IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොදෙව් ‘ඒ’ පිලෙන් සාර්ථක පිළිතුරක්

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම අතර ආනස් වේල් පිටියේදී පැවැත්වෙන දෙවැනි සිව්දින (නිල නොවන) ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයවූ ඊයේ (14 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සිය පළමු ඉනිම සඳහා කඩුලූ 3 ක් දැවී ලකුණු 155 ක් ලබා සිටියේය.

දිනය නිමාවන විට ක්‍රෙග් බ්‍රෙත්වයිට් (නොදැවී 70) ක් සහ නර්සින් ඩියොනරේන් (නොදැවී 58) ක් ලබා කඩුල්ලේ රැදී සිටියහ.

ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සියලූ දෙනා දැවී රැස්කළේ ලකුණු 314 ක් පමණි.

ශී‍්‍ර ලංකා පිල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරතවූ කෞෂාල් සිල්වා පන්දු 221 කදී හතරේ පහර 14 ක් සමගින් ලකුණු 119 ක් ලබාගත් අතර ඇන්ජලෝ පෙරේරා හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 50 ක් රැස්කිරීමට සමත්විය.

ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල සියලූ දෙනා දැවී ලකුණු 314

(කෞෂාල් සිල්වා නොදැවී 119, ඇන්ජලෝ පෙරේරා 50, චතුරංග ද සිල්වා 33, මිගෙල් කමින්ස් 74/4, ජොනතන් කාටර් 51/3)

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කඩුලූ 3 ක් දැවී 155

(ක්‍රෙග් බ්‍රෙත්වයිට් නොදැවී 70, ලියොන් ජේසන් 40, නර්සින් ඩියොනරේන් නොදැවී 58, සුරංග ලක්මාල් 23/2)

(*)

 



අදහස් (0)

කොදෙව් ‘ඒ’ පිලෙන් සාර්ථක පිළිතුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site