IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කාන්තා දිනයදා ලක් කතුන්ගේ වික්‍රමය

(ටී.කේ.ජී.කපිල )

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කාන්තා ගුවන් නියමුවරියන්ගෙන්  සහ අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්ඩලය ද කාන්තාවන් පමණක් ඇතුළත් ගුවන් යානයක් අද උදෑසන ඉන්දියාවේ ට්‍රිචි නුවර  බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් කර හැරිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසීය .

මෙම ගුවන් නියමුවරියන් ඇතුළු කාන්තා කාර්යය මණ්ඩලය අද දහවල් 11.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 132 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 61 දෙනෙකු රැගෙන , ඉන්දියාවේ ට්‍රිචි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් අද උදෑසන 08.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 131 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ ට්‍රිචි නුවර  බලා , ගුවන් මගීන් 67 දෙනෙකු රැගෙන  කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබුණි .

මෙම ගුවන් ගමන සදහා ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොමු කර තිබූ අතර ප්‍රධාන ගුවන් නියමුවරිය ලෙස කපිතාන් චාමිකා රූපසිංහ  සහ සහාය ගුවන් නියමුවරිය ලෙස පළමු පියාසර  නිලධාරී බිමාලි ජීවන්දර කටයුතු කර තිබුණි .

මීට අමතරව ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස  තවත් කාන්තා නිලධාරිනියන් 05 දෙනෙකු ද සහභාගී වී සිටියහ . ඔවුන් අතර ගුවන් කාර්යය මණ්ඩල ප්‍රධානී රොෂානී දිසානායක , ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල , ගුවන් සේවිකා ලක්මිණි දිසානායක , ජයකළණි කින්සන් සහ හර්ෂි වල්පොල  සිටියහ ‍.

 



අදහස් (9)

කාන්තා දිනයදා ලක් කතුන්ගේ වික්‍රමය

Namal Wednesday, 08 March 2023 01:59 PM

ගමන ආරම්භයට පෙර මගීන්ට මේ බව දැනුම් දුන්නාද?

:       18       11

උපාලි Wednesday, 08 March 2023 02:12 PM

අගෙයි, අගෙයි.... හරි සතුටුයි. ජයවේවා...! රටේ අපහසු කාලයේ රට දාලා යන අයට හොඳ ආදර්ශයක්....!

:       2       17

Prabha Wednesday, 08 March 2023 03:10 PM

යන්නේ හොම්බෙන් නමුත් ආටෝපේ නම් අඩුවක් නෑ

:       3       4

පිටිගල මිලානෝ Wednesday, 08 March 2023 03:37 PM

කාන්තා දිනේට නම් නිතං ටිකට් එකක් දුන්නත් ශ්‍රීලාංකන් නම් යන්නේ නැහැ. අනිත් එක මගීන්ට මේ බව කලින් දැනුම් දෙන්න ඕන එතකොට කල් ඇතුව දිනේ මාරු කරගන්න පුලුවන්නේ.

:       14       10

fairoos Wednesday, 08 March 2023 05:20 PM

සියලු දෙනාටම සුබ කාන්තා දිනයක් වේවා..!

:       1       8

Bamunuaracchi Thursday, 09 March 2023 03:06 PM

නියමයි, ලස්සනයි එයාර් ලංකා එකේ 60 පිරුණු බාලිකාවන්ගේ වික්‍රමය.

:       1       1

Jayantha Thursday, 09 March 2023 09:51 PM

නියමයි

:       0       0

Jayantha Thursday, 09 March 2023 09:58 PM

සමහරු විවේචනය කරන්න පුළුවන්. ඒත් ඒක ලොකු ජයග්‍රහණයක් කියලා මට හිතෙනවා. සමහර මම කියන්නේ සම හරක්.

:       0       0

herathFriday, 10 March 2023 02:55 PM

සමහරක් නොවන මනහරක් වන අය...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 398 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site