IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කාන්දකාඩුවේ තවත් රැදවියෝ පිරිසක් පලා යති:17 ක් අත්අඩංගුවට

( නිමල් ජයරත්න)

පොලොන්නරුව ,වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් පිරිසක්  ඊයේ (24) රාත්‍රී පලාගොස් ඈති බව වැලිකන්ද පොලිසිය කියයි.

පලාගිය පිරිසෙන් 17 දෙනෙකු  අද (25)  උදැසන  සුංගාවිල පාලම අසලදි   අත් අඩංගුවට ගෙන තිබෙන බවද පොලීසිය කියයි.

 නවසේනපුර වෘත්තීය පුහුණ මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කණ්ඩකාඩු වෘත්තිය පුහුණු  මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් අතරතුර මෙම පිරිස පලාගොස් ඇති බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය කියයි.

පලාගොස් සෝමාවතිය වනෝද්‍යානයේ හා ඒ අවට සැගව සිටින රැදවියන් අත් අඩංගුවට ගැනීම සදහා පොලිසිය ,,යුද හමුදාව එක්ව විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත රත්නායක මහතා කීය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවියන් 408 දෙනෙකු පුනරුත්ථාපනය වෙමින් සිටි අතර ඔවුන්ගෙන් 200 ක ආසන්න රැදවියන් පිරිසක් පලාගොස් තිබෙන බව එම මධ්‍යස්ථානයේ ආරක්ෂක අංශයේ උසස් නිලධාරීයෙකු පැවසීය.



අදහස් (0)

කාන්දකාඩුවේ තවත් රැදවියෝ පිරිසක් පලා යති:17 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site