IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


කොතලාවලට සිසුන් ගැනීමේ කැබිනට් පත්‍රිකාවට විරෝධය

(රංජන් කස්තුරි) 

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ ජීව විද්‍යා විෂය ධාරිතාවෙන්  විෂයන් 3 ක් සමත් සිසුන් කොතලාවල ආරක්ෂක විද්‍යාපිඨයට ඇතුළු කර ගැනීමට කැබිනට් පත්‍රිකාවකින් කර ඇති යෝජනාවට දැඩි විරෝධය  පළ කරන බව වෛද්‍ය පීඨ ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි.


අපොස උසස්පෙළ ජීව විද්‍යා විෂය ධාරාවෙන් විෂයන් 3 ක්  සමත්වීම හෝ රාජ්‍ය වෛද්‍ය පීඨ වලට ඇතුළත් වීමේ සුදුසුකම්  සම්පුර්ණ කර තිබීම ,සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීමේ මුලික සුදුසුකම වන බවට කැබිනට් පත්‍රිකාවේ  සඳහන් වන අතර  එය කිසිසේත් පිළිගත නොහැකි වන බවද වෛද්‍ය පීඨ ආචාර්ය සම්ති සම්මේලනයේ කැඳවුම්කරු වෛද්‍ය මනුජ් වීරසිංහ මහතා සඳහන් කරයි.


 විද්‍යා විෂය ධාරාවෙන් සී සාමාර්ථ 2 ක් හා එස් සාමාර්ථය සහිත අවම ඇතුළත්  වීමේ  සිදුසුකම්  නැති සයිටම් සිසුන් කොතලාවල විශ්ව විද්‍යාලයට ඇතුළු කරීමටත් ප්‍රමාණවත් පුහුණුවක් හා ඇගයීමක් සිදු කර නොමැති සිසුන්ට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් උපාධිය පිරිනැමීමට විරෝධය දක්වන බවද ඔහු කීවේය.



අදහස් (15)

කොතලාවලට සිසුන් ගැනීමේ කැබිනට් පත්‍රිකාවට විරෝධය

sirimal Sunday, 20 May 2018 03:15 PM

ඕවා සම්මත කරගන්න කලින් රටේ තිබෙන වෛද්‍ය සංගම් සේරටම ඉදිරිපත් කරලා මුලින්ම ඒ ගොල්ලන්ගෙන් සම්මත කර ගත්තා නම් කම්මුතුයි නේ.

:       193       192

අනුර පැස්කුවල් Monday, 21 May 2018 03:13 AM

එහෙම කරගෙන තමයි මෙහෙම කලේ.

:       0       0

සතයපාල Sunday, 20 May 2018 03:52 PM

එකක් කඩතොලු මකා ගන්නට... ගිය කාරිය දෙකක් කඩතොලු හැදුවයි ඉඳුරුවේ ආචාරිය...

:       62       75

ලක්සිරි Sunday, 20 May 2018 06:05 PM

සත්‍යපාල මහත්යයා, කම්මල් වැඩේටත් නම් දරපු හාදයෙක් වගෙයි පේන්නේ. මේ සිරි ලංකාවේ,කම්මල් කාරයෝ දොස්තරලා වෙලාද? දොස්තරලා කම්මල් කාරයෝ වෙලාද කියල තමයි අපිටත් මේ හිතා ගන්න බැරුව ඉන්නේ?

:       0       1

nimantha Sunday, 20 May 2018 03:57 PM

ඉතාමත් වැරදියි. A2 , S1ට සල්ලි නැති මාව ගන්නේ නැති රටේ සල්ලි තියෙන කෙනා සී සාමාර්ථ 2 ක් හා එස් සාමාර්ථයට ඇතුළත් කර ගන්න එක...

:       0       26

ප්‍රීති Sunday, 20 May 2018 04:40 PM

හැමෝම දන්නා ලෙස නම්, විෂයන් දෙකකට සම්මාන සාමාර්ථ හා විෂයන් තුනම සමත්වීම සුදුසුකමක් ලෙස තමයි කැබිනට් පත්‍රිකාව සකස් වී තිබුනේ. නමුත් සත්‍ය පුවත් විකෘති කරමින් මෝඩයින් නොමග යවමින් මේ කරනා නොමනා ක්‍රියා නිසා රටේ අධ්‍යාපනය පමණක් නොවේ රටත් විනාශය කරා යනවා. ඔය සයිටම් සිසුන්ව හා අනාගතයේදී, පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වෙන සිසුන්ව ඉවත් කරන්න. එවිට ඉතාම සරල හා පහසු ලෙස මේ ප්‍රශ්නය විසඳෙනවනේ.. අනික, රටේ යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්වලින් ලෙඩුන් සුවවීමට මෙතරම් පහසුකම් තිබෙද්දී කෝටිගණන් වැය කරමින් දොස්තරලාව බිහිකරන්නේ මොකටද? රටේ ප්‍රමාණයේ තරමට ජනගහනයත් අධික රටේ මේවන මෘගයින් වඳවී, ඉදිරි අනාගතයේදීවත්, ශිෂ්ඨ සම්පන්න ජාතියක් අතට මේ පින් බිම පත්විය යුතුයි නේද?

