පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගි අංශයේ සහ මුලික සත්කාර ඒකකයේ කාර්යභාර වෛද්‍ය - ලලිත් නන්දික විජේසේකර
කාන්තාවන්ගේ යෝනි මාර්ගයෙන් ස‍්‍රාවයක් පිටවීමේ සංසිද්ධිය පිළිබඳව අප සමාජය තුළ නොයෙක් මත පවතින අතර එම තත්ත්වයට මුහුණ දෙන ඇතැම් කාන්තාවන් මානසික වශයෙන් පීඩාවට පත්ව සිටිනු දැකිය හැකිය. ශ්‍රී ලාංකික ජනසමාජයේ තිබෙන සංස්කෘතිකමය පසුබිම තුළ මෙම තත්ත්වය පිළිබඳව වෛද්‍යවරයකුට පවා ප‍්‍රකාශ කර සිටීමට මැලිවමන අවස්ථාවන් බොහෝ විට දක්නට ලැබේ. එබැවින් මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා සිටීම ඉතා වැදගත්ය.
1. ස්වභාවික වශයෙන් සිදුවන සුදයාම
ගර්භාෂ ශ්‍රීවය සහ ස්ත‍්‍රි ප‍්‍රජනක පද්ධතියේ පහළ කොටසේ ග‍්‍රන්ථි වලින් පිටකරන ශ්ලේෂ්මල සහ ගැලවී ගිය සෛල වලින් සමන්විත ස්වභාවිකව පිටවන ස‍්‍රාවය සාමාන්‍යයෙන් සුදු පැහැති හෝ ශ්ලේෂ්මලමය ස්වභාවයක් ගනී. මෙම ස‍්‍රාවයේ ප‍්‍රමාණය පුද්ගලයාගේ පුද්ගලයාට වෙනස් විය හැකිවන අතර ඩිම්බ මෝචන සමයේදී, ආර්තවයට ප‍්‍රථම කාලපරිච්ජේදයේදී, ලිංගික සංසර්ගයේදී සහ ගර්භනී අවධියේදී එම ස‍්‍රාවයේ සාපේක්‍ෂ වැඩිවීමක් දැකගත හැකිය. මෙම ස්වභාවික ස‍්‍රාවය පිටවීම සමඟ කැසීමක්, දැවිල්ලක් හෝ වෙනත් කිසිදු අසාමාන්‍යතාවයන් ඇති නොවන අතර එය බොහෝ විට සුදයාම වශයෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ හැදින්වේ. මේ සමඟ ශරීරය කෘෂවීමක් හෝ දුර්වලවීමක් කිසිසේත්ම සිදුනොවන අතර එය සම්පූර්ණයෙන්ම ස්වභාවික වූ කි‍්‍රයාවලියකි. උපත් පාලන උපක‍්‍රම වශයෙන් හෝ ආර්තව සමයේදී භාවිතාකරන සනීපාරක්‍ෂක උපක‍්‍රම වශයෙන් හෝ යෝනි මාර්ගය තුළට ඇතුලත් කරනු ලබන ආගන්තුක ද්‍රව්‍ය හේතු කොටගෙන ස්වභාවිකව පිටවන යෝනි ස‍්‍රාවයේ කැපී පෙනෙන වැඩිවීමක් ඇතිවිය හැකිවන අතර එහිදී එය ආසාදනයට පවා ලක්විය හැකිය. ගර්භාෂ ශ්‍රීවය ඇතුළත කොටස ආස්තරණය කරන ග‍්‍රන්ථිමය අපිච්ඡය ලිංගික හෝමෝනවල උත්තේජනය මත පිටතට වර්ධනය වීමෙන් ඇතිවන තත්ත්වය Ectropion වශයෙන් හැදින්වෙන අතර එවැනි අවස්ථාවකදී ද යෝනි මාර්ගයෙන් ශ්ලේෂ්මල සහිත ස‍්‍රාවයක් පිටවිය හැකිය.
