IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කන්තලේ බොදු - මුස්ලිම් සමගිය තහවුරු කරයි

කන්තලේ  ප්‍රදේශයේ ජනවාර්ගික  සමගිය තවත් තහවුරු කැර ගැනීමට මහා සංඝරත්නය හා ස්ලාමීය මව්ලවිවරු කන්තලේ පොලීසියේ රැස්වීමකදී  සමගි සම්මුතියකට පැමිණියහ.

බුද්ධශාසන නියෝජ්‍ය ඇමැති  එම් කේ ඒ ඩී  එස් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.

කන්තලේ  වෙළුන්නා රජමහා විහාරාධිපති  යටවර පුඤ්ඤරතන උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමියෝ ද කන්තලේ ජමියාතුල් උලමා සභාවේ සභාපති ඉන්සාද් මව්ලවි තුමාද පොලීසිය හා යුද හමුදා නියෝජිතයෝ ද සාකච්ඡාවට පැමිණි අය අතර වුහ.

 

 

 



අදහස් (0)

කන්තලේ බොදු - මුස්ලිම් සමගිය තහවුරු කරයි

සමරතුංග Tuesday, 17 June 2014 02:23 PM

විදේශීය රටවල අතකොලු නොවී ශ්‍රී ලාංකිකයන් විදිහට එකම රටක මිනිසුන් විදිහට සතුටින් සමාදානයෙන් විසීම බොහොම වැදගත්. එය මුළු ලෝකයටම ආදර්ශයකි (නදී)

:       0       0

සේනක Tuesday, 17 June 2014 03:17 PM

කෝ බන්දුල තුමා ? මේවා දැකල උන්නැහේට සතුටු නැද්ද ? (නදී)

:       0       0

පිටිගල Tuesday, 17 June 2014 09:21 PM

දැන් එහෙනම් සේරම ප්‍රශ්න නිවාරණයි තීන්දුයි! අනේ හොඳයි. (නි)

:       0       0

පෝල් Tuesday, 17 June 2014 03:53 PM

බින්දු මොකටද දෙශපාලන විසදුම් ? මොකක්ද මෙතන තියෙන දෙශපාලන ප්‍රශ්නය , (දී)

:       0       0

සජිත් වික්‍රම Tuesday, 17 June 2014 04:02 PM

අපි කව්රුත් මිනිස්සු (නදී)

:       0       0

හේමන්ත Tuesday, 17 June 2014 10:41 AM

කාන්ත' ලේ හොල්ලන්න කලින් මොලේ පාවිච්චි කරලා මේ වගේ සහයෝගිතාවයක් ගොඩ නැගීම ගැන ප්‍රසංශා කලයුතුයි. අන්තවාදී වීම නිසා ( කොයි කවුරු උනත් ) මේ ප්‍රශ්ණ ඇතිවෙන්නේ. සාමය දිනේවා ! මෙත් සිතිනි, (අ)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 17 June 2014 10:51 AM

මේවා කොහොමත් අපේ රටේ තියෙනවා. ඔය ලෝගු කාරයින් සහ සරණාගත කට්ටිය අල්ලන නාඩගම් එක සහ පුරා වස්තු කොල්ල කන එක කුරගල නිල ගල ලංකාපුර වගේ තැන ආරක්ෂ කරනවා නම් හරි. (අ)

:       0       0

හිරු Tuesday, 17 June 2014 11:13 AM

මේ රටේ සිදුවන සියළුම අන්තවාදී ක්‍රියා නැවැත්වීමට රජය වහා කටයුතු කල යුතුයි. එය බෞද්ධද මුස්ලිම්ද කතෝලිකද හින්දුද කියලා නැතුව සියළුම අන්තවාදී ක්‍රියා නැවැත්විය යුතුයි. මේ රටේ මුලින්ම ක්‍රියාත්මක වුනේ කුමන අන්තවාදීන්ද කියල ජනතාව දන්නවා. ඊට එරෙහිව පසුව වෙනත් අන්තවාදීන් පාර්ශව බිහිවුනා. දැන් අන්තවාදීන්ට බනින සමහරු එ් දවස්වල සිටම අන්තවාදයට විරුද්ධව කට අැරියනම් මේක මෙතරම් දුර දිග යන්නේ නෑ. (නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 17 June 2014 11:35 AM

ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. (ස)

:       0       0

දිල්ෂාන් Tuesday, 17 June 2014 11:37 AM

රට පුරාම මෙවැනි වැඩසටහන් අවශ්‍ය යුගයක් මේක. (ස)

:       0       0

දිමුතු Tuesday, 17 June 2014 11:00 PM

මේ ප්‍රශ්න ඇතිවෙන්න හේතු තිබෙනවා. අන්න ඒ හේතු හොයලා ඒවාටයි විසඳුම් දියයුත්තේ (නි)

