හොරණ පාසල් බස් හා වෑන් රිය අසූවක් අද පරීක්ෂණයට භාජනය කැරිණි. පොලීසිය, මෝටර්රථ පරීක්ෂකවරු හා බලපත් නිලධාරින් එහි වූහ.
වාහන 23ක් ධාවනයට නුසුදුසු බව ඔවුහු නිගමනය කළහ.
ඒවායේ බලපත් රඳවා ගත් නිලධරයෝ මාසයක් ඇතුළත අලුත් වැඩියා කර පෙන්වන ලෙස නියෝග කළේය.
සුළු අඩුපාඩු සහිත වාහන පිළිසකර කර පොලීසිය පෙන්වන ලෙස ද නියම විය.
මෝටර් රථ පරීක්ෂකවරුන් වන උපුල් ප්‍රේමකුමාර, ඒ මල්දෙණිය හා රථවාහන පොලිසියේ ස්ථානාධිපති රංජිත් ජයන්ත මහත්වරු ද මේ සෝදිසියට එක් වූහ.
2025 දෙසැම්බර් මස 18
193
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කබල් පාසල් වාහන 23ක් හොරණින්
ආනන්ද ආර් Friday, 31 May 2013 03:16 PM
හොයල බැලුවොත් රට පුරාම තියෙනවා.හොරණ විතරක් නොවෙයි. (ස)
අපොන්සු Friday, 31 May 2013 03:53 PM
අද හොරණ පොලිසියට අවුරුදු වගේ ඇති .(නදී)
අනුර Saturday, 01 June 2013 09:54 AM
කසිකබල් වාහන ගොඩක් තියෙනවා ළමයි අදින්න නෙවෙයි පාරේ යන්නත් බැරි. පොලිසිය විතරක් නොවෙයි දෙමව්පියනුත් හොයාබලන්න ඕන ළමයි යන වාහන ගැන මීටවැඩිය.(ස)
අපොන්සු Friday, 31 May 2013 02:44 PM
අද හවසට එහෙනම් අවුරුදු සාජ්ජේ. (ත)
සදුනි Friday, 31 May 2013 02:52 PM
මේවට නීති නම් තියෙනවා, නමුත බලාත්මක නැහැ.කසිකබල් කඩාවැටෙන වාහන වල දැයේ අනාගතය සැමන්ටින් වගේ අහුරලා ගෙනියනවා. (නි)
චතුල වෙරෝනා Friday, 31 May 2013 02:54 PM
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හොඳ පියවරක්. රට පුරාම ක්‍රියාත්මක කරමු.(ස)
රෙමාකෝ Friday, 31 May 2013 02:51 PM
බොහොම හොඳ වැඩක්. මේක රට පුරාම ක්‍රියාත්මක කරන්න ඕනෑ, අපේ පාසල් ළමයි ආරක්ෂා කරගන්න (නි)
උපාලි Friday, 31 May 2013 02:59 PM
ඉතාම අත්‍යවශ්‍ය පරීක්ෂණයක් ඉතාම සාධාරණව කරලා තියෙනවා. දරුවන්ට හෙට ඉඳල යන්න වාහනේ නැති වුනෙත් නැහැ. වාහන හිමිකරුවන්ටත් නඩු නොදා අලුත්වැඩියවන්ට කල් දීලත් තියෙනවා. වැඩේ හරියට කෙරෙන බවට පසු විපරමකුත් තියෙනවා. පොලිසිය ඔයවගේ බුද්ධිමත්ව කටයුතු කරනවා නම් ඕන තරම් ප්‍රසංශා ලැබෙයි. (ස)