
(කේ.ආර්. රාජමන්ත්රී)
කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානට අද දින ගොවියන් සහ ව්‍යාපාරිකයන් ගෙනා එළවළුවල මිළ පහළ යාමේන් තමන් මහත් ආර්ථික අපහසුවට පත්ව ඇතැයි ගොවිහු මැසිවිළි නගති.
ඇදහැළුනු අධික වර්ෂාව හේතුවෙන් උමාඔය ආශ්රිත වගාබිම් මෙන්ම ජලය බැස යන කුඩා ඔයවල් පිටාර ගැලිම නිසා වැලිමඩ සානුවේ එළවළු කොටුවල පැවැති එළවළු වගාවන්ට දැඩි හානි සිදු විය.
වර්ෂාව නිම විමත් සමගම වගාබිම්වල ඉතිරිව තිබු එළවළු විනාශවි යාමේ අවදානමක් හේතුවෙන් ගොවින් මේ වන විට තම වගා අස්වනු කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන එන බව පැවසේ.
නායයැම් නිසා මාර්ග අවහිර විම නිසා බාහිර වෙළදුන්ගෙන් බහුතරයක් නොපැමිණෙන බව කැප්පෙටිපොළ ආර්ථික මධයස්ථානයේ වෙළෙන්දෝ පවසති.
එනිසා එලවළු මිළ පහත වැටිමට ලක්ව ඇති බවත් ඔවුහු පවසති.
කැරැට් කිලෝවක් රුපියල් 250- 300, බෝංචී රුපියල් 800-850යි වම්බටු කිලෝව රුපියල් 100-120යි, තක්කාලි කිලෝව රුපියල් 200-220යි ,ලීකුස් කිලෝව 180-200 යි, බීට් කිලෝව රුපියල් 250-300 යි, ගෝවා කිලෝව රුපියල් 100- 120 යි වැලිමඩ අර්තාපල් කිලෝව රුපියල් 300-320 වැනි මුදලකට අලෙවි විය.
අනෙකුත් උඩරට එළවළු මිළත් පහත වැටිලා. අද සවස් වෙන විට තවත් එළවළු රැගෙන ඒවි ඒ අනුව එළවළු විකුණා ගැනිමේ ගැටළුවක් තිබෙනවා. වැලිමඩ නුවර එළිය මාර්ගය හරහා කොළඹ මාර්ගයේනාය යැම් නිසා එළවළු කොළඹ මැනින් වෙළදපොළට යැමේ අර්බුදයක් මතුව තිබෙනවා යායි ගොවීහු පැවැසූහ.



2025 දෙසැම්බර් මස 04
458
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කැප්පෙටිපොළ ගොවීන්ගේ කඳුළු කතාව
pakeer Tuesday, 02 December 2025 09:00 PM
මේ වෙලාවේ ඇයි රජයට මේකට මැදිහත් වෙන්න බැරි ඇයි? අපි කරොත්, බෝංචි ගන්නේ කිලෝ 1800ට...