IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කතරගම දේවාලයේ ඇත් පැටවකු ‘උස්සන්න‘ හදලා

රුහුණු කතරගම මහා දේවාලයට අයත් බව කියන භානු නම් අලි පැටවා රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයකු පැමිණ රැගෙන යෑමට තැත් කර ඇතැයි දැනගන්නට තිබේ.

2009 වසරේ දී දේවාලයට ලැබුණු ඇත් පැටවා ප්‍රසිද්ධ දේශපාලනඥයකුගේ ගමක   ගාල් කරන බව කියමින් රැගෙන යෑමට උත්සාය කළ බව සඳහන්ය.

එලෙස ආ පුද්ගලයා ප්‍රභූවරයකුගේ පුත්‍රයකුගේ හිතවතකු බවත්, 2009 සිට 2011 වසර දක්වා අලියාගේ හිමිකාරත්වය සහිත බලපත්‍රයක් පෙන්වූ බවත් දැනගන්නට තිබේ.

2009 සිට මේ ඇත් පැටවා නඩත්තු කිරීමට හා ඇත් ගොව්වන් සඳහා කතරගම දේවාලයෙන් විදයම් කර ඇති බවත්, වෛද්‍ය පහසුකම් ආදිය ද දේවාල අරමුදලින් ලබා දී ඇති බවත් කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩී පී කුමාරගේ මහතා කීවේය.

තමන් රාජකාරි අරඹද්දී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දේවාලයට අයත් චංචල හා නිශ්චල දේපල බාර දෙද්දී මේ අලි පැටවා ද තමන්ට ලබා දී තිබිය දී  වෙනත් පුද්ගලයකු පැමිණ අලියා රැගෙන යෑමට තැත් කිරීම නීති විරෝධී බව ද, වසර හතක් ඇත් පැටවා වෙනුවෙන් කළ වියදම් ගැන ගැටළු ඇති බැවින් මේ අලියා ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටි බව ද කුමාරගේ මහතා පැවසීය.



අදහස් (0)

කතරගම දේවාලයේ ඇත් පැටවකු ‘උස්සන්න‘ හදලා

තුෂාර Sunday, 16 August 2015 01:29 AM

රූපවති ලංකාවේ නෙමෙයි වගේනේ කතාව. (නි)

:       0       0

රූපවතී Sunday, 16 August 2015 06:17 AM

තුෂාර, ලංකාවේ නිසා තමයි ඔලු නැති මිනිසුන් කරන පව් වැඩ ගැන හෙළාදකින්නේ.පිටරටවල මෙහෙම දේවල් වෙනවා අඩුයි. මොකද ඒ මිනිසුන් පරිසරයට සතුන්ට ගොඩාක් ආදරෙයි.අපේ රටේ තාම පවුලටවත් ආදරය නැති මිනිසුනේ, සතුන්ටවත් ආදරය කරලා කරුණාව දයාව හදවත් වල ඇති කරගනිල්ලා. (නි)

:       0       0

විජේසුරිය Sunday, 16 August 2015 06:28 AM

අලි ඇත්තු අපේ සම්පතක් (නි)

:       0       0

ඉමාෂි Sunday, 16 August 2015 06:30 AM

පවු අහිංසක සත්තු! (නි)

:       0       0

රූපවතී Saturday, 15 August 2015 06:16 PM

ඇයි මේ සතුන්ව කැළයට මුදාහරින්නේ නැත්තේ? ඇයි කිසිම දේවස්ථානයකට, පන්සලකට, මැති ඇමති කෙනෙකුට..තියා කිසිම කෙනෙකුට මේ අලින් අයිති කරගැනීමට නොහැකි පනතක් රටේ වගකිවයුත්තෝ ඇති නොකරන්නේ..? මේ අසරණ සතුන්ට කැලය නම් උන්ගේ වාසස්ථානය ඇයි මිනිසුනේ අහිමි කරන්නේ ..? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site