IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කම්කරු කොංග්‍රස් පළාත් මන්ත්‍රී රිමාන්ඩ්

ලංකා කම්කරු කොංග්‍රසයේ පිරිසක් හා ජාතික කම්කරු පෙරමුණේ පිරිසක් අතර පසුගිය 19 හැටන් කොටගලදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සැකපිට නුවරඑළිය ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී එම්. මලර්වසම් සැප්තුම්බර් 2 වැනි දා තෙක් හැටන් මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා විසින් රිමන්ඩ් කරනු ලැබීය.

කම්කරු පෙරමුණේ පාර්ලිමේන්තු නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් සහ පර්ලිමේන්තු මන්ත්‍රී එස් රාජදොරෙයි මහත්වරුන් ඇතුළු 17 දෙනෙක් ද ලංකා කම්කරු කොංග්‍රසයේ තිදෙනෙක් ද  දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබූහ.

මන්ත්‍රීන් දෙදෙනාට රුපියල් විසි පන්දහස බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂය බැගින් ශරිරී ඇප ද නියම විය.  ලංකා කම්කරු කොංග්‍රසයෙන් මධ්‍යම පළාත් සභාවට තරග කරන එස්. සත්‍යවෙල් හා එස්. රමේෂ් හා පී උදයකුමාර්ට රුපියල් 25,000 බැගින් මුදල් ඇප ද රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප ද නියම විය.

දිගම්බරම් හා රාජදොරෙයි මන්ත්‍රීන්ගෙ ආරක්ෂකයන් හය දෙනකුට ද කොස්තාපල්වරුන්  පස් දෙනකුට ද ආධාරකරුවන් සිව් දෙනකු ද රුපියල් පන්දහස බගින් ශරීර ඇප නියම විය.

මේ දෙපාර්ශවය අතර වූ ගැටුමින් වාහන රැසකට අලාභහානි සිදුවිය. අහසට වෙති තැබිණි. සියලුම සැකකරුවන් උසාවියේ පෙනී සිටියේ දිඹුල පොලිසියේ දැනුම් දීමක් අනුවය.

ඇප නියම කරමින් මහේස්ත්‍රාත් පැවැසුවේ ඇප කොන්දේසි කඩකළ හොත් පාර්ලිමේන්තු  මන්ත්‍රීන් වුවත් ඔවුන් රිමාන්ඩ් කරන බවයි.

මෙතෙක් සිදුකළ පරීක්ෂණ විමර්ශන වර්තාවන් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් දිඹුල පොලිසියට නියෝග කෙළේය.



අදහස් (0)

කම්කරු කොංග්‍රස් පළාත් මන්ත්‍රී රිමාන්ඩ්

උපාලි Tuesday, 27 August 2013 05:52 AM

අපේ කට්ටිය ඉස්සර ගහ මරාගත්තේ පකෂය අනුව. නමුත් 1978 දී අපට ලැබුන දිරච්ච ලනුව ගිලලා දැන් අයියයි මල්ලියි පවා එකම පක්ෂයේ ඉඳගෙනත් ගහ මරාගන්නවා. සිංහල පකෂවලට තිබුන ලෙඩේ දැන් දෙමල පක්ෂවලටත් බෝවෙලා. (නි)

:       0       0

ටිරෝනි සෙනවිරත්න Monday, 26 August 2013 08:23 PM

දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට අනිත් පැතිවල ප්‍රශ්නයක් නැද්ද ? දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න අනේ.(නදී)

:       0       0

අසේල Monday, 26 August 2013 09:26 PM

චන්දෙට කලින් ඔහොම නම් පස්සේ කොහොම වෙයිද (දී)

:       0       0

අසංක Monday, 26 August 2013 09:36 PM

නදී , ඔය දේවල් ප්‍රශ්න නෙවෙලු , තරඟකාරීත්වය වාඩිකමටලු. ඔයා ඒවා වැරදියට තේරුම් ගන්න එපා. එයාල ඔය හදන්නේ අපිට සේවය කරන්න.(අ)

:       0       0

සලීම් Monday, 26 August 2013 09:57 PM

හොද වැඩේ විසේ බහින්ඩත් එක්ක (අ)

:       0       0

සමන් Monday, 26 August 2013 06:33 PM

පහත් තැනින් යයි ගලා ජලේ.. (නි)

:       0       0

උදයංග Tuesday, 27 August 2013 01:20 PM

එතකොට අර පොලිස් වල ගිහිල්ලා ගෝරි දාගන්න ඇමතිතුමා ගැන කව්රුත් කතා නැහැනේ (නි)

:       0       0

ආසිරි Tuesday, 27 August 2013 09:05 AM

මේ වගේ දෙයක් ආණ්ඩුවෙ කට්ටිය කළා නම් මොන මොන කතා කියයිද? පේනවනේ කට්ටියගේ හැටි? (නි)

:       0       0

එල් ගුණවර්ධන Monday, 26 August 2013 11:00 PM

දෙපැත්තකට බෙදිලා එකිනෙකා මරා ගන්න එක ලංකාවේ අලුත්ම පවතින දේශාපලන ක්‍රමයයි . ඒ විෂ බීජය දැන් දෙමල පක්ෂ වලටත් දීලා වගෙයි . (අ)

:       0       0

අමිළ කටුනායක Monday, 26 August 2013 07:06 PM

මනාපේ නිසයි මේ අමනාපේ.(නදී)

:       0       0

වසන්ති Monday, 26 August 2013 07:21 PM

හොන්ඩ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට? (අ)

:       0       0

චරිත සේරසිංහ ස්විස් Monday, 26 August 2013 07:51 PM

එකම ජාතිය මරා ගන්නේ මේ මනාපයට . මනාපයක් නිසා ජාතියක් අමනාප වෙන්නේ . මේ ක්‍රමය නැති කරදාට ගොඩක් අයට සැනසිම . නැත්නම් වැනසිම (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1080 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site