IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කැනඩා අගමැතිගෙන් මෝදි රජයට චෝදනාවක්

කැනඩාවේ ප්‍රමුඛ පෙළේ මානව ක්‍රියාකාරියකු වූ කැනඩා ශීක් ජාතික හර්දීප් සිං නිජාර්ගේ ඝාතනය පසුපස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂ රජයේ ඒජන්තවරුන් සිටින බවත්, එම ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට කැනඩා ආරක්ෂක අංශ විමර්ශන ආරම්භ කර ඇති බවත් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පාර්ලිමේන්තුව හදිසි සැසියකට සහභාගී වෙමින් පැවැසීය.

හර්දීප් සිං නිජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන්, නවදිල්ලියේ පැවැති ‘ජී20’ සමුළුව අතරතුරේ, තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කළ බවත්, එය අග්‍රාමාත්‍ය මෝදිගේ නොසතුටට හේතුවක් වූ බවත් කැනඩා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ වැඩි දුරටත් කියා සිටියේය.

කැනඩා රජයට අනුව, හර්දීප් සිං නිජාර්, ඉන්දියාවේ පන්ජාබ් වැසියන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටි සමාජ ක්‍රියාකාරියෙකි. ඔහු නිරන්තරයෙන්, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ රජය විවේචනය කළ අයෙකි. හර්දීප් සිං නිජාර්, ඝාතනය වූයේ කැනඩාවේ බි්‍රටිෂ් කොලොම්බියා පළාතේ සරේ නුවර ශීක් දේවස්ථානයක් ඉදිරියේ, හර්දීප් සිං නිජාර් වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය 2022 වසරේ ජූනි 18 වැනිදාය.

ශීක්වරුන්ගේ නිජබිම ලෙස සැලකෙන්නේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයයි. ඉන්දියාවෙන් පිට වැඩිම ශීක් ප්‍රජාවක් වාසය කරන්නේ කැනඩාවේය. ඉන්දියාවේ ශීක්වරුන්ට හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයෙන් කෙණෙහිලිකම් එල්ල වෙයි. 2021 වසරේ මෝදි රජය හඳුන්වා දීමට සැරැසුණු නව ‘ගොවි පනත්’ සම්බන්ධයෙන් විරෝතා පැවැත් වූයේ ද ශීක් ගොවි සංගම් මැදිහත් වීමෙනි. 2022 පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයේ දී භාරතීය ජනතා පක්ෂ රජයට බලයට පත්වීමට නොහැති විය. පන්ජාබ් ප්‍රාන්තයේ බලය ඇත්තේ දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල් පිහිටුවූ ‘ආම් ආද්මී’ හෙවත් ‘පොදු මිනිසා’ පක්ෂයයි.

ශීක් ජාතික හර්දීප් සිං නිජාර්ගේ ඝාතනය සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට චෝදනා කිරීමෙන් පසු, කැනඩා රජය, එරට ඔටෝවා අගනුවර රැඳී සිටි ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියා වහා කැනඩාවෙන් නෙරපා හැරීමට පියවර ගත්තේය.

කැනඩා අග්‍රාමාත්‍යවරයා ඉන්දීය රජයට චෝදනා නැගීමත්, කැනඩාවේ රැඳී සිටි ඉන්දීය බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ එරටින් නෙරපා දැමීමත් සමඟ කැනඩාව සහ ඉන්දියාව අතර රාජ්‍ය තාත්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී තිබේ.

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය රජය පවසයි. ඉන්දීය රජයට අනුව ශීක් ජාතික හර්දීප් සිං නිජාර් යනු කලිස්තාන් ත්‍රස්තවාදී නායකයෙකි. කලිස්තාන් ත්‍රස්තවාදීන් යනු ශීක් බෙදුම්වාදීන් කණ්ඩායමකි.

ඉන්දියාවේ පන්ජාබ් ඇතුළු ශීක්වරුන් ජීවත්වන ප්‍රාන්ත එක් කර ගනිමින් වෙනම පාලන ප්‍රදේශයක් පිහිටුවා ගැනීමට කලිස්තාන් ත්‍රස්තවාදීන් උත්සාහ ගන්නා බවට ඉන්දීය රජය චෝදනා කරයි.

කලිස්තාන් ත්‍රස්තවාදී හර්දීප් සිං නිජාර් ඝාතනය සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එල්ල කරන චෝදනාවලට ඉන්දීය රජය ප්‍රතිචාර දැක්වීය. ඒ, ඉන්දියාවේ වෙනෙස සියලුම කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයන් දින 5 ක් ඇතුළත ඉන්දියාවෙන් පිටවිය යුතු බව දන්වමිනි. මේ වනවිට කැනඩාවත් ඉන්දියාවත් අතරේ අත්සන් තැබීමට නියමිත නව වෙළෙඳ ගිවිසුම ද අහෝසි කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පැහැදිලි කර ඇත. කලිස්තාන් බෙදුම්වාදී ත්‍රස්ත ව්‍යාපාරය කැනඩාවේ ක්‍රියාත්මක වන බවත්, කැනඩා රජයේ අනුග්‍රහය ඔවුන්ට හිමිවන බවත් ඉන්දීය රජය වසර ගණනක් තිස්සේ චෝදනා කර තිබේ.



අදහස් (1)

කැනඩා අගමැතිගෙන් මෝදි රජයට චෝදනාවක්

sin Tuesday, 19 September 2023 08:00 PM

කලිස්ථානයට ජයවේවා,ඉන්දියාව කෑලි කෑලි වලට කැඩේවා !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site