IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


කඳුකරයේ වැඩ දහ දාහක් අරඹයි

(අංජුල මහික වීරරත්න)

මේ වසරේ මුල් කාර්තුව අවසන් වන විට කදුකර දශකය බහුකාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩ සටහන යටතේ ව්‍යාපෘති 10,765ක් ක්‍රියාත්මක කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

තෝරා ගත් දිස්ත්‍රික්ක 12ක ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සදහා යොදවා ඇති මුදල රුපියල් මිලියන 4109.20කි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවකට අනුව මෙවර අයවැයෙන් කදුකර දශකය දස අවුරුදු බහු කාර්ය ග්‍රාමීය හා ප්‍රජා සංවර්ධන වැඩ සටහන සදහා වෙන් කෙරුණු මුදල රුපියල් මිලියන 10.000කි. කලුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, කුරුණෑගල, අම්පාර යන දිස්ත්‍රික්ක වල මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.

පළමු කාර්තුවේ දී දිස්ත්‍රික්ක 9ක් ව්‍යාපෘති සදහා ප්‍රතිපාදන වෙන් කර ඇති අතර මේ මාසයේ  රත්නපුර, කෑගල්ල හා බදුල්ල දිස්ත්‍රික් සදහා ද ප්‍රතිපාදන වෙන් කෙරුනු ඇත.



අදහස් (6)

කඳුකරයේ වැඩ දහ දාහක් අරඹයි

Nimal Wednesday, 17 April 2024 11:50 AM

මෙතුවක් කල් නිදාගෙන ඉඳලා දැන් මොකක්ද මේ වෙනස? ඡන්දය ළඟ එනවද?

:       2       12

End Game Wednesday, 17 April 2024 08:17 PM

ඔව්.චන්දෙට වියදම් කරන්න සල්ලි හොරකම් කරන්න ඕනනේ

:       0       0

Asela Wednesday, 17 April 2024 11:57 AM

අපරාදේ පටන්ගත්තේ....!

:       3       8

"LGPJ Wednesday, 17 April 2024 01:22 PM

ගස්වල විශාල විනාශයක්...!

:       1       6

පිටරටවැසියා Wednesday, 17 April 2024 01:26 PM

ඒ කියන්නේ එක ව්‍යාපෘතියකට දළ වශයෙන් තුන් ලක්ෂ අසූ දෙදාහක මුදලක් වැය කරලා... ඔතැනින් හොරකම් කරපු ගණන අයින් කෙරුවාම සොච්චමක් තමයි එක ව්‍යාපෘතියකට ජනතා බදු මුදල් වැයකරලා තියෙන්නේ... ලොකුවට පුම්බලා කීවාට මුකුත්ම නැති ගානයි. හැබැයි පක්ෂ-පාට කරේ තියන් ඉන්න බත් කන ගවයින්ට ඕවා ලොකු ඇති.

:       2       11

ගමේ එඑකාලා Wednesday, 17 April 2024 02:36 PM

කප්පම් කාරයා කියන කතා විශ්වාස කරනවා බොරු...

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සී.අයි.ඩී.ය කියා කෝටියක් අල්ලස් ගත් හතරක් කොටුවෙති
2024 අප්‍රේල් මස 30 90 0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ගත් බව කියන සැසැකකාරියක් ඇතුළු සැකකරුවෝ සිව් දෙනෙක්


අනියම් පෙම මන්නා පහරින් කෙළවර වෙයි
2024 අප්‍රේල් මස 30 259 0

ඌරගස්මන්හංදිය රන්තොටුවිල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුගේ හිසට මන්නයකින් පහරදීමෙන් ඔහු මියගොස් ඇතැයි ඌරගස්මන්හංදිය පොලිසිය පවසයි.


කෝටි හතක ගජමුතු විකුණන්න බැරිවෙයි
2024 අප්‍රේල් මස 30 82 0

රුපියල් කෝටි හතක මුදලකට ගජමුතු පහක් අලෙවි කිරීම සඳහා සූදානම් වූ සැකකරුවන් සිව් දෙනකු ජයල රුක්මණී දේවී හන්දිය අසලදී අත්අඩංගුවට ගත් බව ජා ඇල පොලිසිය පවස


අද වහින පළාත්
2024 අප්‍රේල් මස 30 98 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක


අලුතින් බාර් 470 ක් අරින්න ගැසට්ටුවක්
2024 අප්‍රේල් මස 30 419 0

බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසල් සංඛ්‍යාව 1 108 සිට 1578 දක්වා වැඩි කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර ඇත


කෙන්යාවේ වේල්ලක් කැඩී 42 ක් මරුට
2024 අප්‍රේල් මස 30 870 0

දින ගණනක් තිස්සේ නෙකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්‍, කෙන්යාවේ වේල්ලක් කැඩී ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 395 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1791 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1621 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site