IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කෘමියෝ සතොස සහල් සතොසේ කති

කෘමි  සතුන් සහිත සහල් කිලෝ එක් ලක්ෂ හතළිස් දහසක් ගබඩා කර අලෙවි කළැයි අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවත සතොස ගබඩාවේ කළමනාකාරිය  සහ නව බස්නැවතුම්පොළ සතොස කළමනාකාරවරිය ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඩී.පියරත්න මහත්මිය නියෝග කළාය.

දිනුෂි දසනායක හා ඉෂාරා මහානාම කළමනාකාරවරියන් දෙදෙනාට වෙන් වෙන්ව  රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප නියම විය.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් බාරයට ගෙන මුද්‍රා තබා ඇති මහජන පරිභෝජනයට නුසුදුසු සහල් සාම්පල රජයේ රස පරික්ෂක වෙත යවන ලෙසද නියෝග කැරිණි.

නාගරික කොමසාරිස් සම්පත්  රෝහණ ධර්මදාස මහතාගේ උපදෙස් මත අනුරාධපුර මහ නගර සභා සෞඛ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ්.ඩී.එස්.කේ.අබේවික‍්‍රම සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නුවන් ඩී.කුලතුංග යන මහත්වරු පරීක්ෂණ පවත්වති.



අදහස් (0)

කෘමියෝ සතොස සහල් සතොසේ කති

කුමාර් (ගල්ෆ්) Thursday, 03 December 2015 02:21 PM

මෙයාලගේ නොසැලකිලිමත් කමින් රටේ දුප්පත් ජනතාවගේ මුදල් අපතේ, ඉති ඔය මොන දඩ ගැහුවත් ආපහු ප්‍රොමෝෂන් එක්ක වැඩට එය් දෙස්පාලුවෙක් අල්ලාගෙන. ජනතාවට තමා පාඩුවල ඔක්කොම ගෙවන්න වෙන්නේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site