IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෝනේෂ්වරම් අනවසර ඉදිකිරීම් නවතයි

පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර ඇති ත්‍රිකුණාමලයේ කෝනේෂ්වරම් කෝවිලේ අවසරකින් තොරව ඉදිකළ සියලු ඉදිකිරිම් වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත්විමට කොනේෂ්වරන් කෝවිල් පාලන සභාවට නියෝග කළ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

1981ජනවාරි16දින අංක 124 දරණ ගැසට් නිවේදනය මගින් පුරාවස්තු ආඥාපනත යටතේ මෙම භුමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කර තිබියදි මෙම අනවසර ඉදිකිරිම් සිදුකර තිබේ. මෙම රක්ෂිතයට අක්කර 372යි රූඩ් එකයි පරිචස් 3.6අයත් වේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස මහතා මෙසේ කියයි.

‘මේ කොවිල් භූමියේ තියන ඉදිකිරිම් වලින් 99%ක්ම අනවසර ඉදිකිරිම්. කෝවිලට පිවිසෙන ස්ථානයේ ඇති දේව පිළිමය ඉන් එකක්. මීට අමතරව මහල් හතරකින් යුත්ගොඩනැගිල්ලක් හදන්න ඉතා රහසිගතව ගෝනිවලින් ආවරණය කළ ප්‍රදේශයක කොන්ක්‍රීට් කණු සිටුවමින් තිබුණා. මේ ස්ථානයේ මෙම ඉදිකිරිම් මීට වසර තුනකට පෙර අධිකරණය නියෝගයකින් තහනම් කරතිබු තැනක්. ඒ අවස්ථාවේ  ගොඩ දමා තිබු  ගල්කණු පුවරු මෙවර දක්නට නැහැ. මේවා මුහුදට දැම්මා දැයි සැකයක් තියෙනවා. දැනට මෙ ස්ථානයේ සියලු ඉදිකිරිම් තහනම් කල.කෝවිල් සභාව අපගේ නියෝගයට එකගතාවය පළ කළ නිසා අධිකරණ ක්‍රියාමාර්ගයකට නොගියත් පුරාවිද්‍යා පොලිස් ඒකකයට මෙම ස්ථානය නිරික්ෂණය කිරිමට උපදෙස් දී තිබෙනවා. පැරණි ගෝකන්න  විහාරය තිබු ස්ථානයේ තමයි දේව ප්‍රතිමාව ඉදිකර තියෙන්නේ‘



අදහස් (0)

කෝනේෂ්වරම් අනවසර ඉදිකිරීම් නවතයි

නිමල් ලාලිත Friday, 18 December 2015 01:35 AM

දිමුත්, ඔබේ අදහස හරි. කුරගල විතරක් නොවේ මට නම් විල්පත්තුවත් මතක් වෙනවා. (නි)

:       0       0

උපාලි Thursday, 17 December 2015 12:03 PM

මේවා අවුරුදු ගණනාවක් තිස්සේ ඉඳිකරන තෙක් ඔය කියන බලධාරයින් කොහෙද හිටියේ. ඉඳි කළාට පස්සේ ද තහනම් කරන්නේ. අස්වයා පැන්නාට පස්සෙද කොටුවේ දොරට මුර දාන්නේ. (අ)

:       0       0

දිමුත් Thursday, 17 December 2015 12:34 PM

කූරගලටත් වුණේ ඕකයි. (බ)

:       0       0

රංග වික්‍රමසිංහ Friday, 18 December 2015 03:56 AM

ගෝකණ්ණ විහාරය ගැන කියවෙන වටිනා සෙල්ලිපි තිබුණා. ඒවා කඩලා දාලා. ජාතිවාදීන් කවුද ? (බ)

:       0       0

ගජබා Thursday, 17 December 2015 05:59 PM

සිංහලයාගේ වළ සිංහලයාම කපාගන්නවා (නි)

:       0       0

චානක Thursday, 17 December 2015 08:32 AM

නියපොත්තෙන් කඩන්න පුළුවන් දෙය පොරවෙන් කඩන්න වෙනකන් බලන් ඉන්න එපා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site