IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


කන්ටේනර් කමිටුවට බාලගිරි දෝෂය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කන්ටේනර් 323ක් නිසි පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන්  පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවක් පිහිටුවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය ලැබී මාසයක් ගත වී ඇතත්  එම කාරක සභාව පිහිටුවීමට  තවමත් නොහැකි වී  ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

විපක්ෂය මෙම යෝජනාව ඉදිරිපත් කළේ ඔක්තෝබර් මස 7 වැනිදා බවත් ඔක්තෝබර් මස 10 වැනිදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවද  කාරක සභාව පිහිටුවීමට  එකඟත්වයට  පැමිණ තිබූ බවත් ඔහු ප්‍රකාශ කළේය

එසේම එම යෝජනාව පසුගිය මස 14  වැනිදා  පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට සම්බන්ධ පරිපූරකයේ  දින නියමයක් නොමැති යෝජනාවක් ලෙස  පළ කර තිබූ බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා :

එක දින නියමයක් නොමැති යෝජනාවක් ලෙස ඇතුළත්  කරලා තියෙනවා. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දිනයක් වෙන් කරගමු.



අදහස් (3)

කන්ටේනර් කමිටුවට බාලගිරි දෝෂය

සෙනෙවිරත්න Tuesday, 11 November 2025 12:19 PM

ජාතික කුඩු බලවේගයේ බිස්නස්වලට බාධා කරන්න එපා, ප්ලීස්.

:       4       3

Rata Perata Tuesday, 11 November 2025 01:19 PM

පාස්කු ප්‍රහාරය, බැංකු මංකොල්ල වල පරීක්ෂණ ගැන අවුරුදු ගණනකට කට වහගෙන හිටපු මේ කාලකන්නි මේකට විතරක් කතා කරනවා.

:       4       2

විපරමා Tuesday, 11 November 2025 03:10 PM

මහින්දගේ කාලේ කුඩු අගමැති,කුඩු ජොනියා රේගුවට බලපෑම් කරලා කන්ටේනර් නිදහස් කෙරුවා.තමුන්ගේ කට පූට්ටු වෙලා තියෙන්ඩ ඇති.තවමත් දූෂිත දේසපාලුවන්ට ගැතිකම් කරන උන් රේගුවේ ඉන්නවා. .ඇස් වහලා කන්ටේනර් පැන්නුවා කියලා රාවයක් තියෙනවා?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1696 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site