
(නිමල් ජයරත්න)
මා දැන් දවස් තුන හතරක් තිස්සේ කාමරයකට දාලා වහලා කන්න බොන්න දෙන්නෙ නැතිව ගහනවා. මේ ගෙදර හය දෙනකුගේ වැඩ මට කරන්න වෙලා. ඒ වැඩ කරන්න අමාරු නිසා තමයි මගේ කම්මුලට ගහලා මා කාමරයක හිර කරලා දාලා තියෙන්නේ. ඒ නිසා මා මරාගන්න කලින් ලංකාවට ඉක්මනට ගෙන්වා ගන්නයැයි පොළොන්නරුව දිඹුලාගල අංක 38 මහඋල්පත කාශ්‍යපපුර ගම්මානයේ සිට මීට වසරකට පෙර සෞදියේ ගෘහ සේවයට ගොස් කාමරයක සිර කරගෙන සිටින දෙදරු මවක වන 33 වියති දිස්නා ශිරෝමි මහත්මිය හැඬූ කඳුළින් සඳහන් කළාය.
මට මේ ගෙදර අය පඩි දුන්නෙත් නෑ. මම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. පොලිසියත් කිව්වේ වැඩිය කියවන්න එපා ගහලා හිරේ දානවා කියලා. මේ ගෙදර පිරිමි ළමයෙක් ඉන්නවා. ඒ ළමයා මාත් එක්ක හැමදාම රණ්ඩු වෙනවා. පොලිසියට පැමිණිලි කළත් වැඩක් නෑ. මේ ගෙදර එක් කෙනෙක් තමයි පොලිසියේ වැඩ කරන්නේ. ඒ පොලිසියේ කෙනා තමයි කිව්වේ ආයෙත් ගෙදරට ගිහිල්ලා වැඩ කරන්න කියලා. ලංකාවට පෙට්ටියකින් යන්න ආසද කියලා අහනවා.
ස්ථීර නිවෙසක් සහ දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගැනීමට මුදල් උපයා ගැනීමේ අරමුණින් 2022 ඔක්තෝබර් 28 වැනිදා කුරුණෑගල ප්‍රදේශයේ ඒජන්සියක් හරහා දිස්නා සෞදි රටේ ගෘහ සේවයට පිටත්ව ගියාය. තම දරුවන් දෙදෙනා මවුපියන් ළඟ තබා විදේශගත වූ දිස්නා මේ වනවිට අන්ත අසරණතාවට පත්ව සිටින්නීය.
මට මේ ගෙදර අය පඩි දෙන්නේ නැහැ. ඊට පස්සේ ඒජන්සියේ පැමිණිල්ලක් දාලා තමයි මාසිකව පඩියක් ගත්තේ. දැනට මම සෞදි අරාබියේ සකා නගරයේ ගෙදරක කන්න, බොන්න, නැතිව හිර කරගෙන ඉන්නවා. මේ ගැන මට කියන්න කවුරුවත් නෑ. පිරිමි හතරකුයි, ගෑනු දෙන්නකුයි ඉන්වා සේරම වැඩ කරන්න වෙලා තියෙන්නේ මට.
ඒවා කරන්න අමාරු හින්දා තමයි මට මේ ගෙදර අය දස වධ දෙන්නේ. මගේ කම්මුලටයි ජංගම දුරකථනයටයි එක සැරයක් පොල්ලකින් ගැහුවා. දැන් මගේ කම්මුල පැත්තක් ඉදිමිලා. මාව ඒජන්සියටවත් ගිහින් දාන්න කිව්වට පස්සේ කට්ටිය ගෙදර ගේට්ටුවයි සේරම වහගෙන කාමරේට දාලා මට නිතර නිතර ගහනවා හිරිහැර කරනවායැයි දිස්නා ශිරෝමි මහත්මිය හඬා වැළපෙමින් සඳහන් කළාය.
COMMENTS
ලංකා පුරවැසියන් 3d jobs 3ඩී රැකියාවලට විදේශ රටවලට යවා, ලංකා පුරවැඩියන්ට කරන අවමානයට රජය වගකිව යුතු ය. 3d රැකියා යන්න බොහෝ දෙනාට අවබෝධ නැත. රජය තම පුරවැසියන් 3d රැකියාවලය විදේශගත කර රටවිරුවන් ලෙස ඇමතීම හොඳය.
