කහවත්ත කොටකෙතන කාන්තා ඝාතන නඩුවේ චූදිතයන් නිදොස්කොට නිදහස් කිරීමට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන්නැයි ඉල්ලා අයිතිය උදෙසා කාන්තාවෝ සංවිධානය නිසින් නීතිපතිවරයා වෙත අද (05) විශේෂ සංදේශයක් බාර දුන්නේය .
අපරාධ රැල්ල හමුවේ මොවුන් නිදහස් කිරීමෙන් මතබේදාත්මක තත්ත්වයක් ද මතුවී ඇති හෙයින් කොටකෙතන කාන්තා නඩුවේ චූදිතයන් නිදහස් කිරීමට එරෙහිව වහා අභියචනයක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි තම සංවිධානය නීතිපතිවරයාට යොමු කළ සංදේශයෙන් විශේෂ අවධානයට ලක් කළ බව අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සම සභාපතිනි සමන්මලී ගුණසිංහ මහත්මිය එසැණට පැවසුවාය.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කාන්තාවෝ කොටකෙතන නඩුව ගැන නිතීපතිට කියති
ලුසේනා Friday, 05 June 2015 09:38 AM
තමන් මිනීමැරීම සිදුකළ බවට පාපොච්චාරණයක් කරලා තිබියදීත් අධිකරණයෙන් නිදහස් කළ යැයි යහපාලනයේ අනුහසින්ද ?(ම)
චන්න බුවනක Friday, 05 June 2015 12:09 PM
උදාර කාන්තාවෝ! (නි)
සෙනරත් බණ්ඩාර Saturday, 06 June 2015 05:13 AM
වැරදිකරුවන්ට දඩුවම් දියයුතුයි.එහෙත් නිවැරදිකරුවන්ට දඩුවම් දීම නොකළ යුතුයි.රටේ නීති විශාරදයන් කිහිප දෙනෙක්ගේ අධීක්ෂණය යටතේ තමයි මේ නඩුව විභාග කෙරුනේ. ඔවුන් මිනීමැරුම සිදුකළ බවට සාක්ෂි ඇත්නම් එම සාක්ෂි මඟින් ඒ බව ඔප්පුකොට ඔවුන්ට දඩුවම් කරන්න.සාක්ෂි නොමැතිව නොකළ වරදකට දඩුවම්දීම වැරදි ක්‍රියාවක්. මම ඒ මිනීමැරුම් නඩුවෙහි චුදිතයන් නිදහස් වී එන අයුරු රූපවාහිනී පුවත් තුළින් දුටුවා. ඇත්තටම ඔවුන්ගේ ස්වාමි බිරිඳවත් ඔවුන් එවන් දෙයක් කළ බවට විශ්වාස නොකරන්න ඇති.ඔවුන්ද අවසාන මොහොතේ ඔවුන් සමඟ පැමිණ සිටිනු දක්නට ලැබුණා.කෙසේ වෙතත් තවමත් මිනීමරුවන් නිදැල්ලේ ...........? (නි)