IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කෝප් එකට විගණනයෙනුත් බාල්දියක්

(සුජිත් හේවාජුලිගේ)

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ(කෝප්) අභ්‍යන්තර විමර්ශන පවත්වන ආකාරය ඇතුළු එහි ඇතැම් කටයුතු සම්බන්ධයෙන් විගණන අංශ නිලධාරීහු දැඩි ලෙස විරෝධය පළ කරති.

මේ සම්බන්ධයෙන් කතානායකවරයාට ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමටද එම නිලධාරීහු බලාපොරොත්තුවෙන් සිටිති.

සාමාන්‍යයෙන් කෝප් කමිටුව විමර්ශන පැවැත්විය යුත්තේ විගණකාධිපතිවරයාගේ වාර්තාව පදනම් කරගෙන බවට ස්ථාවර නියෝග වල පැහැදිලිව සඳහන්වී ඇතත් කමිටුව දේශපාලන අරමුණු මුදුන් පමණවා ගැනීම සඳහා වෙනත් වෙනත් කාරණා සම්බන්ධයෙන්ද විමර්ශන කරන බව විගණන දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

කමිටුවේදී මන්ත්‍රීවරුන් වරින් වර නැගිට හෙළිදරව් කරන යම් යම් කරුණු පිළිබඳවද කෝප් කමිටුව විමර්ශන අරඹා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය කාලයේදීද එවැනි විමර්ශන ගණනාවක්ම පැවැත්වුණු බව ඔවුහු චෝදනා කරති.

 



අදහස් (2)

කෝප් එකට විගණනයෙනුත් බාල්දියක්

ranjith Sunday, 24 March 2024 05:12 AM

විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන්ම ඕක කළා නම් හරි... ඔය 225අතර ඉන්න අය ගැන කියන්න ඕනෑ නැහැනේ...

:       0       0

Samarasekara Sunday, 24 March 2024 09:28 AM

විගණකාධිපති වාර්තාව අනුව කෝප් කමිටුව කටයුතු කරන්න ඕන නම් සමහර වෙලාවට විගණන වාර්තා බලන්න වෙන්නෙ අවුරුදු ගණනක් ප්‍රමාද වෙලා කියලා පේනවා එහෙම දේවල් වෙනකොට අදාල නිළධාරි විශ්‍රාම ගොස් තියෙන්න පුළුවන් නැත්නම් මියගොස් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් විගණකාධිපති වාර්තාව පාර්ලිමේන්තුවට ගේන්න සිද්ධීය වෙලා අවුරුදු පහක් වත් ගතවෙනවා ඇති . එහෙම නැතුව කිව්වොත් 2024සිදුවීම් වාර්තාව 2025 ජනවාරියේ වත් කෝප් එකට එනවා නම් හොදයි (සාමාන්‍යයෙන් විගණන පරීක්ෂණයක් කර ඔවුන් දුටුදේ විගණන විමසුමක් මගින් නැවත පරීක්ෂා කර සාර්ථක පිළිතුරක් නැත්නම් පමණක් වාර්තාව සැකසීම කරනවා.) මම දැකල තියෙනවා විගණන විමසුමක් ලැබුණාම සමහර නිළධාරින්ට සුලුදිය පහවෙන තත්වයක් ඇතිවෙනවා ඒකට හේතුවක් වෙන්නෙ අදාල චක්‍රලේඛ අණපනත් මුදල් හා ආයතන සංග්‍රහයේ රෙගුලාසි නොදැන කිසිම පුහුණුවක් නොලැබූ රාජකාරි භාරගන්නා විට පූර්වගාමියා දුන්නු උපදෙස් පමණක් අනුගමනය කරන අයට තමයි එහෙම නිළධාරි බොහොමයක් අධ්‍යාපන කාර්‍යාල වල ඉන්නවා එහෙම එවුන්ගෙන් යම් ප්‍රශ්නයක් ඇහුවොත් යක්ෂාරූඪ වෙලා කරන්න පුළුවන් හිංසා උපරිමයෙන් කරනවා එනිසා කෝප් කමිටුවේ වරදක් කියන්න බැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site