
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් මෙහෙයවනු ලබන කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව විසින් කොන්ක්‍රීට් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.
යෝජිත ව්‍යාපෘතිය මඟින් කොන්ක්‍රීට් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර එමගින් නැවත භාවිතය සඳහා ලැබෙන මූල ද්‍රව්‍ය, ඒ සඳහා සුදුසු නිමැවුම් වෙනුවෙන් භාවිතා කිරීමට සහ ස්වභාවික සම්පත් මඟින් ඍජුවම ලබා ගන්නා වූ අමුද්‍රව්‍ය සමඟ මිශ්‍ර කර භාවිතා කිරීමට සැලසුම් කර ඇත.
යෝජිත ව්‍යාපෘතියේ යන්ත්‍ර සූත්‍ර, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඒකල කාර්මික ජනපදයේ ඇති පෙරසවි කොන්ක්‍රීට් අංගනයේ ස්ථාපිත කිරීම සුදුසු බවට හඳුනා ගනු ලැබ තිබේ.
ඒ අනුව, "Clean Sri Lanka " වැඩසටහන යටතේ වෙන් කර ඇති රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදන භාවිත කරමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොන්ක්‍රීට් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න යයි