ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අර්ධ අවසන් තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්ට මේ මස 28 වැනිදා ආරම්භ වන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය සංචාරය අහිමි වී තිබේ.
එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ ඩිල්ෂාන්ගේ ආබාධයේ ස්වභාවය අනුව ඔහුට මාසයක හෝ මාස එක හමාරක පමණ විවේකයක් අවශ්‍ය යයි වෛද්‍ය විශේෂඥයන්ගේ මතය බවයි.
ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැති ශූරයන්ගේ කුසලාන අවසන් පූර්ව තරගයේ 5 වැනි ඕවරයේදී පාදයේ මස්පිඬුවක් ඇදීම නිසා ඩිල්ෂාන් පිටියෙන් ඉවත්ව වන විට ඔහු පන්දු 14 කදී ලකුණු 12 ක් ලබා සිටියේය. තරගයේ 48 වැනි ඕවරයේදී නැවතත් පිටියට පිවිසි ඩිල්ෂාන් පන්දු 7 කින් තවත් ලකුණු 6 ක් ලබාගත් නමුත් ඉතා අපහසුවෙන් කී‍්‍රඩා කළ බවක් දක්නට තිබිණ.
(ඡයාරූපය : ඒ. එෆ්. පී.)
පාදයේ මස්පිඬුව ඇදීමෙන් පසුව ඩිල්ෂාන් කී‍්‍රඩා පිටියෙන් ඉවතට යද්දි...
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොදෙව් සංචාරය ඩිල්ෂාන්ට අහිමි වෙයි
අමල් Saturday, 22 June 2013 10:17 AM
මෙතනට හරියන්නේ මහේලව.(නදී)
පහන් Saturday, 22 June 2013 01:32 AM
දිල්ෂාන් ඔබ විශිෂ්ටයි.මම හිතන්නේ ඔබ අපේ ක්‍රිකට් වෙනුවෙන් වැඩියෙන්ම මහන්සි වුන අයගෙන් කෙනෙක්.ආබාධය ඉක්මනින් සුවවේවා! (නි)
විරාජ් Saturday, 22 June 2013 03:57 AM
බයවෙන්න එපා, තරංග ඉන්නවා ස්ටෑන්ඩ් බයි (නි)
ඕෂන් Friday, 21 June 2013 07:25 PM
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෝ කව්ද? වේගවත් තණතිලි වලට හොදින් මුහුණ දිය හැකි පිතිකරුවෝ දෙදෙනෙක් අවශ්‍ය වෙනවා .... (නි)
නිල්මිණි Friday, 21 June 2013 07:47 PM
මම කියන්නද හොද කෙනෙක්,රමිත රබුක්වෙල්ල (අ)
සුදේශ් විජේනායක Saturday, 22 June 2013 06:25 AM
මේ යන විදියට රඹුක්වැල්ලව එකකට හරි දාවි.(නදී)
ඕෂන් Friday, 21 June 2013 08:05 PM
බංගලාදේශ තරගාවලිය සදහා තෝරාගත් අශේන් පෙරේරා, හොද ක්‍රීඩකයෙක්, ඔහුට අවස්ථාවක් ලබා දෙයි කියා හිතනවා (ත)
මොහොමෙඩ් Saturday, 22 June 2013 07:15 AM
අයියෝ! මතක් වෙනකොටත් බඩ දනවා..... (නි)
චානක Saturday, 22 June 2013 07:53 AM
දිල්ෂාන් ඔබ විශිෂ්ටයි. ඒත් සමහර අය ක්‍රිකට් ගහන්නේ රටට නෙවෙයි. ඒත් දිල්ෂාන් ඔබ රට වෙනුවෙන් සෙල්ලම් කරන්න.(නදී)
බණ්ඩා Friday, 21 June 2013 08:25 PM
සමහරුන්ට නම් ගෙදර යන කාලය හරි (නි)
උදය Friday, 21 June 2013 08:33 PM
ඉන්දියන් ගුරුකම් වලින් තමයි මේ ඔක්කොම. ලෝක කුසලාන තරගේත් මුත්තයියාගේ අතේ අමාරුව. ඉන්දියාවට සෙල්ලම් දන්නා බැරුව ගියේ අර්ජුනයි , සනතුයි ඉදිද්දි තමයි. මොකද ඒ දෙන්නත් දේව ඇදහිලි වලින් යන දෙන්නෙක් (නි)
මදුෂාන් Friday, 21 June 2013 08:43 PM
මට හිතෙනවා අයිමත් මහේල ඕපන් කලොත් හොදයි කියලා. එයත් එක්ක එන්න කෙනෙක් තමයි ඕනේ.(නදී)