IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කෘමියා පන්නන්න බෙහෙත් කැප්සියුලයක්

වී හාල්  ඇතුළු ධාන්‍ය වර්ගවල අස්වනු ගබඩා කර තැබීමේදී  කෘමින්ගෙන් සිදුවන උවඳුරු  වළක්වා ගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදිම වෙනුවට  ස්වාභාවික ශාඛ උපයෝගී කැර ගනිමින්  නිපදවන ලද කැප්සියුලයක් හඳුනාවාදීම කැලණිය විශ්ව විද්‍යාලයයේ  රසායන විද්‍යා අංශය සමත්වී තිබෙන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  ප්‍රියානි පරණගම  මහත්මිය පැවසුවාය.

මහාචාර්යවරයා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කළ පරීක්ෂණවල ප්‍රතිපලයක් ලෙස මෙම කැප්සියුලය  නිර්මාණය කැර ගැනීමට හැකි විය.මෙය මිනිස් සිරුරට බෙහෙවින් හිතකාමී නිර්මාණයකි.

කුරුඳු කොළ,සේර ,පැඟිරිතෙල්,කරපිංචා කොළ,හීන් අරත්ත අල උපයෝගී කරගෙන සගන්ද තෙල් සකසාගනු ලැබේ.එම තෙල්  කාන්දු කරනුයේ පිඟන් මැටි වලින් නිම කළ කැප්සියුල වලටය.ඉන්පසු එම ඖෂධිය  තෙල් කාන්දු  කළ කැප්සියුලය අස්වනු  අතරේ සීරුවෙන් තැන්පත් කරනු ලැබේ.

පිඟන් මැටි කිලෝවක් රුපියල්  විසිපහක් පමණ මිල වන අතර කිලෝවකින්  කැප්සියුල සීයයක් පමණ නිම කැර ඇත.

මෙම කැප්සියුල ධාන්‍ය අතරේ තැබීමෙන් වසරක  පමණ  කාලයක් අස්වනු  කෘමි උවඳුරයකින් තොරව ගබඩා කර ගත හැකිය.

ගුල්ලා,කව්පි ගුල්ලා,ඉපියා, ඇතුළුව  ධාන්‍යට වින කරන සියළුම කෘමීන් මෙම ස්වාභාවික ක්‍රමවේදය යටතේ   පලවා හැරීමට පිළිවන.

කෘමියා විනාශ කිරීම වෙනුවට පළවා හැරීම මෙම ටැබ්ලට් මගින් සිදු කරන වැදගත් කාරණාවකි.

Untitled-1 Untitled-2 Untitled-3 Untitled-4



අදහස් (11)

කෘමියා පන්නන්න බෙහෙත් කැප්සියුලයක්

වික්‍රම Tuesday, 11 November 2014 03:36 PM

අනර්ගයි. ඕකත් ඉතින් වෙන රටකට විකුනන්න වේවි. ලංකාවේ නිසි තැනක් නැහැනේ ලැබෙන්නේ (නදී)

:       0       0

ජයත් Tuesday, 11 November 2014 03:38 PM

ඔබ සියලු දෙනාටම අපගේ ආචාරය ! රොෂාන් මේක අර ඩෙංගු බෙහෙත වගේ නෙවෙයි. විශ්ව විද්‍යාලයක නියමිත ක්‍රමවේද භාවිතා කරලා කරපු දෙයක්. ඒ බෙහෙතට මේක සම කරන්න බැහැ. ඔය වගේම මේ ලඟදි පිළිකාවත් නිට්ටාවටම හොඳ කරන කෙනෙක් ඉන්නවා කියල පත්තරේක තිබුනා. වෛද්‍ය විද්‍යාව සඳහා මේ වසරේ මන් හිතන්නේ නොබෙල් තෑග්ග හම්බවෙවී. (ර)

:       0       0

අනුරශාන්ත Wednesday, 12 November 2014 05:55 AM

කාලෙකින් හොද ලිපියක් කියෙව්වා. හරිම හොද සොයා ගැනීමක්. ඉතින් මේ නව සොයා ගැනීම ඉක්මනින් වෙලදපොලට නිකුත් කරන්න. (දී)

:       0       0

ටිරෝන් Tuesday, 11 November 2014 10:35 AM

අන්න වැඩ ලෝකේ කොහෙවත් තියෙනවාද මේ වගේ වැඩ ලෝකෙටම එකයි එ්කත් ලංකාවේ කැලණිය විශ්ව විද්‍යාලයයේ රසායන විද්‍යා අංශයට අපේ සුබපැතුම්! (බ)

:       0       0

කමල් Tuesday, 11 November 2014 11:22 AM

නියමයි, නමුත් ලංකාව නිසා මොනවත් කියන්න බැහැ ඔබලාගේ ඉදිරිය ගැන (බ)

:       0       0

චමත් ඒකනායක Wednesday, 12 November 2014 06:27 AM

මේ මහාචාර්ය තුමියල තමයි රජරට වකුගඩු රෝගයට රසායනික පොහොර සහ කෘෂි රසායන හේතු වෙන බව කිව්වෙ. ඒත් කිසිම වැඩක් වුණේ නෑ .මේකටත් ඒ දේම වෙයිද දන්නේ නෑ (දිල්)

:       0       0

ශ්‍රියාණි Tuesday, 11 November 2014 12:11 PM

එය නම් හොඳ ආරංචියක්. වසවිස අඩුකරගෙන ආහාර ගන්න පුලුවන්නම් ලොකුම භාග්‍යයක්. (ර)

:       0       0

සංජය Wednesday, 12 November 2014 07:23 AM

සාර්ථක තවත් දෙයක් මම කියන්නම් .. කොහොඹ කොළ මිශ්‍ර කරලා තියන්න ගුල්ලෝ ඉපියෝ එන්නේ නැහැ (බ)

:       0       0

රොෂාන් Tuesday, 11 November 2014 12:55 PM

මොකුත් කියන්න දෑන්ම බයයි ඩෙංගු බෙහෙත මතක නිසා. (ර)

:       0       0

Masha dananji Monday, 06 September 2021 11:35 AM

කොහෙන්ද ගන්න පුළුවන් ? 0704225438

:       0       0

lakmal Thursday, 09 September 2021 09:34 PM

හොඳ දෙයක් කොහෙන්ද ගන්න තියෙන්නෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site