IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෝප්-කෝපා බලගැන්වේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

නව වැනි  පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අවසාන කිරීමත් සමඟම අහෝසි වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (22) දැනුම් දුන්නේය.

මෙයට අමතරව තවත් කාරක සභා හතරක්ද තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ ඇත. මහජන පෙත්සම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව, ආචාර  ධර්ම හා වරප්‍රසාද කාරක සභාව සහ  පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කාරක සභාව එම කාරක සභා හතරයි.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට( කෝප් කමිටුව) පත් කෙරුණු කෙරුණු මන්ත්‍රීවරුන් වන්නේ ජගත් පුෂ්පකුමාර , ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ , ඉන්දික අනුරුද්ධ හේරත්, ඩී. වී. චානක, ශාන්ත බණ්ඩාර, අනුර දිසානායක, නීතිඥ රවුෆ් හකීම්, නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහින්දානන්ද අලුත්ගමගේ, දයාසිරි ජයසේකර, රෝහිත අබේගුණවර්ධන, ඉරාන් වික්‍රමරත්න, නිමල් ලාන්සා, ජයන්ත සමරවීර, එස්. එම්. එම්. මුෂාරෆ්, නලින් බණ්ඩාර ජයමහ, එස්. එම්. මරික්කාර්, රෝහිණි කුමාරි විජේරත්න චමින්ද වි‍ජේසිරි, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි (මේජර්) සුදර්ශන දෙනිපිටිය, නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන්, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, රාජිකා වික්‍රමසිංහ, නීතිඥ මධුර විතානගේ, මහාචාර්ය  රංජිත් බණ්ඩාර සහ මහාචාර්ය චරිත හේරත්ය.

මේ අතර රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව)  සාමාජිකයන් ලෙස නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ලසන්ත අලගියවන්න, ප්‍රසන්න රණවීර, කේ. කාදර් මස්තාන්, ආචාර්ය සුරේන් රාඝවන් ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක, එස්. බී. දිසානායක, තිස්ස අත්තනායක, වජිර අබේවර්ධන, ඒ. එල්. එම්. අතාඋල්ලා, කබීර් හෂීම්, මනෝ ගනේෂන්, ආචාර්ය සරත් වීරසේකර, විමලවීර දිසානායක, නිරෝෂන් පෙරේරා, ජේ. සී. අලවතුවල,වඩිවේල් සුරේෂ්, අශෝක් අබේසිංහ, බුද්ධික පතිරණ, ජයන්ත කැටගොඩ, හෙක්ටර් අප්පුහාමි, හේෂා විතානගේ, මේජර් ප්‍රදීප් උඳුගොඩ, ඉසුරු දොඩන්ගොඩ,ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන, ඩී. වීරසිංහ  සහ ආචාර්ය හරිනි අමරසූරිය  යන මහත්ම මහත්මීහු පත් කරනු ලැබ සිටිති. 



අදහස් (0)

කෝප්-කෝපා බලගැන්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site