2. අසාමාන්‍ය වශයෙන් සිදුවන යෝනි ස‍්‍රාවය
සාමාන්‍යෙයන් යෝනි මාර්ගය හා ආශ‍්‍රිතව බැක්ටීරියා, වෛරස, දිලීර හෝ පරපෝෂිත ආසාදන තත්ත්වයක් හට ගැනීම අසාමාන්‍ය වශයෙන් යෝනි ස‍්‍රාවය පිටවීමක් සිදුවීමට බලපාන සුලභවම හේතුව වශයෙන් දැක්විය හැකිය. ක්ලැමිඩියා ට‍්‍රැකොමටිස් නමැති බැක්ටීරියාවෙන් හෝ නිසිරියා කොනෝරියේ නමින් හැදින්වෙන ගොනෝරියා නම් සමාජ රෝගය ඇතිකරන බැක්ටීරියාවෙන් යෝනි මාර්ගය ආසාදනය වූ විට කිසිදු වෙනත් රෝග ලක්‍ෂනයක් නොමැතිව යෝනි ස‍්‍රාවය ගැලීමක් සිදුවිය හැකිය. Bacterial vanginosis නමැති ආසාදන තත්ත්වයේදී කිලිටි, ඉතා දුඟද හමන ස‍්‍රාවයක් පිටවේ. දිලීර ආසාදන අතර candida albicans නමැති දිලීර ආසාදනය වඩාත් සුලභ අතර එහිදී කැසීමක්ද සහිතව පිටවන යෝනි ස‍්‍රාවය ඝන සුදු පැහැති ස්වභාවයකින් යුක්තය. ට‍්‍රයිකොමොනාස් වැජිනාලිස් නමැති පරපෝෂිත ජීවියාගෙන් ආසාදනය වූ විට කොළ පැහැයට හුරු දුඟද හමන ස‍්‍රාවයක් කැසීමක්ද සහිතව පිටවේ. හර්පීස් ගෙනිටාලිස් නමැති වෛරස ආසාදනය හටගත් විට යෝනි මාර්ගය තුළ වේදනාකාරී තුවාල සමඟ ස‍්‍රාවය වහනය වීම සිදුවන අතර සුව වීමෙන් පසුව වූවද එම තත්ත්වය විටින් විට මතුවිය හැකිය.
ගර්භාෂ එන්ඩොමේටි‍්‍රයම් තුළ හෝ ගර්භාෂ ග‍්‍රිවය තුළ හටගත් පිළිකාමය තත්ත්වයක් හේතු කොටගෙන පිටවන යෝනි ස‍්‍රාවය සාමාන්‍යයෙන් සැරව හෝ රුධිරය මිශ‍්‍රව පිටවේ. මෙම තත්ත්වය ආර්තවය අවසන් වූ හෝ ආර්තවය අවසන් වීමට ආසන්න වූ හෝ කාන්තාවන් අතර වඩාත් සුලභය.
ගර්භානී තත්ත්වයකින් හෝ ගබ්සා වීමකින් පසුව ගර්භාෂය තුළ ඉතිරි වන දරු කළලයේ කොටස් පසු ආසාදනයට ලක් වීමෙන් ද අසාමාන්‍ය යෝනි ස‍්‍රාවයක් පිටවිය හැකිය. මීට අමතරව උදරයේ පහළ කොටස තුළ සිදුකරනු ලබන ශල්‍යකර්ම, උදරය තුළ ඇතිවන පිළිකා රෝග සහ උදරය ප‍්‍රදේශයට කරනු ලබන විකිරණ ප‍්‍රතිකාර වැනි හේතුන් මත මහා අන්ත‍්‍රය හෝ මුත‍්‍රා වාහිනි පද්ධතිය තුළ අසාමාන්‍ය විවෘතවීම් හටගත් අවස්ථාවකදී ද අසාමාන්‍ය ලෙස යෝනි ස‍්‍රාවය පිටවීමක් දැකිය හැකිවේ. මෙය ඉතා කලාතුරකින් වියහැකි සිදුවීමකි.
