IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කාන්තාවකගෙන් පන්දහසක් ගත් පීසී අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

රියදුරු බලපත්‍රය නොමැතිව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබූ යතුරු පැදියක් මුදා හැරීමට කටයුතු කර දෙන බවට පවසා කාන්තාවකගෙන් රුපියල් 5000 මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත් අඩංගුවට ගත් බව කුරුඳු වත්ත පොලිසියකියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ රථ වාහන අංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකි. බොරැල්ල වෝඩ් පෙදෙසේ පදිංචි යතුරුපැදියේ හිමිකාරිය කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරික්ෂා කිරීම සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවටද වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාගේ රාජකාරී වැඩ වැඩ තහනමට ලක් කිරීමට කොළඹ දකුණ සහකාර පොලිස් අධිකාරි පි ආර් සමන් ජයලත් මහතා විසින් පියවර ගෙන ඇත .



අදහස් (2)

කාන්තාවකගෙන් පන්දහසක් ගත් පීසී අත්අඩංගුවට

Shantha - Qatar Sunday, 06 July 2025 11:59 AM

කොස්තාපල් වරයාගේ නමත් දාන්න .තව දුන්න අයගෙන් පැමිණිලි එන්න පුළුවන්

:       0       6

C.K.Lankaputhra Sunday, 06 July 2025 12:10 PM

මගේ විශ්වාසවන්ත අයෙකුගෙන් ලැබුන ආරංචියකට අනුව නම් පොලිසියේ තරුණ නිලධාරීන් අතරින් බහුතරයක් මතට ඇබ්බැහිවුවන් බවයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site