IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කතරගම චූටි කපුරාල අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් එම දේවාලයේ භාරකරු ලෙස කටයුතු කළ  චූටි කපුවා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

සැකකරු එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (19) පොලිසියට බාර වීමෙන් අනතුරුවය.

ඒ සම්බන්ධයෙන් එම සැකකරුගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී යෙක් පැවසීය.

රන් තැටිය අස්ථානගත කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු වන කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපු ධූරය හොබවන සොමිපාල ටී රත්නායක සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් නැතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කිය.

ඉකුත් 11 වෙනි දින එම කපුවන් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කතරගම බලා පිටත්ව ගියද ඔවුන් පදිංචි නිවෙස්වල නොසිටීම හේතුවෙන් එහි ගිය කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට හිස් අතින් පැමිණීමට සිදුවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඔවුන් දෙදෙනාම ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කොළඹ ගිය බවත් පැමිණි පසු ඒ බව දැනුම් දෙන බව නිවෙස් හිමියන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක එක බාර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් පි පි ජේ නිශාන්ත මහතා ඇතුළු කණ්ඩායමට පවසා තිබූ බව ජෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

ඉන්දියාවේදී අභිරහස් ලෙස මියගිය බව කියන සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා නමැත්තා ගේ බිරිඳවන අබේසිංහගේ නිසංසලා නමැත්තිය සිය පුතුගේ අපල දුරු වීම සඳහා ඔහුගේ නම කොටා ,අංගොඩ ලොක්කාගේ වයසට සරිලන ලෙස පවුම් 38 ක බරකින් යුත් රන් තැටියක් සාදා 2019 ජූලි මස 3 වෙනි දින කතරගම මහා දේවාලය වෙත පූජා කර තිබිණි.

එය පූජා කරන අවස්ථාවේදී තේවාව භාරව සිට ඇත්තේ අත් අඩංගුවට ගැනීමට සොයන සැකකාර සොමිපාල ටී රත්නායක නමැති ප්‍රධාන කපු මහතා බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පූජා කරන ලද එම රන් තැටිය සති දෙකකට පමණ පසු ප්‍රධාන කපු මහතාගේ කාමරයේ තබා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (4)

කතරගම චූටි කපුරාල අත්අඩංගුවට

dasun Tuesday, 19 December 2023 01:00 PM

ඒ වුණත් රත්තරන්නේ... මේවා හතරබීරි විමර්ශණ...

:       0       0

Rata Perata Tuesday, 19 December 2023 01:17 PM

කුඩු සල්ලි වලින් පුජාකරල කතරගම දෙයියන්ගෙන් අශිර්වද ඉල්ලනව. එක කපුව හොරකම් කරනව. දැන්වත් මෙ මිත්‍යව තේරුම් ගන්න.

:       0       23

පැරකුම් Tuesday, 19 December 2023 02:55 PM

අංගොඩ ලොක්කා නමැති පාතාලයාගේ අපරාධ කලු සල්ලි වලට යන කල පේනව නේද. ඔහුටවත් පවුලටවත් ලමයින්ටවත් සහනයක් නැතිව දුක් විදිනව නේද. මේව කාට කාටත් හොද පාඩම්. කලු සල්ලි හොයපු නිලධාරීන්ටත් දේශපාලුවන්ටත් වෙන්නෙ ඔයටිකම බව දැන් දැන් පේනව නේද. දේවාලෙ කපුවො ගැන කියන්ක නම් පොතක් ලියන්න වෙයි.

:       0       21

Raheem Thursday, 21 December 2023 09:14 AM

කපුවා කපෝති කතරගම දේවාලයට දෙයියන්ගේම පිහිටයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site