:       0       0

විජේසිංහ Tuesday, 17 June 2014 11:43 AM

හැමදාමත් මෙහෙම ඉන්න පුළුවන් නම් කොච්චර හොදද . (දී)

:       0       0

බින්දු Tuesday, 17 June 2014 11:43 AM

ලෝකයා ඉදිරියේ ලැජ්ජාවෙන්න වැඩ කරන්න එපා දේශපාලන විසදුමක් වහාම ගෙන්න (දී)

:       0       0

චානක Tuesday, 17 June 2014 11:44 AM

මෙන්න කරනවානම් වැඩ. වටිනා ආදර්ශයක් මුළු ලංකාවටම. (දී)

:       0       0

සමන් Tuesday, 17 June 2014 11:46 AM

අන්න ලෝකෙටම ආදර්ශමත් වැඩ (දී)

:       0       0

පද්මිණි Tuesday, 17 June 2014 11:21 PM

ඔබ ගැන ආඩම්බර වෙනවා. ඔය සමගිය යළි නැතිවෙන්න ඉඩ තියන්න එපා (නි)

:       0       0

විදුවන්ත Tuesday, 17 June 2014 11:55 PM

ඇත්තටම හොඳ දෙයක්. (නි)

:       0       0

ප්‍රින්ස් Tuesday, 17 June 2014 12:00 PM

රටට බොහොම හොඳ කාලීන ආදර්ශයක්.රටක ආර්ථිකය,සහජීවනය වර්ධනය කරගත හැක්කේ සමගි බලයෙනි. (ස)

:       0       0

දිනේෂ් Wednesday, 18 June 2014 12:25 AM

බොහොම අගෙයි (නි)

:       0       0

නිල්මිණි Tuesday, 17 June 2014 12:24 PM

බොහොම හොද වැඩක් ,මෙයයි අපට උවමන වන්නේ (දී)

:       0       0

ශාන්ති Wednesday, 18 June 2014 01:17 AM

ඇත්ත තමයි. සියලුම දෙනාට සමගියෙන් සාමදානයෙන් ඉන්න ලැබේවා! ඉතා හොඳ වැඩක් (නි)

:       0       0

අනු Tuesday, 17 June 2014 01:04 PM

අන්න හොද වැඩ. මේ වගේ මුළු රටටම ඉන්න පුලුවන්නම් කොච්චර හොදද ? (දී)

:       0       0

අසේල Tuesday, 17 June 2014 01:29 PM

මගේ සුභපැතුම්, රටේ මිනිස්සු ඔක්කොම එකයි (දී)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 June 2014 01:45 PM

අන්න ඔහොම ඉන්නකෝ.මොකද මේ කුලල් කා ගන්නේ.මොනවා බෙදා ගන්න බරුවටද. (දී)

:       0       0

නසුර්දින් නිසම්දින් Tuesday, 17 June 2014 01:49 PM

රටට බොහොම හොඳ කාලීන ආදර්ශයක්.රටක ආර්ථිකය,සහජීවනය වර්ධනය කරගත හැක්කේ සමගි බලයෙනි. හැමදාමත් මෙහෙම ඉන්න පුළුවන් නම් කොච්චර හොදද. (දී)

:       0       0

කමල් Tuesday, 17 June 2014 02:04 PM

සැමට එකාවන්ව සැලකිය යුතුයි. ඒ වාගේම සුළු ජාතීන්ට සුළු ජාතිකයින් ලෙස නොදැනෙන ලෙස රටේ ජීවත් වීමට හැකියාව තිබියි යුතුයි. සුළු ජාතීන් ද මහා ජාතිය තේරුම් ගත යුතුයි. එමෙන්ම සුළු ජාතිකයින් සිංහල බෞද්ධ රටක් ලෝකයේ නොමැති බවත් එය වෙනස් කිරීමට කටයුතු නොකල යුතු බවත් සිතට ගත යුතුයි. ලෝකයේ එක් එක් රටවල් පාලනය වන්නේ එ් ඒ ජාතීන්ට අදාල හා ඒ ඒ ආගම් වලට අදාල බව සිහියට ගන්න. උදාරහරණ ලෙස බ්‍රිතාන්‍ය, ඉන්දියාව සහ අරාබියේ රටවල් සලකා මොන ජාතිකයින්ගේ මොන රට ලෙස ද හඳුන්වන්නේ සිතා බලන්න. (ස)

:       0       0

බිමල් Tuesday, 17 June 2014 02:16 PM

හරිම සතුටුයි. මව්බිමේ සැමට සාමයෙන් කල් ගෙවන්න ලැබේවා ! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 428 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site