IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කදුරුවෙළ ඉන්ධන ටැංකි ගොඩ අරන් කපලා

(නිමල් ජයරත්න)

ඛනිජ තෙල් සංස්ථාවේ කදුරුවෙල ගබඩාවක ඉන්ධන ලීටර් 45,000ක් පිරවිය හැකි භූගත ටැංකියක් ගොඩ ගෙන කොටස් කර ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි.

මෙම ගබඩාවේ ‍‍විශාල ටැංකි දෙකක් මීට පෙර අබිලි යකඩ බවට හුවා දක්වමින් ඉතා අඩු මුදලට ටෙන්ඩර් කර විකුණා තිබූ බව ජාතික ජනබලවේගය පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා කියයි.

මන්ත්‍රීවරයා ඇතුළු කණ්ඩායමක් එම තෙල් ටැංකි පිහිටි කදුරුවෙල නගරයට ආසන්න ප්‍රදේශයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක පසුගියදා නිරත විය.

කදුරුවෙල ප්‍රධාන දුම්රිය ස්ථානයට පිටුපස පිහිටි මෙම තෙල් ගබඩා සංකීර්ණය 1986-87 කාලවලදී එවකට පැවැති රජය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්ධන අවශ්‍යතාව වෙනුවෙන් ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙසට භාවිත කර තිබේ.

මෙම ඉන්ධන ගබඩා සංකීර්ණය ලීටර් 50,000ක් හා ලීටර් 28,000ක් ගබඩා කළ හැකි බාහිර ටැංකි දෙකක් හා ලීටර් 45,000ක් ගබඩා කළ හැකි භූගත ටැංකියකින් සමන්විතව පැවතුණි.

 



අදහස් (3)

කදුරුවෙළ ඉන්ධන ටැංකි ගොඩ අරන් කපලා

දලුවගෙදර Monday, 09 June 2025 08:52 PM

අවයව ටික ඉතිරිවෙලා තියේ නම් ඒකම ලොකු දෙයක්, මේ වෙද්දි!

:       0       0

අමා Tuesday, 10 June 2025 08:39 AM

අඩු මුදලට කිව්වේ... අර වාහන වෙන්දේසිය වගේ වෙන්න ඇති.

:       0       0

ගුණරත්න Tuesday, 10 June 2025 11:46 AM

ඉතින්, ඕකත් රජයේ වෙන්දේසියක්, ජෙප්පන්ගේ වාහන වෙන්දේසිය වගේ තමයි. ඉතා වටිනා සුඛෝපභෝගී වාහන ඇමැතිවරුන් පාවිච්චි කරපු වාහන වෙළෙඳපොල වටිනාකමෙන් භාගයකටත් අඩු මිලකට විකිණුවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site