IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෑමට පෙර විස දල කඩයි

සෑම වර්ෂයක ම ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක පක්ෂීන් හෙවත් නිහැරි කුරුල්ලන් අතර නිල් පෙඳ බිඟුහරයා සුලබව දක්නට ලැබෙන පක්ෂියෙකි.

වලිගය නිල් පැහැති වීමත් බිඟුන් හෙවත් මී මැස්සන් ආහාරයට ගැනීමත් හේතුවෙන් මේ කුරුල්ලා හඳුන්වන්නේ නිල් පෙඳ බිඟුහරයා යනුවෙනි.

ඉංග්‍රීසි බසින් ‘‘බ්ලූ ටේල්ඩ් බී ඊටර්“ ලෙස හඳුන්වන මේ කුරුල්ලන් සත්ත්ව විද්‍යාත්මකව මෙරොප්ස් පිලිපීනස්  (Merops philippinus) ලෙස හඳුන්වයි. මේ පක්ෂි විශේෂය ඉතා ශක්තිමත් හා ප්‍රබල පර්යටන පක්ෂියකු හෙවත් නිහැරි කුරුල්ලකු ලෙස පිලි ගනී.

ඉතා වර්ණවත් කුඩා පක්ෂියෙකි. විශාලත්වය සේන්ටිමීටර 23-25ක් පමණය. සිරුරේ වැඩිපුර දක්නට ඇත්තේ කොළ පැහැයයි. ඇස අසළ කළු රේඛාවකි. ගෙල යට පෙදෙස කහ සහ දුඹුරු පැහැති මිශ්‍රව දක්නට ලැබෙයි.

වලිගය මැදින් දික්වූ නිල් පැහැති පිහාටු දෙකත් වර්ණවත් බවත් හේතුවෙන් මේ කුරුල්ලා පහසුවෙන් හඳුනාගැනීමට හැකියාව ලැබේ.

මීමැස්සන් මොවුන්ගේ ප්‍රධාන ආහාරය වන අතර අනෙක් කෘමි වර්ග ද ආහාරයට ගනී. මොවුන් ආහාර ගැනීමේ විශේෂත්වයක් වන්නේ අල්ලාගන්නා මී මැස්සා හෝ බඹරා තදින් අත්තක ගසා ඔවුන්ගේ විෂ කෝෂය ඉවත්කැර ගිල දැමීමේ සුවිශේෂී හැකියාවයි.

ශ්‍රී ලංකාවට පැමිණි පසු නගරබදව පවා බහුලව දක්නට ලැබෙන නිල් පෙඳ බිඟුහරයා රාත්‍රියේ දී රංචු වශයෙන් ලැගුම් ගනී.

බිත්තර දැමීම සඳහා පොළොව හාරා කුඩා උමගක් සාදා ගන්නා මොවුන් වරකට බිත්තර පහක් හෝ හතක් දමයි. ඒවා සුදු පැහැතිය. වටකුරුය. කුමන ප්‍රදේශයේ දී මොවුන්ගේ කැදලි හමුවී ඇති බැවින් දිගටම මෙරට වාසය කරන නිල් පෙඳ බිඟුහරයන් සමූහයක් සිටිතැයි පරිසරවේදීන්ගේ මතයයි.

මෙවර සංචාරක පක්ෂීන්ගේ පැමිණීම සනිටුහන් කරමින් දැනටමත් නිල් පෙඳ බිඟු හරයන් මෙරටට පැමිණ ඇත. ඔවුන් පෙන්වා දෙන්නේ දැන් සංචාරක පක්ෂි සමය ඇරඹී ඇති බවයි.

unnamed unnamed2 unnameda

 



අදහස් (7)

කෑමට පෙර විස දල කඩයි

ජිනාත් Tuesday, 14 October 2014 01:10 PM

බඹරු කියන්නෙ ස්භාවික පරිසර පද්දති වල ප්‍රදාන පුරුකක්. බඹරු, මී-මැස්සො නැති ලොකෙක පැවත්මක් නෑ. (හේ)

:       1       0

පුෂ්ප Thursday, 16 October 2014 01:45 AM

ඔබේ පුවත්පතේ මේ කුරුල්ලා ගැන විස්තරයක් පළකිරීම ගැන මම ඉතා සතුටුවෙමි. බොහෝ දෙනෙකුට අපේ පරිසරය කුරුල්ලන් ගැන තිබෙන දැනුම ඉතා අඩුයි. නිතරම පරිසරය ගැන කුරුල්ලන් සහ අනෙක් සතුන් ගැන මහජනයා දැනුවත් කරන ලෙස ඉල්ලා සිටිනවා. ස්තුතියි (නි)

:       0       0

සමන්ති Tuesday, 14 October 2014 02:11 PM

පරිසරය සමබර වීමට සියලු සතුන් සිටිය යුතුයි. ස්වභාවධර්මය විසින් සත්ව ලෝකය පාලනයවේ.(හේ)

:       0       0

නිහාල් Tuesday, 14 October 2014 03:30 PM

මේ කුරුල්ලා මී මැස්සො ආහරයටනම් ගන්නේ මේ අය ගැන පරිසර වේදින් වැඩි අවදානයක් යොමු කරන්න වේවී. මේ අයගෙන් මී මැසි පරපුර බේරා ගන්නට.(හේ)

:       0       0

හේරත් Tuesday, 14 October 2014 09:20 AM

මෙවැනි කුරුල්ලන් (හෝ ඊට සමාන ස්වභාවික ක්‍රමයක්) මගින් රටේ උද්ගතව ඇති බඹර ප්‍රහාර වලින් කුඩා දරුවන් හා ජනතාව බේරාගන්න පුළුවන්. (හේ)

:       0       0

ටිරෝන් Tuesday, 14 October 2014 10:12 AM

සිංහල භාෂාව තරම් අලංකාර භාෂාවක් ලොව කොහෙවත් නැත. හැම වචනයකම ඇති අර්ථවත් බව මේ පක්ෂියාට ඇති නමින්ම මනාවට ඔප්පු වේ.(හේ)

:       0       0

හැරිසන් Wednesday, 15 October 2014 02:19 AM

පුදුම එකෙක්නේ මූ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site