IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘කැපිලි තිබුණත් මැරෙනතුරු යන්නේ නෑ‘

කලකිරීම් හා පංගුපේරු කාගෙන මැරෙනතුරුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම ඉන්න බව ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ලේ දී පැවසීය.

මාතලේ දිස්ත්‍රික් ශ්‍රීලනිප බල මණ්ඩලයේ රැස්වීමක් අමතමින් ඔහු පැවසුවේ තමා පක්ෂය හැර දා යන්නේදැයි බොහෝ දෙනා අසන බවයි.

‘මම ටී බී තෙන්නකෝන්ගේ පුතා. අපේ තාත්තටත් කැපිලි කෙටිලි තිබුණා. ඒත් පක්ෂයෙන් ගියේ නෑ. මටත් එහෙමයි. මාත් යන්නේ නෑ. ‘

රැස්වීම අතරතුර නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ද පැමිණියේය.

ජනක බණ්ඩාර ඇමැතිවරයා එවිට පැවසුවේ මෙතෙක් කල් මාතලේ දිස්ත්‍රික්කයේ ගැටුම් ඇති වූයේ එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ නොවන බවයි. ඒ ගැටුම් සියල්ලම ගට ගත්තේ අපේ පක්ෂය ඇතුලේ. මා ඉල්ලා සිටින්නේ දැන්වත් ඒ ගැටුම් අවසන් කර සමඟ වන ලෙසයි.

ටික වේලාවක් එහි රැඳී සිටි නියෝජ්‍ය ඇමැති වෙනත් රාජකාරියක් සඳහා යන බව පවසා පිටවී ගියේය.

 

 



අදහස් (0)

‘කැපිලි තිබුණත් මැරෙනතුරු යන්නේ නෑ‘

බක්ති Wednesday, 22 October 2014 10:26 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගියොත් ඉතින් කාගේ පිහිටක්ද?(හේ)

:       0       0

දයා අලහාකෝන් Wednesday, 22 October 2014 11:34 AM

අම්මේ මේක දාලා ගිහින් කොහොමද ? (නදී)

:       0       0

රොබින් Thursday, 23 October 2014 01:50 AM

දේශපාලනයේදී මෙවැනි දාල නොයන කතා මිනිසුන්ට හොඳට පුරුදුයි. (නි)

:       0       0

සත්‍යයා Thursday, 23 October 2014 02:09 AM

යු .එන්.පී එකයි ශ්‍රී.ල.නි.ප යයි කියන්නේ එකම වහළයක් යට තියෙන කාමර දෙකක් වගෙයි කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

සුරංග මුදියන්සේ Wednesday, 22 October 2014 12:22 PM

බණ්ඩාරය ! බිය නොවන්න, ඔබ ගෙදර යවනා සැටි දඹුල්ලේ අපි දන්නෙමු. ලොකු හාමුදුරුවන්ගේ අසිර්වාදයද අප සතුය. පක්ෂය ඇතුලේ තැනක් නැති බව පිළිගැනීම , මරුවිකලෙන් දෙඩවීමක් වැන්න. (නදී)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 22 October 2014 01:12 PM

කපල නෙවෙයි මේ අයව වාෂ්ප කරලවත් යවන්න බැරි ජාතියක්. (නදී)

:       0       0

සුනෙත් Wednesday, 22 October 2014 01:33 PM

යනවට වැඩිය හොඳයි ගඟේ මුදේ පැන්නා නම්. (නදී)

:       0       0

සේනාදීර Wednesday, 22 October 2014 01:36 PM

මේක දාලා ගියොත් මහපාරේ තමා.. (නදී)

:       0       0

මහේෂ්‍ Wednesday, 22 October 2014 05:00 PM

මෙන්න නියම මිනිස්සු! (නි)

:       0       0

සමරේ - (ගාල්ල) Wednesday, 22 October 2014 08:15 AM

ඔබ මුදුන් මුලක් තියෙන මිනිහෙක්. ඔබේ ප්‍රතිපත්තිවලට ගරුකරනවා.(හේ)

:       0       0

ධාරංග Wednesday, 22 October 2014 09:20 AM

ඇමතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගියොත් එය ඔහු සිය පියාණන්ට කරන මදි පුංචි කමක්.(හේ)

:       0       0

චාමර Wednesday, 22 October 2014 07:55 PM

මේ වගේ බොහොමයක් ඉන්නවා. ඉදිරියටත් කාගෙන ඉන්නමයි බලන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 146 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site