IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කැබිනට් රැස්වීමේදී අර්ජුන - දයාසිරි ගැටෙති

(අජන්ත කුමාර අගලකඩ)

අද (29) උදේ පැවති කැබිනට් රැස්වීමේදී ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ඛණිජ තෙල් කර්මාන්ත ඇමති අර්ජුන රණතුංග යන මහත්වරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රෘතීම ධාවන පථය නැවත එළීම සඳහා ටෙන්ඩර් කැඳවීමට ක්‍රීඩා ඇමතිවරයා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් අර්ජුන රණතුංග ඇමතිවරයා නිරීක්ෂණ ඉදිරිපත් කළ අවස්ථාවේ ඇමතිවරුන් දෙදෙනා අතර මෙම මත ගැටුම ඇති වූ බව දැනගන්නට ඇත.

ක්‍රිකට් සම්බන්ධයෙන් ද එහි දී ඇමතිවරුන් දෙදෙනා චෝදනා එල්ල කරගෙන ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වී මත ගැටුම සමථයකට පත්කර ඇතැයි වාර්තා වේ



අදහස් (17)

කැබිනට් රැස්වීමේදී අර්ජුන - දයාසිරි ගැටෙති

pushpakumara herath Tuesday, 29 August 2017 11:45 AM

ක්‍රිකට් පාලනය අර්ජුනට දෙන එක තමා හොදම දේ මොකද ලංකාවෙන් බිහි වුණ ගොඩක් දක්ෂයන්ගෙ උදව් අරන් අර්ජුනට ක්‍රිකට් හදන්න පුලුවන්

:       1647       2353

athuraWednesday, 30 August 2017 06:38 AM

ක්‍රීඩාවට දක්ෂකම එකපැත්තක් විතරයි. අපිට ඒකෙන්ම කියන්න බැහැ පරිපාලනයට දක්ෂයි කියල.

:       10       109

nimmi Tuesday, 29 August 2017 12:49 PM

මොන පක්ෂයේ හිටියත් අර්ජුන මේ රටට ආදරේ මනුස්සයෙක්.

:       1110       1095

Asanka Tuesday, 29 August 2017 01:35 PM

අපට පෙනෙන්න බොරුවට ගැටිලා හවසට සෙට් වෙනවා. අපි හරි පව් අප්පා.

:       206       106

jay Tuesday, 29 August 2017 02:17 PM

ක්‍රිකට් පාලනය අර්ජුනට දෙන එක හොද නැහැ, ඔහුට අනිත් රටවලුත් එක්ක වැඩ කරන්න බැහැ.

:       286       115

dushmanthWednesday, 30 August 2017 12:39 AM

එහෙනම් ක්‍රිකට් ගැන මුකුත් නොදන්නා බුකි කාරයෙකුට ඉහලම පුටුව දෙමු. සේරම අඩුපාඩු හදල ගනී.

:       36       155

ධම්ම Tuesday, 29 August 2017 02:17 PM

දයාසිරි අප හිතුවා ඔහු අනාගතයක් ඇති දේශපාලකයෙක් කියා.

:       54       134

thamindu dulvan Tuesday, 29 August 2017 02:46 PM

දයාසිරිත් යහපාලනයට ආදරේ කෙනෙක්නෙ.

:       15       4

de silva Tuesday, 29 August 2017 06:17 PM

හරිනම් ක්‍රීඩා ඇමතිකම දෙන්න ඕනේ අර්ජුනට. කිසිම ක්‍රීඩාවකින් ලෝක ශුරතාවයක් දිනාගත් වෙන කිසිවෙකු ඔය පාර්ලිමේන්තුවේ නැත.

