(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
කඳපොළ, පාර්ක් වතුයායේ, එස්කඩේල් පෞද්ගලික තේ වතුයායේ පිහිටි තෙමහල් තේ කර්මාන්ත ශාලාවක අද (18) දා අළුයම හට ගත් හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති බව කඳපොළ පොලීසිය පවසයි.
කඳපොළ පොලීසියේ නිලධාරීන් ප්‍රදේශවාසීන් හා නුවරඑළිය මහ නඟර සභාවේ ගිනි නිවන ඒකකය සමග එක්ව ගින්න නිවා දැමීමට පියවර ගත් බව කඳපොළ පොලීසියේ උසස් නිලධාරියෙනක් පැවසීය.
මෙහිදී කිසිදු ජීවිත හානියක් සිදුව නොමැත. ගින්නෙන් විනාශයට පත් දේපළ පිළිබඳව තක්සේරු කර නොමැති බවත්, ගින්නට හේතුව පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් කඳපොළ පොලීසිය වැඩිදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම නිෂ්පාදන කම්හල්වල නිෂ්පාදිත හොරකම් කිරීමක් වුණොත් ඔහොම දේවල් අනිවාර්යයෙන් වෙනවා. ඒ නිසා ඒවා ගැන විමර්ශනය කළොත් රක්ෂණ ආයතන වලට හොඳයි..
හත්දෙයියනේ, ජෙප්පන් ආයේ වැඩ පටන්ගත්තා වත්ද? 88 - 89 වගේ? අපේ කඳ නැති ඔළුගෙඩි ආයේ තුන්මන් හන්දිවල තියෙයිද?