IMG-LOGO

2024 අප්‍රේල් මස 29 වන සඳුදා


කතරගම ප්‍රධාන කපුවාට දේවල භුමිය තහනම්

(යොහාන් භාසුර)

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති කපු මහත්වරු දෙදෙනාගේ ‘කපු ධූරය’ අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ඊයේ (18) පියවර ගත්තේය.

රුහුණු මහා කතරගම දේවාලයේ කපු මහත්වරු වන සොමිපාල තිඹිලත් රත්නායක සහ මුණසිංහ මාන්නප්පෙරුමගේ සමන් ප්‍රියන්ත යන අයගේ ‘කපු ධූර’ විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට යටත්ව ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බවත් ඒ අනුව ඊයේ සිට ඔවුන්ට රුහුණු මහා කතරගම දේවාල මාලිගයට ඇතුළු වීම, එහි රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සෘජු සහ/හෝ වක්‍රාකාරයෙන් සහ/හෝ අන්‍යාකාරයකින් සිදුකරලීම, ඊට සම්බන්ධ වීම තහනම් බවත් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ලිඛිතව දැනුම් දුන්නේය.

රුහුණු මහා කතරගම දේවාලයේ ගබඩාරාළ තනතුරට අදාල වගකීම් සහ රාජකාරි සියල්ල දැනට රුහුණු මහා කතරගම දේවාලයේ කපු ධූරයේ නියුතු ‘අරාපක්‍ෂ මුදියන්සේලාගේ මුතුබණ්ඩාර’ යන අයට නොපමාව බාරදිය යුතු බවත් ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කරලීම සහ පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා සුදුසුකම්ලත් පරීක්‍ෂණ නිලධාරී මහතකු නම් කර කඩිනමින් ඔවුන්ට දන්වන බවත් බස්නායක නිළමේවරයා සඳහන් කරයි.

අදාල රත්තරන් තැටිය පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විධිමත් පරීක්‍ෂණයක් පවත්වා එම කපුමහතුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු අධිකරණයෙන් ඇප ලබා සිටින බව ද කියන බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා අදාල සිද්ධිය ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්වීමෙන් රුහුණු මහා කතරගම දේවාලයට දැඩි අපකීර්තියක් වූ බව ද සඳහන් කරයි.

මෙම සිද්ධිය බැලූ බැල්මට බරපතල ගණයේ විෂමාචාර ක්‍රියාවක හෝ විනය විරෝධී ක්‍රියාවන්හි නියුතු වී ඇති බවට පෙනී යන බැවින් බෞද්ධ විහාර දේවාලගම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාර රුහුණු මහා කතරගම දේවාලයේ පරිපාලන කටයුතු විධිමත්ව පත්වාගෙන යෑමට නොහැකි වී ඇති බව ද බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා එම කපු මහතුන්ට යොමු කළ ලිපිවල සඳහන් වේ.

අදාල චෝදනාව එල්ලවී තිබෙන කපු මහතුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කේ. පී. සිරිබද්දන මහතා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයාට පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනිදා ලිඛිතව දැනුම් දී තිබුණි.

 



අදහස් (24)

කතරගම ප්‍රධාන කපුවාට දේවල භුමිය තහනම්

ravin Tuesday, 19 March 2024 06:30 AM

ශා...! ප්‍රශ්නය අර පරණ පවුලට අයත් කෙනාට තමයි. එක්කෙනෙක් හැංගිලා හිටියෙත් මෑන්ගේ ගෙදරලු.

:       0       0

Perera Tuesday, 19 March 2024 06:43 AM

දේවාල භූමියට යන්නම ඕනෑ නම්, අධිකරණ නියෝගයක් ගන්න. නිලමෙගේ තීන්දුව බලරහිත හෝ නිෂ්ප්‍රභා කරන්න.

:       0       0

Piyal Tuesday, 19 March 2024 07:03 AM

පුදුම කාලයක්...!

:       0       0

hemantha Tuesday, 19 March 2024 07:52 AM

කපුවා තමයි හොඳටම කරලා තියෙන්නේ. අනික ඔය තැටිය පූජාකරලා තියෙන්නෙත් හරිම බද්දක් තමයි. කුඩු සල්ලිවලින්...

:       0       0

Chinthaka Tuesday, 19 March 2024 07:54 AM

හරි නම් ඔය පරීක්ෂණය බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් කළා නම් තවත් හොඳයි... කියන්න පුළුවන් මූලික විමර්ශනය දෙපාර්තමේන්තුවේ හෝ අමාත්‍යාංශයේ නිලධාරි කෙනෙක් කළොත් වැදගත් කමක් තියෙනවා...

