IMG-LOGO

කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල 2-1 කින් ශ‍්‍රී ලංකාව පරදවයි

ලෝක අනු ශූර බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරග තුනකින් සමන්විත වූ එක්දින ක‍්‍රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට සමත් විය.
දෙරට අතර අද (26) පැවැති තෙවැනි සහ අවසන්, තීරණාත්මක තරගයෙන් කොදෙව් ක‍්‍රීඩිකවෝ ලකුණු 33 ක ජයක් ලැබීමට සමත් වූහ.

ලකුණු 192 ක ඉලක්කය හඹාගිය ශ‍්‍රී ලංකා පිලට  ඕවර 50 යේදී කඩුලූ 9 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 158 ක් පමණි. ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රබලතම පිතිකාරියන් සිවුදෙනකු දුවද්දී දැවී යෑම නිසා පරාජය වැළදගැනීමට සිදුවිය.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිල  ඕවර 50 යේදී කඩුලූ 9 ට 191 (කිසියා නයිට් 14, ස්ටෙෆෙනි ටේලර් 18, මිරිස්සි අගුලෙයිරා 29, ඩිනේන්ද්‍රා ඩොටි 16, කිෂෝනා නයිට් 24, ෂෙමනි කැම්බල් 37, චමනි සෙනෙවිරත්න 33/4 ඒෂානි ලොකුසූරිය 25/2, ඉනෝකා රණවීර 32/2)

ශ‍්‍රී ලංකා කාන්තා පිල  ඕවර 50 කදී කඩුලූ 9 ක් දැවී 158 (චමරි අතපත්තු 21, ශෂිකලා සිරිවර්ධන 29, ඩිලානි මනෝදර 16, ශ‍්‍රීපාලි වීරක්කොඩි 17, ටි‍්‍රමනේ ස්මාර්ට් 26/2)

ඡායාරූප - ශාන්ත රත්නායක

ඡයාරූප - ශාන්ත රත්නායක



අදහස් (0)

කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල 2-1 කින් ශ‍්‍රී ලංකාව පරදවයි

සුභාෂිනී Wednesday, 27 February 2013 12:03 AM

කමක් නැහැ. එයාලා අනුශුරයෝ. කාන්තා ක්‍රිකට්වල නව පිබිදීමක්. ජය වේවා!(නදී)

:       0       0

හේරත් Tuesday, 26 February 2013 05:53 PM

අපිට පුලුවන් මේකත් දිනන්න. (නි)

:       0       0

කමල් Wednesday, 27 February 2013 11:28 AM

මෙවර කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලංකාවේ ක්‍රීඩා ලෝලීන් තුලට කාන්තා කණ්ඩායමක් ලංකාවේ තියෙනවා කියන හැඟීම ඇති කලා. මෙය හැකිතාක් දියුණු කර වෘත්තීය මට්ටමට ගෙන එන්නට බලධාරීන්ට හැකි වේවා... ! කණ්ඩායමටද සුබ පැතුම් ! (ස)

:       0       0

සිල්වා Tuesday, 26 February 2013 07:36 PM

ජය පැරදුම අපි කාටත් පොදුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 603 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site