:       57       460

Tissa Abeyratne Wednesday, 30 August 2017 12:30 AM

අර්ජුනගේ වැඩ ගැන හරියට දන්න කිසිම කෙනෙක් එයාට නැවතත් ක්‍රිකට් පාලක මණ්ඩලය භාරදෙන්ඩ කියන්නේ නෑ . ලෝක කුසලානය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වශයෙන්ද, ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙසින්ද අර්ජුන අපේ රටට ලොකු සේවයක් කරලා තියෙන බව ඇත්ත. එහෙත් ඔහු තුල ඇති මුදලට කෑදරකම නිසා කරන ලද වැරදි බොහෝය. ඊට අමතරව ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක තනතුර ලත් සැනින් ඔහු කලේ අපේ අසල්වැසි ප්‍රබල ඉන්දියානු ක්‍රිකට් මණ්ඩලය අමනාප කර ගැනීමය. අන්තිමේදී අර්ජුනට සිදුවුයේ අකුලාගෙන යන්නටය. ක්‍රිකට් ගැන කතා කරන්නට අර්ජුනට අයිතියක් ඇතද, නැවතත් ක්‍රිකට් පාලක වන්නට කිසිදු සුදුසු කමක් ඔහුට නොමැත. අභාග්‍යයකට හෝ අර්ජුනට ක්‍රිකට් පාලනය භාර දුන්නොත් එය නරියාට කුකුල් කොටුව භාර දුන්නා සේ වනු ඇත.මා නම් කියන්නේ සිදත්, මහේල, සංගා තිදෙනාට පුර්ණ බලතල සහිත තනතුරු ලබා දී සම්පුර්ණ ක්‍රිකට් ව්‍යුහයම ප්‍රතිසංවිධානය කළ යුතු බවය.

:       268       224

SugathWednesday, 30 August 2017 04:31 AM

තිස්ස ඔබගේ අධහස් හරියටම හරි. අර්ජුනට ක්‍රිකෙට් සබාපති පදවිය නොදිය යුත්ය්. මේ අවස්ටවේදී එක නරියට කුකුල්ලන් බර දුන්න වගේ වෙනවමයි. පලි ගැනීම තමය එයාගේ අරමුණ. ඉර්සියාවත් එකට දෙවෙනි නැහැ. ඉන්දියාව තරහ කරගත්ත එක මහම මෝඩකමක්. ඉස්සර අය පී එල් තිබුනානම් ඉස්සෙල්ලාම යන්නේ අර්ජුන. දැන් අපේ අය යනවට ඉර්සියයි. අායෙත් අවොත් මුළු පවුලට බෝර්ඩ් එකේ වැඩ කරවී. වාරයේ ඉන්නකොට අය්යව වාරයේ සබාපති කරලා හරිම පහත් තත්වයකට වැටුන. පින් පඩි මිසක් එය කරපු කිසිම දෙයක් නැහැ. සිදත්, මහේල, සංගා නියම ක්‍රිකෙට් ගැන අවබෝදයක් තියෙන මහත්වරු. මේ තුන්දෙනාගේ සහයෙන් අපේ ක්‍රිකෙට් දියුණු කිරීම තමයි කලයුත්තේ.

:       251       236

sanathWednesday, 30 August 2017 05:46 AM

නොදන්නා දේ නොකියා ඉන්න සුගත්.

:       54       17

arunaluWednesday, 30 August 2017 05:48 AM

අර්ජුන සභාපති වුන ගමන් ධම්මික රණතුංග CEO වෙයි.

:       0       23

sahanWednesday, 30 August 2017 02:42 PM

ඔබ හරි සුගත්, සිදත්, සංගා, මහේල වගේම වාස්, මුරලි දෙන්නත් එකතු කර ගත්තා නම් ඇත්තටම අපේ රටේ ක්‍රිකට් ගොඩ ගන්න පුළුවන්.... පවුල් වාදය තියෙන කෙනෙක්ට ලංකාවේ ක්‍රිකට් බාර දෙනවා කියන්නේ, නරියාට කුකුල්ලු බාර දුන්නා වගේ තමයි.

:       14       12

Nandalal DE SILVA - France Wednesday, 30 August 2017 01:51 AM

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත්වී මේ රණ්ඩුව සමතයකට පත් කලේ නැත්නම් කොහෙන් මේ අරගලය ඉවර වෙයිද කියල දන්නේ උඩ ඉන්න දෙවියෝ පමණයි ! බලාගෙන යනකොට ජනපති තුමා මැදිහත් නොවී කිසිම අරගලයක් සංසිඳවා ගැනීමට බැරි තත්වයක් මේ "සකල සිරින් පිරි සිරි ලංකාවේ" දැන් උදාවී තිබේ.

:       0       375

sumeda Thursday, 31 August 2017 09:33 AM

එක පාරක් අර්ජුනට දීලා බලමු.

:       1       1

Sampath-Melbourne Friday, 01 September 2017 03:35 AM

අර්ජුන ක්‍රිකට් වලට නැවත ගැන ඒම සුදුසු නොවේ. ඔහු දැන් දේශපාලකයෙක්. සංඝා මහේල වගේ අයට අවස්ථාව දීම තමයි කල යුතු හොදම දේ. ක්‍රීඩකයන්ගේ විනය පිලිබදවත් මීට වඩා සැලකිලිමත් විය යුතුයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 16 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1999 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site