:       0       0

sakalan Tuesday, 19 March 2024 08:22 AM

මොනවා කරන්නද? එක්තරා අනුවණ මිනිසුන් කොට්ඨාශයක් ඉන්නවානේ. මේ වගේ කපටි මිනිසුන්ව නඩත්තු කරන්න සැදී පැහැදී සිටින... එ නිසා මේ වගේ කපටි මිනිස්සු රැකෙනවා. නැතිනම් මොන මගුලකටද පූජා වට්ටිවල මිලමුදල් හෝ රන් ආභරණ තියලා මේ අයට පුදන්නේ? ඊට වඩා හොඳ නැතිද ඒ පලතුරු ටික ගෙදර අයත් එක්ක කෑවා නම්...

:       0       0

Lalla Tuesday, 19 March 2024 09:10 AM

විය යුතු ඒක නොවේ. මේ හොර ගුහා වර්ජනය කිරීමට මහජනතාව පියවර ගැනීම.. කපුවන් හොර චීවරධාරීන් එක එක නම් වලින් හඳුන්වන නිලමෙලා කියන කණ්ඩායම පිටුදැකීම සමාජමය අවශ්‍යතාවයක් .

:       3       58

Jayasekara Tuesday, 19 March 2024 09:16 AM

මූන දැක්කම පෙන්වා.කපුවෙක් නෙමෙයි තඩි හොරෙක් කියලා.මුන් පනුවෝ ගහලා මැරෙන්න කවදාහරි

:       2       39

Lal Tuesday, 19 March 2024 10:00 AM

හොඳ හොරෙක් ... මුන්ට වදින හරක් ඉන්නවා

:       1       43

අරවින්ද මොනරවිල Tuesday, 19 March 2024 10:13 AM

කතරගම දෙවියන්ට දේවාල භූමිය තහනම් කෙරුවේ නැහැ නේද නිලමේ තුමෝ ?

:       3       36

Buddika Tuesday, 19 March 2024 10:43 AM

ඉතාම හොද තීරනයක්. හැකි නම් සියලුම කපුවන්ට දේවාල හතර මායිමට එන්න දෙන්න එපා. දෙවියන් ෆැන ගව්‍රරවය නැතිකරන්නෙ මේ හොර කපුවො ටික මේ දේවාලෙ කපුවො කෝට්පතියෝ.මේක රටම දන්න රහසක්. දෙවියන් වෙනුවෙන් මිනිස්ස්සු පූජා කරන දේවල් උන් හොරකන් කරන්නෙ.

:       2       38

Lalla Tuesday, 19 March 2024 01:11 PM

දෙයියෝ කොහොමද අපිට පිහිට වෙන්නේ තමන්ට පූජා කරන දේවල් පරිස්සම් කරන්න බැරුව. මිත්‍යාව පිටු දකින්න. මේ 21 සියවස.

:       1       17

සාලිය​ Tuesday, 19 March 2024 11:56 AM

ඒ වුණාට දැන් කපු මහත්තයා දෙවියන්ට තමාගේ දුක කන්නලව් කරාවි. මේ තහනම දාපු අයට පලි ගසාවි. ලේසි වෙන එකක් නැහැ.

:       0       0

G Tuesday, 19 March 2024 01:18 PM

අන්න පුවතක්...!

:       0       0

ගමේ එකාලා Tuesday, 19 March 2024 01:51 PM

කපුවෝ කපෝතිම කරලා දාන්න ඕනේ... ඔවුන් හදන්නේ පුළුවන් තරම් තමුන් ගේ මඩිය තර කරගන්න. නැති බැරි අසරණයින්ට උදව්කරන එක මීට වැඩිය වටිනවා...

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 19 March 2024 02:06 PM

දෙයියාගේ තැටියටත් වැඩේ දුන්න කපුවා දෙයියාට වඩා බලවත් නැද්ද….?

:       1       9

විපරමා Tuesday, 19 March 2024 02:30 PM

කොයි දේවාලෙත් වැඩිපුරම ඉන්නේ හොරාකන, ගසාකන කපුවෝ තමා.

:       0       12

disanayaka Tuesday, 19 March 2024 02:40 PM

මේ මිනිසා මුල් සොරෙකු ලෙස පෙනේ. ඔහුගේ නරක මුහුණේ හැඟීම පැහැදිලිව ම ජාත්‍යන්තර මංකොල්ලකරුවෙකු ලෙස ඔහුගේ චරිතය පෙන්නුම් කරයි.

