IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කඳුකර ජලාශ සිඳීගෙන යයි

ජාතික විදුලි බල පද්ධතියට විදුලිය සපයන කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම මධ්‍යම කඳුකරයේ වියළි කාලගුණයත් සමග පිටාර මට්ටමේ සිට සියයට 50කින් පහත බැස ඇති බව  විදුලි බල මණ්ඩලය පවසයි. මාවුස්සාකැලේ ජල මට්ටම අඩි 60කින් ද, කාසල් රී  අඩි 43 කින් ද පහත බැස ඇත. කාසල් රී ජලාශයෙන් විදුලිය උත්පාදනය කරන විමලසුරේන්ද්‍ර විදුලිය බලාගාරයේ විදුලි ජනක යන්ත්‍ර හයෙන් එකකින් පමණක් විදුලිය උත්පාදනය කරන බව එහි ප්‍රධාන ඉංජිනේරුවරයෙක් කීය. මාවුස්සාකැලේ ජලාශයට යටවූ හින්දු කෝවිලක නටඹුන් ද මතුවී ඇත.



අදහස් (0)

කඳුකර ජලාශ සිඳීගෙන යයි

අන්කල් Monday, 18 June 2012 01:17 PM

සුභ අනාගතයක්...

:       0       0

කුමුදුමලී Monday, 18 June 2012 05:51 PM

කල් වැසි වසීවා කෙත්වතු සාර වේවා සත් සිත් නිවේවා රජය දැහැමිව ලොවැඩ වේවා

:       0       0

හේරත් Tuesday, 19 June 2012 10:10 PM

මොන ප්‍රශ්න තිබුණත් අපේ ගමන අපි යනවා.ජය වේවා!

:       0       0

සනත් Tuesday, 19 June 2012 10:11 PM

දැන් මේකටත් පළි අපේ දුටුගැමුණු කුමාරයද? මොනවා වුණත් වතුර නෑ කන්න නෑ කියලා යුද්දේ කාලේ වගේ දැන් මිනිස්සු මැරෙන්නේ නෑනේ.ඇයි මේවා තේරුම් ගන්න බැරි

:       0       0

අමිල කටුනායක Monday, 18 June 2012 01:32 PM

කෝවිලේ නිදන් තියෙනවනම් චාන්ස් එක....

:       0       0

චූටි මල්ලි Monday, 18 June 2012 02:13 PM

බලන්න හසන්ත මේක නේද ආස්චර්ය

:       0       0

බුද්ධික Monday, 18 June 2012 06:43 PM

පාලකයෝ අධාර්මික වෙද්දි ඔහොම වෙනවා...ඇමති මන්ඩලය ගැන තව ටිකක් හිතන්න ......

:       0       0

ජීවන් Monday, 18 June 2012 02:54 PM

ආයුබෝවන් මහරජාණෙනි..

:       0       0

දුප්පතා Tuesday, 19 June 2012 09:24 AM

මේ හින්දු කෝවිල අවුරැදු කීයක් පරණද දන්නේ නෑ නේද?ඇයි මේකත් ඉවත් කරන්න කියයිද දන්නේ නෑ.එතකොට ඉතිහාසයක් නෑ කියල කියන්න පුළුවන් නේ.......

:       0       0

ගාලු කොලුවා Monday, 18 June 2012 02:38 PM

මිනිස්සුනේ දැන් වත් තේරුම් ගන්න...වැලි ගොඩදාන්න එපා..ගස් කපන්න එපා...නිදන් හාරන්න එපා...

:       0       0

සමන් Monday, 18 June 2012 02:57 PM

තව රගර් ගහන්න.ක්‍රිකට් ගහන්න.ලයිට් දාගෙන අත් උස්සගෙන කමෝන් ඇමතිතුමා ළකුණු 6යි

:       0       0

පොඩි මල්ලි Monday, 18 June 2012 03:14 PM

රටෙ ආශ්චර්ය බලන්න හසන්ත ........

:       0       0

අන්දරේ Monday, 18 June 2012 09:14 PM

රාජා භවතු ධම්මිකෝ.. නම්, දේවෝ වස්සතු කාලේන.. වෙන්න ඕනි නේද?

:       0       0

සමන්ත Monday, 18 June 2012 09:23 PM

මෙයාලට වැස්සත්, පෑව්වත් ආණුඩුව පලි‍‍‍......87,88,89 මෙයාල වෙන රටක වෙන්න ඇති ඉන්න ඇත්තේ..

:       0       0

චම්පි Monday, 18 June 2012 10:11 PM

කාල ගුණ විපර්යාස වලට රජය පලි නෑ. මේ කාලේ විතරද වතුර හිඳුනේ .88,89 කාලේ ලංකාවේ නෙමෙයිද මේ අය හිටියේ..හැමදේම ඇති වෙනවා නැති වෙනවා තමයි...

:       0       0

කේස් Wednesday, 20 June 2012 08:25 AM

පිස්සු.....

:       0       0

සජී Monday, 18 June 2012 03:27 PM

වැස්ස වහින්න දෙවියනේ

:       0       0

නිලන්ත Tuesday, 19 June 2012 05:58 PM

2012 මොනවා හරි වෙන ලකුණු තියෙන්නෙ.. ඒක නිසා දැම්මම තම තමන්ගෙ අගම් සිහි කරගෙන ජීවත් උනොත් හොදයි..!

:       0       0

සුදු මාටින් Monday, 18 June 2012 12:04 PM

සි‍ඳෙන්නැතිව තියේවිද මේ වෙන දේවල් වලට....දෙවියොවත් බලන්නේ නෑ දැන්‍‍‍...

:       0       0

චූටි මල්ලී Monday, 18 June 2012 11:39 PM

බහුතරයකගේ අදහස් කුහකයි....

:       0       0

Monday, 18 June 2012 12:42 PM

ආශ්චර්ය නොවේද මහා රජතුමනි

:       0       0

සිල්වා Monday, 18 June 2012 01:05 PM

නැහැ නැහැ වතුර සේරම හාරපු නිදන් වලවල් වලට පිරිලා‍‍‍‍‍.....

:       0       0

සුජිත් Monday, 18 June 2012 01:36 PM

මලා දැන් කොහොමද ඉන්දියාවට විදුලිය දෙන්නේ, මේ ආශ්චර්ය දකිද්දි මගේ ඇගේ මයිල් කෙලින් වෙනවා හසන්ත .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site