IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කැපකරු මාපිය ක්‍රමයට අලුත් නීතියක්

(අංජුල මහික වීරරත්න)

කැපකරු මාපිය රැකවරණය සඳහා නව නීතියක් සම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ විකල්ප රැකවරණ අවශ්‍යතා ඇති සියලු ළමුන් ආවරණය වන පරිදි කැපකරු මාපිය රැකවරණය පිළිබඳ විධිමත් නෛතික ප්‍රතිපාදනයක් මේ වන විට ක්‍රියාත්මක නොවන බව හඳුනාගෙන ඇත.

එබැවින්, කාලීන අවශ්‍යතාවක් බවට පත් වී ඇති පවුල්පාදක විකල්ප රැකවරණ ක්‍රමයක් වන පෝෂිත රැකවරණ (කැපකරු මාපිය ක්‍රමය) සංකල්පය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් කැපකරු මාපිය රැකවරණ යාන්ත්‍රණය ස්ථාපිත කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

 එකී යෝජිත යාන්ත්‍රණය මඟින්, කැපකරු මාපිය රැකවරණය ස්ථාපිත කිරීම සහ දුරස්ථ මාපිය රැකවරණ සහාය යන ප්‍රධාන ක්‍රම දෙකක් යටතේ රැකවරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

 ඒ අනුව, එකී සංකල්ප පත්‍රිකාව මත පදනම්ව, කැපකරු මාපිය රැකවරණය සඳහා නව නීතියක් හඳුන්වා දීම පිණිස පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා වැඩබලන කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

කැපකරු මාපිය ක්‍රමයට අලුත් නීතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 7 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site