IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කන්ටේනරයේ යතුරුපැදියක් ගැටී අයෙක් මරුට

(රවින්ද්‍ර ලියනගේ )

කාර්මික දෝෂයක් හේතුවෙන් මීගමුව දන්කොටුව ප්‍රධාන මාර්ගයේ වම් පස නවතා තිබු කන්ටේනර් රථයක පසුපස යතුරුපැදියක් අද (13) පෙරවරුවේ ගැටීමෙන් අයෙකු මරණයට පත් වී ඇති බව වෙන්නප්පුව මුලස්ථාන පොලිසිය කියයි.

මෙම අනතුර අද පෙරවරු 9.30ට පමණ සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ යතුරු පැදියෙහි දෙදෙනෙකු ගමන් කර ඇති බවත් සිද්ධියෙන් මියගොස් ඇත්තේ යතුරු පැදිය පැද වූ වඩුමුන්නේගෙදර පදිංචි වෙනුර ඉමේෂ් නැමති 20 හැවිරිදි තරුණයෙකි.

යතුරු පැදියේ පසුපස ගමන්ගත් 19 හැවිරිදි තරුණයා බරපතල තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුලත් කර තිබේ.

මීගමුව සිට දංකොටුව දෙසට ධාවනය වෙමින් තිබූ කුඩා කන්ටේනර් රථයක පසුපස රෝදයක ටයරයක් පුපුරා යාම හේතුවෙන් මාර්ගයේ වම්පස නතර කර තිබියදී  ඒ දෙසට ධාවනය වූ යතුරු පැදිය කන්ටේනර් රථයේ පසුපස ගැටී මෙම අනතුර සිදුවී ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.

අනතුර සම්බන්දයෙන් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි කන්ටේනර් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව පොලිසිය කියයි.

වෙන්නප්පුව මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක  තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කුලරත්න, සැරයන් (25504) චමින්ද හා කොස්තාපල් (100633) හේරත් යන නිළධාරිහු පරික්ෂණ පවත්වති.



අදහස් (0)

කන්ටේනරයේ යතුරුපැදියක් ගැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site