IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කතුන්ගෙන් 90% පොදු ප්‍රවාහනයේ දී හිංසනයට

(අංජුල මහික වීරරත්න)

කාන්තාවන්ගෙන් 90% ක් තම ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වරක් හෝ පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට මුහුණ දෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය  හරීනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

ස්ත්‍රී පුරුෂ විෂමතා දර්ශකයට අනුව ශ්‍රී ලංකාව ගෝලීය ස්ත්‍රී පුරුෂ පරතර දර්ශකයේ ඇති රටවල් 146 ක් අතරින් 122 වැනි ස්ථානයේ ලැයිස්තුගත කරලා තිබෙන බව කී අග්‍රාමාත්‍යවරිය මෙය ස්ත්‍රී පුරුෂ භාවය, ජාතිය, ආගම සහ වයස ඉක්මවා යන සමාජ අභියෝගයක් බව කීවාය.

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්‍යාලය, එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය සහ Chrysalis ආයතනය එක්ව  සංවිධාන කොට තිබූ 'THRIVE- Together for Her: Resilience-building, Inclusivity, and Voices for Equality in Sri Lanka' ව්‍යාපෘතිය එළිදැක්වීමේ නිල උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

මෙම ව්‍යාපෘතිය එළිදැක්වීම කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්‍යාලයේ දී පැවැත්විණි. 



අදහස් (9)

කතුන්ගෙන් 90% පොදු ප්‍රවාහනයේ දී හිංසනයට

sunil Wednesday, 26 March 2025 03:57 AM

Clean Sri Lanka කියන වැඩ සටහනින් බලා පොරොත්තු වන එක දෙයක් තමයි ආකල්පමය අතින් ප්‍රජාව සවිමත් කිරීම. සියල්ලටම වඩා ආකල්ප සෑදීම ඉතා අපහසුයි. අපගේ ආගමික ශාස්තෘවරු දේශපාලන භේදයකින් තොරව, හර්ද සාක්ෂිය ට අනුව වැඩ කිරීම ජනතාවගේ වගකීම බව නිරන්තරයෙන් දේශනා කල යුතුයි. "අපට බොහෝ විට වී ඇත්තේ අනුන් හරියට කල යුතුයි. හැබැයි තමන්ට එය වලංගු නැතුවට කමක් නැහැ " යන්නයි.

:       2       4

රුවන් Wednesday, 26 March 2025 06:29 AM

ලංකාවේ බහුතරයක් පිරිමින්ට ලිංගික අසහනය වගේ මානසික ආබාධ තියෙනවා, රජය වගේම සෞඛ්‍ය අංශ මේ ගැන සැළකිලිමත් වෙන්න.

:       1       4

මැක්ස් Wednesday, 26 March 2025 07:06 AM

පොදු ප්‍රවාහනයේ දී කාන්තාවන් අරබයා සිදුවන විෂම ක්‍රියා අවම කර ගැනීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගත යුතුය. එහිලා මුලිකවම විය යුත්තේ "හැම පව්ලටම කාර් එකක්" වැනි ගොබ්බ කතා පැවැත්වීම නොව, පොදු ප්‍රවාහනය දියුණු කිරීමත්, ඒ හරහා ජනතාවට තම ගමන් අවශ්‍යතා පහසුවෙන් ඉටු කර ගැනීමට අවකාශ සලසීමත්ය. කෙසේ වුවත්, මෙවැනි කාන්තා ප්‍රශ්න දඩ මීමා කරගෙන බොර දියේ මාළු බෑමට අගමැතිනිය ද නියෝජනය කරන එන්ජීඕ හාදයන් උත්සහ කරනු ඇත. ඒ ගැන ජනතාව අවදියෙන් සිටිය යුතුය.

:       7       1

Aslam Wednesday, 26 March 2025 08:48 AM

මෙම ගැටළුව විසඳීම සඳහා කාන්තාවන්ට පමණක් සීමා වූ බස් රථ ධාවනය කරන ලෙස අමාත්‍යතුමාගෙන් නිහතමානී ඉල්ලීමක්.

:       1       6

නිමල් පෙරේරා Wednesday, 26 March 2025 09:35 AM

LGBQIT බස් රථ සේවයක් දාන්න තමයි වෙන්නෙ. දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නෙ ඕක තමයි

:       3       5

Thushara Wednesday, 26 March 2025 10:05 AM

නගරබද පළාත් වෙනුවෙන් කාන්තා බස් රථ ක්‍රමයක් හොදයි.

:       1       5

ජයරත්න Wednesday, 26 March 2025 11:16 AM

අසුන්ගතව පමණක් මගී ප්‍රවාහන සේවාව සිදුකරනවා නම් ඔය ප්‍රශ්නය ඔය කියන තරම්ම බරපතල නොවනු ඇත. (මං කියන්නේ ලංකාව ගැන)...

:       1       1

Kamal Koyrala Wednesday, 26 March 2025 03:50 PM

අවුරුදු 2500 ක මහා පෞඩ ඉතිහාසයක් ඇති උන් කිව්වොත්

:       0       0

jagath Wednesday, 26 March 2025 03:56 PM

බස් වල ගිහිල්ලා හමාරයි සියයට 90 ක් කියන්නේ සෙල්ලම් දාන්න එකයි මම කියන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 23 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site