(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කාන්තාවන් සඳහා වෙනම සිරමැදිරි පිහිටවිය යුතු බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ තලතා අතුකෝරල පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවාය.
දැනට බන්ධනාගාරවල සිරකාරියන් වෙනම රඳවා තැබුවත් කාන්තාවන්ට වෙනම ස්ථාන වෙන් කිරීම වැදගත් බවද ඇය ප්‍රකාශ කළාය.
අතුකෝරල මහත්මිය මෙසේ පැවසුවේ අධිකරණ පනත් කෙටුම්පත් පහක් සම්බන්ධයෙන් පැවැති විවාදයේදීය.
බන්ධනාගාර සඳහා වෛද්‍ය මණ්ඩල පත් කිරීමේදී එම ක්‍රියාවලිය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම සහිතව සිදුවීම වැදගත් බවද අතුකෝරල මහත්මිය සඳහන් කළාය.
තලතා අතුකෝරල මහත්මිය මෙසේද පැවසුවාය.
"රටේ ඉඩම් සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තිබෙනවා. මේ කටයුතු බොහොමයක් සිදුවෙන්නේ මුදලට. කොළඹ දිස්ත්‍රික්කය ගත්තොත් ඉඩම් රෙජිස්ටාර් කාර්යාල දෙකක් තියනවා. ඒ වගේම රටේ හැම තැනම කාර්යාල තියෙනවා. හැම බිම් අඟලක් සම්බන්ධයෙන්ම විස්තර ඒවායේ තියනවා. මේ තැන් වලින් ජනතාවට ලබාදෙන සේවය පුළුවන් උපරිමයෙන් කළ යුතුයි. රට බංකොලොත් වෙලා තියෙන වෙලාවක ලොකු වියදමක් දරන්න බැහැ. හැබැයි ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කෙරෙන කටයුතු ස්වාධීන විය යුතුයි. නීතිඥ ප්‍රජාව හැටියට මේ පහසුකම් පනත් සංශෝධනය වෙනවා වගේම මේ ගැන පැකිලීමකින් තොරව අපි අවශ්‍ය සහයෝගය දෙනවා . යම් යම් තැන්වල යම් යම් ආයතන වල සිද්ධ වෙන වංචාසහගත දේවල් දූෂිත ක්‍රියා තියෙනවා. මේකට සෘජුවම පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධ විය යුතුයි. පොලිසියේ වගකීම අති විශාලයි. හැමෝම එකතුවී මේවා ක්‍රියාත්මක කළ යුතුයි. එසේ නොවුණහොත් අපේ රටේ නීතිය මේ සිස්ටම් එක හරිහැටි ක්‍රියාත්මක වෙන්නේ නෑ.ඒ වගේම බන්ධනාගාර ආඥා පනතේ නීති සංශෝධනය කිරීමෙන් සිරකරුවෝද මනුශ්‍යයෝය කියන එක තහවුරු කරන්න ඇමතිවරයා උත්සාහ කර තිබෙනවා.
බෝනොවන සනීප කළ නොහැකි ලෙඩ හැදිලා ඉන්න ලෙඩුන් පවා බන්ධනාගාර තුළ ඉන්නවා.මේ සංශෝධන මගින්බ් ඒ අයට හොඳ වෛද්‍ය මණ්ඩලයක් දාලා තිබෙනවා.එය සෞඛ්‍ය අධ්‍යක්ෂ නම් කරන වෛද්‍ය මණ්ඩලයක් විය යුතුයි.ඒ වගේම සම්පූර්ණයෙන්ම ස්වාධීන විය යුතුයි. දැන් ඇත්තටම බන්ධනාගාරය ගැන කතා කරන්න දෙයක් නෑ.ඇත්තටම දූෂිත වෙලා. ඒක මිනිසුන්ට සලකන්නේ නැති තැනක් කියලා තමයි මට කියන්න වෙන්නේ.
2025 දෙසැම්බර් මස 18
261
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
989
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තාවන්ට වෙනම සිර මැදිරි ඕනෑ
""උම්මදේවි"" Wednesday, 19 October 2022 03:34 PM
හිරේ ඉන්න ගෑණු එකතු වුණාම කොච්චරවත් කියවන නිසා වෙන්නැති අපේ උම්මාදේවිට ඔය අදහස පහල වුනේ...!
sugath Wednesday, 19 October 2022 05:01 PM
කාලීන අවශ්‍යතාවක්...!
nimal Wednesday, 19 October 2022 05:17 PM
බන්ධනාගාරවල සිටින සියලු සිරකාරියන් කාන්තාවෝය. දැනට බන්ධනාගාරවල සිටිනා සිරකාරියන් සහ කාන්තාවන් අතර වෙනස කුමක්ද?
හීං මාමා Wednesday, 19 October 2022 05:48 PM
උම්මාදේවි කියලා කමෙන්ට් කරන කෙනා හිතාගෙන ඉන්නවා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්නේ එකම මංත්‍රීවරියක් පමණයි කියලා හිතෙනවා. මොකද උම්මාදේවි කියන්නේ මෙතුමියට නොවෙයි කියන්න උන්දෑ දන්නේ නැහැ. මෙතුමිය උම්මාදේවි වගේ වැඩකරන කෙනෙක් නොවෙයි..!
fairoos Wednesday, 19 October 2022 07:03 PM
ඉතාම වැදගත් අදහස් ටිකක්...!