IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කොදෙව් ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ පිට පිටම තෙවැනි ජයත් ලබති

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (05) පැවැති තෙවැනි තරගයෙන් ලකුණු 34 ක ජයක් ලැබූ කොදෙව් ක‍්‍රීඩිකාවෝ තරග දෙකක් ඉතිරිව තිබියදී 3 - 0 ක් ලෙස තරගාවලියේ ජය ලැබූහ.
ලකුණු 146 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා පිල  ඕවර 19.2 කදී ලකුණු 111 කට සීමාවිය.  ශ‍්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වෙමින් ශෂිකලා සිරිවර්ධන පන්දු 38 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 46 ක් රැස්කිරීමට සමත් වූවාය.

ශෂිකලා (46) සහ ප‍්‍රසාදිනී (18) හැරෙන්නට සෙසු ශ‍්‍රී ලංකා පිතිකාරියන්ට ලකුණු 10 සීමාව පසු කළ යෑමට නොහැකි වීම කැපී පෙනුණි.  

කොදෙව් පිල වෙනුවෙන් ස්ටෙෆෙනි ටේලර් පන්දු 46 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 75 ක් රැස්කිරීමට සමත් වූවාය.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල  ඕවර 20 කදී කඩුලූ 6 ක් දැවී 145

(කිසියා නයිට් 11, ඩිනේන්ද්‍රා ඩොටි 12, ස්ටෙෆෙනි ටේලර් 75,  මිරිසා ඇගුලෙයිරා 21, ශනෙල් ඩෙලි නොදැවී 15, ඒෂානි ලොකුසූරිය 25/2, ශෂිකලා සිරිවර්ධන 18/2)

ශ‍්‍රී ලංකා කාන්තා පිල  ඕවර 19.2 කදී සියලූ දෙනා දැවී 111

(ප‍්‍රසාදිනී වීරක්කොඩි 18, ශෂිකලා සිරිවර්ධන 46, ශාකිරා සෙල්මන් 14/2, ශනෙල් ඩෙලි 15/5*



අදහස් (0)

කොදෙව් ක‍්‍රිකට් ක‍්‍රීඩිකාවෝ පිට පිටම තෙවැනි ජයත් ලබති

කින් බෙනට් Tuesday, 05 March 2013 03:55 PM

අනේ අපොයි .. (ස)

:       0       0

ෂිරාශ් Wednesday, 06 March 2013 09:49 AM

ඔවුන්ට අපි හොද පෝෂ්‍යදායී ආහාර ලබාදිය යුතුයි. එයයි ප්‍රධානතම සාධකය වන්නේ. (නි)

:       0       0

හෙටිටි ආරචිච් Wednesday, 06 March 2013 02:09 AM

තරහාවෙන්න එපා මෙහෙම කියනවට. අපේ කෙල්ලන්ට බැට් එකෙන් බෝලෙට ගහන්න පන නැහැ හදිස්සි වෙනවා. දිනන්න නම් තව ටිකක ඉවසිම පුරුදු කරන්න වෙයි.(නදී)

:       0       0

අනුර Tuesday, 05 March 2013 01:54 PM

සුබ පැතුම් (ස)

:       0       0

සිල්වා Tuesday, 05 March 2013 02:05 PM

ඉතුරු මැච් දෙක ගන්න උප්පරවැට්ටියක් යොදන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 74 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 876 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site