පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) මාධ්‍යවේදීන් ද සහභාගි කරවා ගැනීමට තමන් ලොකු උත්සාහයක් ගන්නා බව සභාපති ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.
සම්ප්‍රදායික නීති රීති ඉවත්කොට මාධ්‍යවේදීන්ගේ සහාය ඇතිව අන්තර්ජාලයේ සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ තම කමිටුව මහජනතාවට වඩාත් සමීප කිරීමට තමන් බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා කීය.
පාර්ලිමේන්තුවේ ප්‍රථම කෝප් කමිටු රැස්වීමට සමගාමීව පැවැත්වෙන වැඩමුළුව අද පාර්ලිමේන්තු කමිටු ශාලා අංක පහේදී ආරම්භ කරමින් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
කථානායක කරු ජයසූරිය, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුද කෝප් කමිටු සාමාජිකයෝද මේ අවස්ථාවට සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝප් කමිටුවට මාධ්‍යවේදියොත්
ජයසේකර Thursday, 10 December 2015 11:46 AM
සමහර මාධ්‍යවේදීන් තමන්ට අවශ්‍යනම් තලගොයාව කබරගොයා කරන්න දක්ෂ අයත් ඉන්නවා (බ)
දහම් Thursday, 10 December 2015 11:46 AM
කෝප් කමිටුව කියන්නේ පාර්ලිමේන්තුව ඇතුළත එකක් නේද? (නි)
දුමින්ද Thursday, 10 December 2015 12:04 PM
මාධ්‍ය ඉදිරිපිට කරන්න ඕනෑ දේවලුත් තිබෙනවා, නැති දේවලුත් තිබෙනවා. මුලසුන ගන්න අයයි එය තීරණය කරන්නේ. කෝප් කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍යයට කරුණු දැක්වීමක් කළා නම් ඒත් ඇති නේද? (නි)
සහන් Thursday, 10 December 2015 12:17 PM
අදහස නම් හොඳයි. (නි)
ඉසුරන්දි Thursday, 10 December 2015 12:16 PM
ප්‍රශ්න ඇතිකර ගන්නේ නැතිව ඕනෑ එකක් (නි)
ගුණතිලක Thursday, 10 December 2015 11:59 PM
අනිවාර්යයෙන්ම මේ යෝජනාව නිසා විනිවිදබාවය, යහපත් රාජ්‍ය මුල්‍යය කළමනාකරණයක් හා සොරකම් නොකිරීමේ පාලනයක් සිදුවේ. (නි)
දිමුත් Thursday, 10 December 2015 12:29 PM
හැබැයි මාධ්‍යවේදීන් විශාල වගකීමකින් කටයුතු කළයුතු වෙනවා. (නි)
දිල්කි Friday, 11 December 2015 03:56 AM
රජයේ හා සංස්ථා මණ්ඩල ඇතුළු අර්ධ රාජ්‍ය බොහෝ ආයතන කෝප් කමිටුවට වග උත්තර නොදෙන පසුබිම නැතිකර ඔවුන්ව කමිටුව හමුවට ගෙන්වීමට හා ඍජුව ප්‍රශ්න කිරිමටත්, එසේම ඒවායේ තොරතුරු සමාජ හා වෙබ් අඩවි ඔස්සේ රහස්‍ය බව සුරකමින් රැකියා සුරක්ෂිතතාව ලබා දීමත් තුළින් යහපාලන අරමුණු බැබළෙනු ඇත.(ම)