කොන් යනුවෙන් විවාහ සහතිකයේ ද, රත්නායක මුදියන්සේලාගේ දයාලාල් යනුවෙන් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ද, නොයෙල් මුදලිගේ යනුවෙන් ඕස්ට්‍රේලියා ගමන් බලපත්‍රයේ ද, සඳහන් ප්‍රේමකුමාර් ගුණරත්නම් යළි මතුවීමෙන් පසුව රටින් පිටුවහල් කළ බව ද අමාත්‍යංශය කියයි. වීසා අහෝසි වී පස් මාසයක් අනවසරයෙන් රැඳීසිටි ඔහු ශ්‍රී ලංකාවේ ආගමන විගමන නීති උල්ලංඝනය කැර ඇතැයි ද ඔහු ද, දිමුතු ආටිගල ද පැහැරගත් බවට පැමිණිලි බොහෝ පමාවී පොලිසියට කැර ඇතැයි ද, එම නිවේදනය කියයි. ගුණරත්නම්ගේ ඉතිහාසය පිළිබඳ කරුණුකාරණා ඕස්ට්‍රේලියා මහා කොමසාරිස් කාර්යාලයයට දන්වා යවන බව ද, මේ තොරතුරු සොයාගැනුණේ ගුණරත්නම්ගෙන් හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ගෙන් පොලිසිය දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව බව ද එම නිවේදනය සඳහන් කරයි. ඔහු කරන  කියන දෑ ගැන විශ්වාසය තැබිය හැකි ද යන්න ගැන ඉන් ප්‍රශ්න මතුවෙතියි ද එහි දැක්වේ. ගුණරත්නම් හා දිමුතු ආටිගල පැහැරගත්තැයි කියන කතාවේ බැලූ බැල්මට කැපී පෙනෙන පරස්පර ඇතැයි ද මෙවැනි වගකීමක් නැති දුෂ්ට චෝදනා වලදී රජය බලාපොරොත්තුවනුයේ අන් කිසිවක් නොව සාධාරණත්වය හා යථාර්ථය පමණක් බව ද රජයේ නිවේදනයේ සඳහන් කරයි.



අදහස් (0)

කුමාර්ගේ වංහුං ඕස්ට්‍රේලියාවට

අලිබබා Tuesday, 10 April 2012 06:43 PM

මෙිවා ලංකාවෙි කීර්තිනාමයට කැලලක් ඇතිකොරන්න කොරනවැඩ. තව ඉස්සරහට ඔයවගේ දේවල් වෙන්න පුලුවන්.

:       0       0

දෙව්මිත් විතානගේ Tuesday, 10 April 2012 06:59 PM

රටටත්, වැඩක්නැති, මේවගේ සුළුපක්‍ෂයක, දෙන්නෙක් උසසලා මෙයාලගේ මොනවා ගන්නද ? මේවා රජය අපකීර්තියට පත්කරන මෝඩ කුණු වැඩ.

:       0       0

පියදාස Tuesday, 10 April 2012 07:29 PM

ලෝකේ එකම රට මෙහෙම චුන් එකට හැ න්ගෙන අය ඉන්න, අනේ මන්ද එතකොට පැහැරගෙන හම්බවෙන්නේ නැති අය දිවිය ලෝකේ යනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site