IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කැනඩාවෙත් ජීනීවා විරෝධය

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා නුවරදී ඉදිරිපත් කෙරෙන යෝජනාවලිය අසාධාරණ බව කියමින්  විරෝධතා දෙකක් කැනඩාවේ ටොරොන්ටෝ සහ ඔටාවා නගරවලදී පැවැත්විණි.

මේදිනවල උතුරු ඇමෙරිකාව පුරා පවත්නා අධික සීතල කාලගුණයද නොතකා මෙම විරෝධතා දෙකටම කැනඩාවේ පදිංචි සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතික ශ්‍රී ලාංකිකයෝ විශාල ගණනක් සහභාගි  විය.

"ලංකාවට අත නොතබනු" යන තේමාව යටතේ කැනඩාවේ ශ්‍රී ලංකා එක්සත් ජාතික සංගමය (ස්ලුනා)  සංවිධානයකර තිබු විරෝධතාවය පැවැත්වුයේ ටොරොන්ටෝ නගරයේ ඇමෙරිකා තානාපති කාර්යාලය අභියසදීය.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරන නිදහස් ස්වෛරී රටක් බව අමතක නොකළයුතු බවත් ඇමෙරිකාවේ මුලිකත්වයෙන් බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවලින් ශ්‍රී ලංකාවට කෙරෙන අසාධාරණ අයුක්ති සහගත බලපෑම් නොකළ යුතු බවත් කියවෙන පුවරු රැගත් විශාල පිරිසක් සමඟ ටොරොන්ටෝ නගරාධිපති අපේක්ෂක ඩේවිට් ලී සහ කැනඩාවේ වෙනත් ශ්‍රී ලාංකික ප්‍රජා සංවිධාන කිහිපයක්ම මේ විරෝධතාවය සඳහා සහභාගි වුහ.

කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් රැසකගේ අත්සන සහිතව පෙත්සමක්ද ඇමෙරිකා තානාපති කාර්යාලයට භාර කැරිණි.

 

 



අදහස් (0)

කැනඩාවෙත් ජීනීවා විරෝධය

සරා Thursday, 27 March 2014 11:40 PM

අපේ රටට පක්ෂව ඉදිරිපත් වුණ ඔබ සැමට ස්තූතියි! (නි)

:       0       0

ෂිෆාන් Thursday, 27 March 2014 03:16 PM

ශ්‍රී ලංකාවට ජය නියතයි. (ස)

:       0       0

ප්‍රෙමිල් Thursday, 27 March 2014 08:31 PM

මොවුන් සියලුදෙනාම දේශප්‍රේමීන් ද ? දේශප්‍රේමය යනු කුමක්ද ? (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site