:       0       1

sanath Sunday, 20 May 2018 05:47 PM

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියමය පරිදි නිකුත්කරන විශ්වවිද්‍යාල වලට ඇතුලත්වීමේ පොතේ සඳහන් වෙන්නේ වෛද්‍ය පීටයට ඇතුලත් වීමේ අවම සුදුසුකම තවමත් සාමාන්‍ය සාමාර්ථ 3 ක් වශයෙනි. අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ අදහසත් එයමයි. වෛද්‍ය වරයෙකුට වැඩිපුර අවශ්‍ය වන්නේ හොඳ මතක ශක්තියක් සහ සාමාන්‍ය බුද්ධි මට්ටමකි. නිර්මාණශීලී ඉංජිනේරුවෙකුට නම් ඉතා හොඳ බුද්ධියක් අවශ්‍යයි නමුත් සමහර පුද්ගලික විශ්වවිද්‍යාල වලින් උ/පෙ සාමාන්‍ය සමර්ථ 2 ක් ඇති ශිෂ්‍යයින්ටත් ඉංජිනේරු උපාධිය ලබාගත හැකිවේ.

:       0       2

de silva Sunday, 20 May 2018 06:33 PM

පුලුවන්නම් ලබන පාරත් දෙපැත්තට වැනෙන්න කෙලින් තීරණයක් ගන්න බැරි පතෝල මැස්සක් වැනි නායකයෙක් පත්කර ගමු. එතකොට ඔක්කොම හරියාවි...

:       0       0

de silva Sunday, 20 May 2018 06:37 PM

මට පෙනෙන විදිහට හොඳම දෙය මන්ත්‍රීලා 225 සහිත ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුව අහෝසි කරලා දමලා දොස්තර සංගමෙන්, දුම්රිය රියදුරු සංගමයෙන්, පුද්ගලික බස් සංගමය වැනි රටේ ප්‍රධාන සංගම් සහ වෘතිතීය සමිතියෙන් නියෝජිතයා බැගින් පාර්ලිමේන්තුවට යවලා ඔවුන්ගෙන් කෙනෙක් ජනාධිපති සහ අගමැති කරලා, රට පාලනය කරමු.

:       0       1

Saman Sunday, 20 May 2018 10:07 PM

දියුණු රටවල වගේ මෙහේ දොස්තරලාටත්, අවුරුද්දකට වතාවක් තමන්ගෙ බලපත්‍රය අළුත්කරවා ගන්න විභාගයක් තියන්න.

:       0       3

gayan Sunday, 20 May 2018 11:14 PM

මම ලෝකෙ දැකපු කුහකම වෘත්තිකයො තමයි ලංකාවෙ වෛද්‍යවරු

:       0       58

Ranjith Silva Monday, 21 May 2018 12:12 AM

මේ විරුද්දකම් පාන අය උගත්කම කියන්නේ විභාග වලින් සමත් වීම හැටියට සලකන අඥාන පිරිසක් බව වරින් වර තහවුරු කරනවා. පොදු ජනතාව වහලුන් ලෙස හිතන සලකන පාලකයින් අන්දයින් මෙන් තීරණ ගන්නවා. රටම ආගදයට යනවා. නිදහස යන්න වචන වලට පමණක් සීමා වෙලා.

:       0       1

ajith Monday, 21 May 2018 04:01 AM

ලංකාවේ ඉන්න සමහර දොස්තරවරුන්ට ගහලා එලවන්න ඕනෑ. මේ අය මහජන සල්ලිවලින් ඉගෙනගෙන වැඩකට නැති දේවල්වලට ඇඟිලි ගහනවා.

:       0       3

රාජුන් Monday, 21 May 2018 04:38 AM

මෙන්න මේ වගේ වෙලාවටයි ශක්තිමත් ආණ්ඩුවක, නිදහස් නිර්භය තීරණ ගැනීමේ හැකි නායකත්වයක අගය දැනෙන්නේ. අනේ අපේ රටට ගිය කලක්.

:       0       1

Neel Perera Monday, 21 May 2018 06:10 AM

කොතලාවල වෛද්‍ය පීඨය හදන කාලේ ගෝඨාට බයේ ඔය සංගම් සියල්ල කට වාහන හිටිය. දැන් කවුරුත් බුරනවා. විශ්ව විද්‍යාල තේරීම් ලැයිස්තුවට මෙම පීඨයත් එකතු කරලා සිසුන්ට මුදල් ගෙවීමට යම් ක්‍රමයක් හදාදීම වඩාත් යෝග්‍යයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31526 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13866 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11072 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1074 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site