IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෑමට කඩයට ගිය සිසුන් හයක් කඩයත් කඩාගෙන හෙළකට වැටේ

(රංජිත් රාජපක්ෂ)

ගිනිගත්හේන නගරයේ  අනාරක්ෂිත වෙළඳ සලක ආහර ලබාගැනීම සඳහා ගිය සිසුන් හය දෙනකු එහි ලී තට්ටුවක් කාඩ වැටීමෙන් අනතුරට ලක්වී ගිනිගත්හේන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

අද උදෑසන මෙසේ අනතුරට ලක් වී ඇත්තේ අඹගමුව විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් හය දෙනකු වන අතර ගිනිගත්හේන නගරයේ බාහිර පන්තියකට සහභාගීම සඳහාහා පැමිණ ආහාර ලබා ගැනීමට මෙම හෝටලයට ගිය බව ඔවුන් ප්‍රකාශ කර ඇත.

එහෙත් හෝටලයේ අනාරක්ෂිත බිම් මහල තුළ රැඳී සිටියදී එහි ලී පොළොව කඩා වැටී අඩි 15කට පමණ බෑවුමකට මෙම සිසුන් හය දෙනා පෙරළීගොස් අනතුරට ලක්වී ඇතැයි පොලිසිය කියයි

දැඩි ලෙස අබලන්ව  අනාරක්ෂිත මෙම හෝටලයේ බිම්මහලේ මෙම අනතුර සිදුවීමත් සමගම ප්‍රදේශවාසීන් විසින් සිසුන් රෝහලට ඇතුළත් කර ඇති අතර මේ වනවිට හෝටලය වසා දමා ඇති ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශනන සිදුකරයි .



අදහස් (3)

කෑමට කඩයට ගිය සිසුන් හයක් කඩයත් කඩාගෙන හෙළකට වැටේ

Mudalali Saturday, 18 January 2025 02:54 PM

කොල්ලන්ගේ දාන්ගලේ... මගේ කඩේ කඩන් වැටුණා. හත්වලාමේ වෙච්චි දෙයක්...

:       31       4

Nandalal DE SILVA - France Saturday, 18 January 2025 05:18 PM

නියම පරීක්ෂණයක් නැතිව, කීයක් හරි අතමිට මොලවලා, අවස ලබාගන්න මේ පෙට්ටි කඩ නිසා, වන්දි ගෙවන්න වෙන්නේ මේවාට එන මහජනතාවටයි. ඔය අට මගුල, ඉක්මනට කඩා දමන්න. ජීවිත හානි වීමට ඉස්සර...!!!

:       0       38

kamal Koyrala Sunday, 19 January 2025 02:52 PM

ගිනිගත් හේනේ, නාවලපිටිය සහ කොළඹ පාරේ සියලු කඩ අනතුරුදායකයි. ගොඩනැගිලි පර්යේෂණයෙන් විධිමත් පරීක්ෂණයක් කර මේවට නැවත අවසරය දීමට සලකා බලන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site