IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කැබිනට් තීරණයටත් හරස්වෙති

ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් සංකීර්ණයේ තෙල් ටැංකි වලින් 16ක් පවරා ගැනීම සඳහා ගන්නා ලද කැබිනට් තීරණයක් වළක්වාලීමට කිසියම් පිරිසක් කටයුතු කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෝප් කමිටු වාර්තාවකින් ඒ බව අනාවරණය වී තිබේ.  

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 

‘ඉන්දියන් ඔයිල්’ සමාගමේ නිලධාරීන් දැනුම්වත් කර තිබියදීද තෙල් ටැංකි නිරීක්ෂණය කිරීම සඳහා ගිය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් පිරිසක් තෙල් ටැංකි සංකීර්ණයට ඇතුළුවීම වළක්වාලීමට පිරිසක් කටයුතු කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා වාර්තාව ඉදිරිපත් කරමින් පැවැසීය. 

එපමණක් නොව ‘හෙජින්’ ගිවිසුම නිසා මීට පෙර සිදු වූවා යැයි කී රුපියල් බිලියන 10ක පාඩුව 2016 වනවිට රුපියල් බිලියන 14 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද මෙම වාර්තාව සඳහන් කරයි. 


(055)



අදහස් (7)

කැබිනට් තීරණයටත් හරස්වෙති

සහිරා Friday, 20 October 2017 10:46 AM

ඉස්සෙල්ලා ඔය හෙජින් ගැන හොයලා බලන්න.

:       9       102

dias Friday, 20 October 2017 12:17 PM

හෙජින් ගණුදෙණුත්, මහබැංකු ගණුදෙණුත් කළ හොරුන්ව අල්ලා දඬුවම් දිය යුතුයි.

:       0       91

parakkrama Friday, 20 October 2017 12:59 PM

හෙජින් ගනුදෙනු, හෙල්පිං හම්බන්තොට ගිණුම් ගනුදෙනු, යුක්රේන අවි ගනුදෙනු, අරෙහෙ මෙහෙ ණය ගනුදෙනු ආදී මෙකී නොකී ගනුදෙනු රැසක් නොයෙක් බලපෑම් නිසා යට ගොස් හෝ යට ගසා හෝ ඇති බව නම් කාටත් හොඳටම පැහැදිලියි. මොනවා කරන්නද ඉතින්. පැරැන්නන්ගේ බසින් කියනවා නම් මේක රටවැසියාගේත් රටෙත් කරුමය තමා. මේ විදිහට තව අවුරුදු පනහක් ගියත් අරයාගේ මෙයාගේ ගනුදෙනු කෙරුවාවල් ගැන කතා කර කර අපට ඉන්න වෙන්නේ දකුණු ආසියාවේ අන්තිම තැන, තුන්වැනි ලෝකයේමයි.

:       1       59

PerakumFriday, 20 October 2017 01:48 PM

අපි මෙතන නිකන් කමෙන්ට් කර කර ඉඳල වැඩක් නෑ. ඊළඟ මැතිවරණයේදීවත් අපට ආදරේ ඇති, රටට ආදරේ ඇති බුද්ධිමත් කට්ටියක් පත්කරගමු.

:       0       51

de silva Friday, 20 October 2017 02:02 PM

පක්ෂ විපක්ෂ දේශපාලකයෝ බොරුවට රණ්ඩු වුණාට ඔක්කොම එකට කන බොන කණ්ඩායමක්... අපි කොහොමද බලාපොරොත්තු වෙන්නේ මේ ගොල්ලන් හොරකම් අල්ලාවි කියලා? දැන් මට හිතෙනවා සුද්ද අපිව පාලනය කලා නම් හොඳයි කියලා. මොනවා නැති වුණත් සුද්දගේ රටේ වංචාව, පගාව, දූෂණය නැත.

:       0       105

PerakumFriday, 20 October 2017 03:59 PM

මොනවා නැති වුණත් සුද්දගේ රටේ වංචාව, පගාව, දූෂණය නැත...! කව්ද කියන්නේ? නැතුවා නොවේ. ඒ තරමට අඩුයි. හරියට නැතුවා වගේ තමයි.

:       0       1

Hafeel Friday, 20 October 2017 03:01 PM

සමස්තයක් ලෙස බලන විට දෙගොල්ලොම හොරු. දැන් හොරු දෙගොල්ලොම එකතු වෙලා. මේකට නම යහපාලනය...

:       0       46

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31451 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13739 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11051 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 146 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1059 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site