මේ සඳහා කරනු ලබන ප‍්‍රතිකාර පිළිබඳව සලකා බලන විට ස්වභාවික වශයෙන් සිදුවන සුද යාමකී කලබලයට පත්විය යුතු නොවන අතර දිනපතචා ස්නානය කර පිරිසිදුව සිටීම සහ කපුවලින් තැනූ යට ඇඳුම් භාවිතා කිරීම ප‍්‍රමාණවත් වේ. උපත් පාලන උපක‍්‍රම භාවිතය හෝ යෝනි මාර්ගය තුළට ඇතුළත් කරන ලද වැනි ආගන්තුක ද්‍රව්‍ය හේතුකොට ගෙන යෝනි ස‍්‍රාවය පිටවේ නම් සුදුසු වෛද්‍යවරයකු හමුවී ඒවා ඉවත් කරවා ගත යුතුවේ. Ectropion තත්ත්වය හේතුකොට ගෙන යෝනි ස‍්‍රාවය පිටවීම සිදුවේ නම් එයට නියමිත ප‍්‍රතිකාර නාරිවේදය පිළිබඳ වෛද්‍යවරයකුගෙන් ලබාගත යුතුය.
යෝනි මාර්ගයෙන් අසාමාන්‍ය ස‍්‍රාවයක් පිටවීමේදී සුදුසු වෛද්‍යවරයකු හමුවීම අනිවාර්ය වන අතර එහිදී රෝග ඉතිහාසය විශ්ලේෂණය කර රෝගියා පූර්ණ පරීක්‍ෂාවකට ලක් කෙරේ. ඉන් පසුව යෝනි මාර්ගයෙන් සහ ගර්භාෂ ග‍්‍රීවය ප‍්‍රදේශයෙන් ක්‍ෂුද්‍ර ජීව විද්‍යාත්මක පරීක්‍ෂණ සඳහා සාම්පල ලබාගෙන රසායනාගාරය තුළ පරීක්‍ෂා කරනු ලබයි. එම පරීක්‍ෂණ වාර්තා සහ වෙනත් අදාන පරීක්‍ෂණ වාර්තා විශ්ලේෂණය කර සැලකිල්ලට ගැනීමෙන් පසුව සුදුසු ප‍්‍රතිජීවක ඖෂධ නිර්දේශ කෙරේ. මේ ආකාරයට බැක්ටීරියා, දිලීර, පරපෝෂිත සහ හර්පීස් වෛරස ආසාදන තත්ත්වයන් සඳහා ප‍්‍රතිකාර තීරණය කරනු ලබයි. ගර්භාෂ ග‍්‍රීවය හෝ ගර්භාෂ එන්ඩොමේටි‍්‍රයම තුළ පවතින පිළිකාමය තත්ත්වයක් පිළිබඳව රෝගියා පරීක්‍ෂා කිරීමේදී අණාවරණය වුවහොත් අදාළ පටකවේදි පරීක්‍ෂණ හා වෙනත් පරීක්‍ෂණ මගින් එය තහවුරු කරගෙන පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රෝගියා යොමු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
328
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තාවන්ට පමණයි
නිලන්ති Tuesday, 15 March 2016 08:49 AM
කාන්තාවන්ට ලංකාවේ තියෙන සමාජ පසුබිමත් එක්ක මෙම ලිපි තුලින් දැනුවත් වීමට අවස්ථාව ලැබීම හොදයි. (ර)
නිශාන්ති Thursday, 10 December 2015 02:43 AM
හොඳ ලිපියක් (නි)
දිනුකා Tuesday, 31 October 2017 07:27 AM
අගය කරමි...