සෞදියේ රැකියා සදහා ගොස් කොපමණ පිරිසක් වද හිංසා වලට වගේම මරණයට පත්වූ අවස්ථා අනන්තවත් අහන්න ලැබෙනවා එහෙම තියෙද්දි සෞදියට යාමෙන් තමයි ඔහොම දේවල් වෙන්නෙ අදාල රැකියා ආයතනය මේවා ගැන නොබලනවා නම් එම ආයතනය තහනම් කරන්න ඕන
තමන්ගෙම රටේ වැඩ කරන්න බැරි අය වැඩිය හොයන්න ගිහිල්ල රටේ දුප්පත් බදු ගෙවන්නන්ටම කරදර කරනවා... ගෘහ සේවිකාවවකට ලංකාවේත් හොඳ පඩි ගෙවනවා. විශේෂයෙන්ම ලදරුවන් බලාගැනීමට.
ජීවිතයට අණතුරක් වීමට කලින් මේ මව බේරා ගැනීමට බලධාරීන් කටයුතු කරනු ඇතැැයි පතමු. මේ වැනි සිද්ධි කොච්චර පත්තරවල යනවද . තවමත් තමන්ගෙ බිරිඳ කූලී වැඩට මැදපෙරදිග එවන පිරිමි ලංකාවේ ඉන්න එක පිරිමි සංහතියටම අවමානයක්
පොලොන්නරුව කියන්නේ අපේ රටේ ඉතා සාරවත් පොළවක් සහිත විශාල භූමියක් ඇති ප්‍රදේශයක් මේ රට වසර 76 ක් පාලනය කල වංචනික දූෂිත පාලකයො කලේ මොනවාහරි දෙයක් දීලා තමන් බලයට පැමිනෙන්නත් ඒ බලය රැක ගන්නත් බොරු පොරොන්දු දෙමින් මාරුවෙන් මාරුවට කළ මේ විපත නිසා අද මෙවැනි තරුණියන්ට අවාසනාවන්ත ලෙස රට රටවල ගොස් තම ජීවිකාව සරි කරගන්න දුක්විදින්න වෙලා තියනවා අරෙහෙ මියන්මාරයේ තරුණ තරුණියො රාශියක් කොටුවෙලා දුක් විදිනවා . මේ පාලකයින්ට බැරිවුනා අපේ රටේ සම්පත් ආදායම් උත්පාදනය වෙනුවෙන් නිසි දැක්මක් යටතේ ආයෝජනය කරන්න,දේශීය කම්හල් විකුණ විකුනා පුරසාරම් කියමින් තමන් වැජඹුනා මිසක් රටට කල දෙයක් නැත .අද රටම බංකොලොත් කවුරු එය අවසන් කීවත් රට විශාල ණය උගුලකට හසුවෙලා රටේ සම්පත් විකිණීමට ඉදිරිපත් කරලා .රට ගොඩනැගීම සඳහා අවංක දේශපාලනයක් අවශ්‍යයි රටගැන ජනතාව ගැන කැක්කුමක් ඇති දේශපාලකයො අවශ්‍යයි අද අදූෂිත අවංක දේශපාලන ව්‍යාපාරයක් ලෙස තොරා ගන්න ඇත්තේ මාලිමාව පමණයි.
ආයෙත් පටන් අරගෙන මන්තරේ අවුරුදු 76 සැපය අවුරුදු 76 සැපය එපා වෙලා තියෙන්නේ අහලාම
කාමරේ හිර කරගෙන ඉන්නවා නම් කතා කලේ කොහොමද?
මේ ගැන විදේශ ඇමැතිවරයා දැනුවත් කරන්න පුළුවන් නම් හොඳයි මොකක් හරි සහනයක් බලාපොරොත්තු වෙන්න දන්නේ නෑ... ඉතින් රටේ දේශපාලකයින් ගැන විශ්වාස කරන්න පුළුවන් තත්වයක් නෑනේ. කවුරු හරි රටේ පාලනය, රටට, ජාතියට සාධාරණ සේවයක් කරන්න පුළුවන්. එහෙම උනන්දුවක් තියන මිනිස්සු ටිකක් අතට ගියොත් මේ වගේ තිරිසන් රැකියාවලට මිනිස්සු යන එක නතර කරගන්න පුළුවන් වේවි...!