:       1       8

පුරවැසියා Tuesday, 19 March 2024 03:07 PM

දෙවියන්ගේ ඒජන්ට් නැතිව කොහොමද ආතුරයන් දුක් ගැනවිලි දෙවියන් ට ඉදිරිපත් කරන්නේ.

:       1       8

Nimal Tuesday, 19 March 2024 03:25 PM

අපේ මෝඩයෝ තව තවත් පඩුරු පූජා කරයි.

:       1       11

sam Tuesday, 19 March 2024 05:18 PM

රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් පැමිණීම සිදුකරනු ලබන්නේ ඔවුන්ගේ යම් විස්වාසයන් නිසායි... එයට උගත් නූගත් ග්‍රාමීය හෝ නාගරික කියා වෙනසක් නොමැතිව රටේ පුරවැසියන් ඒ සඳහා සහභාගි වේ.

:       0       0

chandima Tuesday, 19 March 2024 08:26 PM

දේවාලවල පින්කැට ඔක්කොම හොරකම් කරපු අය ඔය පාර්ලිමේන්තුවේත් ඉන්නේ අපූරුවට...!

:       0       0

Ariyathilaka Wednesday, 20 March 2024 02:47 AM

ධෛරයෙන් තම සූර වීර බාහු බලයත් ඥාන බලයත් තේජෝ ගුණ පුණ්‍ය ශක්තියත්, සම්බුදු රජුන්ගේ ශාසනය කෙරෙහි වූ අසීමිත ප්‍රේමයත් නොවන්නට සොළී පාලනය වෙනස් කිරීමට නොහැකි වනවා ඇත. එදා කීර්ති විජයබාහු කුමරා මහ විජයබාහු ලෙස මේ රට එක්සේසත් නො කළේ නම් සිංහල ජාතියේ ඉතිහාසය අතිශයින් ඛේදනීය වන බව නම් පැහැදිලි ය. මහා වංශය එය මැනවින් කියා පායි.

:       0       0

Bunny Preena Wednesday, 20 March 2024 09:37 AM

කපු රාලලා දෙන්නා බොහොම භක්තියෙන් ආදරයෙන් පුද පුජා පවත්වපු දෙවියන්ගෙනුත් පිහිටක් වෙලා නැති පාටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයෙකු ඝාතනය කළැයි දෙදෙනකුට මරණ දඬුවම
2024 අප්‍රේල් මස 29 30 0

කොණ්ඩා කපන ස්ථානයකදී ඇතිවූ බහින් බස් වීමක් හේතූවෙන් පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු විත්තිකරුවන් දෙදෙනෙකුට මරණීය දණ්ඩණය නිය


රට ගැන හිතන්න අනුර ඉල්ලයි
2024 අප්‍රේල් මස 29 132 0

විදේශවල සිටිය ද ශ්‍රී ලංකාව අත්නොහැර ශ්‍රී ලංකාව පිළිබඳ අවධානයෙන් සිට අපේ රටට සහ රටේ පුරවැසියන්ටත් හොඳ අනාගතයක් ප්‍රාර්ථනා කළ යුතු බවත් ඔබත් ඔබේ දරුව


ශ්‍රී සුමංගල නාහිමි ගුණ සමරා
2024 අප්‍රේල් මස 29 36 0

විද්‍යෝදය පිරිවෙනේ නිර්මාතෘ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ 113 වන ගුණ සමරු උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අද (29) පෙරවරුවේ පැව


මැයි රැළියට පොලිසියේ 9000ක්
2024 අප්‍රේල් මස 29 72 0

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන මැයි 01 දින පෙළපාලි සහ මැයි දින රැළි වෙනුවෙන් දිවයින පුරා පොලිස් නිලධාරීන් 9000 කට වැඩි සංඛ්‍යාවක් යොදවන බව පොලිස් මා


ව්‍යාපාරිකයා ඔහුගේම මෝටර් රථයට යටවී මරුට
2024 අප්‍රේල් මස 29 974 0

බියගම සියඹලාපේ ගලහිටියාවේ ව්‍යාපාරිකයකු තමාගේම මෝටර් රථයට යටවීමෙන් මරණයට පත්ව ඇති බව සපුගස්කන්ද පොලිසිය පවසයි .


ඇල්ල නායයාම් ගැන වාර්තාවක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 29 250 0

බදුල්ල කරඳගොල්ල ප්‍රදේශයේ ඇල්ල - වැල්ලවාය මාර්ගය ආසන්නයේ ඉකුත් 21 වන දින ඇති වූ නායයෑම් තත්ත්වය පිළිබදව වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස ආරක්‍ෂක රාජ්‍ය අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 383 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1782 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1613 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site