
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රඹුක්කන පරපේ ඉහලගම ප්‍රදේශයේ පිහිටි නිවසකට රාත්‍රී කාලේ ඇතුළු වී එම නිවසේ සිටි 60 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ බව කියමින් නිවසේ අය විසින් බැඳ දමා සිටි පොලිස් සැරයන්වරයෙකු මුදාගෙන පසුව ඔහු සැකපිට අත්අඩංගුවට ගත් බව රඹුක්කන පොලිසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන්න පොලිස් සැරයන්වරයෙකි.
එම නිවසේ සිටි 60 හැවිරිදි කාන්තාව විසින් කරන ලද පැමිණිල්ල අනුව පරීක්ෂණ පවත්වා මෙම සැරයන්වරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
රඹුක්කන පොලීසියේ රාජකාරි කරන මෙම සැරයන්වරයාගේනායකත්වය යටතේ පොලිස් කොස්තාපල්වරයකු හා පොලිස් කොස්තාපල් රියදුරෙකු පසුගිය 24 වැනිදා රාත්‍රී කාලයේ සිට පසුදින අලුයම් කාලය දක්වා පොලිස් කැබ් රථයකින් ජංගම සංචාරයේ යොදවා ඇත.
මෙම පොලිස් සැරයන්වරයා එදින රාත්‍රී 11.30 ට පමණ පොලිස් ස්ථානයට ගොස් ආපසු පැමිණෙන බව සෙසු නිලධාරීන් දෙදෙනාට පවසා පොලිස් කැබ් රථයෙන් බැස පිටව ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඉහලගම ,පරපේ ප්‍රදේශයේ කාන්තාවගේ නිවසට හොරෙකු ඇතුළු වී ඇති බවට පොලිස් 119 හදිසි ඇමතුම් අංශය මගින් කරන ලද දැනුම්දීමක් අනුවපොලිස් කැබ් රථයේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් දෙදෙනා සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුදැක් කැඳවාගෙන එම නිවස සොයා ගොස් ඇත.
නිල ඇඳුමින් සැරසී සිටිය දීම පොලිස් සැරයන්වරයා නිවසෙහි ඉදිරිපිට බැඳ දමා සිටින අයුරු එහි ගිය පොලිස් නිලධාරීන්ට දැකගැනීමට ලැබී ඔහු මුදා ගෙන ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය.
මෙම පොලිස් සැරයන්වරයා නිවසට ඇතුළු වී තමාට අඩන්තේට්ටම් කර ලිංගික අතවර කළ බවට 60 හැවිරිදිකාන්තාව පැමිණිලි කළේ යැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
කාන්තාව කළ පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගෙනඔහු නිවසට පැමිණ තිබූ යතුරුපැදිය ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා සැරයන්වරයා කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස තුන්වෙනි දා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළේ යැයි රඹුක්කන පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
449
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1037
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තාවකට අතවර කළ සැරයන් අත්අඩංගුවට